The consumer


ජීවිතේ හරි සරල විදියට ගෙවුනා. අද ඊයෙ නම් නෙමෙයි. මෙයට වසර ගානකට කලින්. අද අපි නවීකරණය වෙලා. ජනප්‍රිය ලෝකයක නවීන බඩු භාහිරාදිය අපේ සරල ජීවිතය අපෙන් ඈතකට අරන් ගිහින්. අපේ ආදි මුතුන්මිත්තන් අතීතයේ තම සීමිත අවශ්‍යතා මතින් ජීවිතය සරලව සතුටින් ගෙව්වා . නමුත් අද වන විට තාරුණ්‍ය  වෙළද නාමයන් ( brand ) මතින් ජීවිතය දකින්න පුරුදු වෙලා. The consumer එවන් brand එක පදනම් කරගෙන චරිතයක් වටා ගොඩ නැගුන කෙටි චිත්‍රපටයකි. ප්‍රියනාත් විදානපතිරණයන් මෙහි සියුම් අධ්‍යනයක් මගින් විශේෂිත වූ කෝණයකින් බලමින් සිද්ධි දාමයක් මෙලෙස ගොඩ නගා ඇත. අපි කතා කරමු මේ ගැන.
                                    එක් තරුණයෙක් තවත් තරුණියක් සමග ආදරයෙන් බැදෙනවා. නමුත් එක් අවස්තාවක ඔහු අතින්ම ඇය ඝාතනයට ලක් වෙනවා. ඉතින් මෙයට නවීකරනය වූ ලෝකයක, අපට ලගා කරගත නොහැකි හීන පස්සෙ දුවමින් යම්කිසි brand සංකල්පයක් මතින් ජීවිතය අතරමං වූ තරුණයකුගේ කතාවක් මෙම චිත්‍රපටය තුලින් ප්‍රතිනිර්මාණය කරයි. මේ මරණයට සැබෑවටම ඔහු වරදකරු ද?  ජන මාධ්‍ය කෙලෙස මහජනතාවගේ සිතැගියාවන් මාධ්‍ය තුලින් වෙනස් කිරීමට සමත් වී ඇත් ද? මෙම ගැටළු වලට මනාකොට පිලිතුරු දීමට සමත් වන ලෙස මෙම චිත්‍රපටය නිර්මාණය කොට ඇත.
              වරක එහි එන චරිතයක් (මනෝවෛද්‍යවරයකු විය හැක) මෙම තරුණයාගෙන් මෙසේ අසනවා.
                          " ඔබ මෙම මරණයට වරදකරු ද?                     නිවරදිකරුද? "
එවිට ඔහු පිලිතුරු දෙන්නේ
                          " නැහැ. මම වරදකරු නොවේ "
යනුවෙනි.
සැබෑවටම මොහු මෙම මරණයට වරදකරු විය හැකි ද?
මොහු තම ආදරවන්තිය පළමුව දකින දවසේ ඔහුගේ නෙත ගැටෙන්නේ ඇය ඇද පැළද සිටින දේවල් ය. ඔහුගේ ආකර්ශනය ඇය මතින් යම්කිසි භාන්ඩයක brand එකකට ලැබෙනව.
                          



                         ඒවගේම වර්තමාන තාරුණ්‍යයේ සිහිනයන් සේම ලොකු ලස්සන නිවසක්, මිල අධික වාහනයක්, රෝයල wedding  එකක්, ආදී ලගා වීමට ටිකක් අපහසු මනෝ ලෝක වල අතරමන් වෙනවා. අපි නිකන්ම නිකන් සිහින දැක දැක පමණක් හිටියොත් ඒ සිහින සැබෑ වෙනවද? නැහැ. අපි ඒ වෙනුවෙන් වැඩ කළ යුතුයි. යම් කාලයක් ගතවන විට අර සියලූම සිහින සැබෑකරගත නොහැකිවීම නිසා මානසික ආතතිය ඇති වීම සිදුවිය හැකි දෙයක්. මේ චිත්‍රපටයට අනුව දිනක් ඔහු රූපවාහිනිය නරඹන විට යම් වෙළද දැන්වීමක් දනිනවා. එහි පෙන්වන්නේ හොදින් කැපෙන පිහියක් පිළිබද ප්‍රචාරය කිරීමකි. එහි දී ඔහු දකින්නෙ ඉතා හොදින් මස් කෑල්ලක් කපන ආකාරය යි. එහිදී ඔහුට එවන් පිහියක් භාවිතයෙන් එම brand එක සහිත පිහියක් පරික්ශාවට ලක් කිරීමට පෙළබෙනවා.
                        ඔහු එම තත්වයට පත් කිරීමට ජනප්‍රිය සංස්කෘතියත් සමගම මුසු උන ජනමාධ්‍ය එක් ආකාරයක උත්තේජනයක් වූවා නොවේ ද? එබැවින් ඔහු මෙම මරණයට වරදකරු වන්නේම ද? ප්‍රියනාත් ප්‍රේක්ශකයාට හිතන්නට යමක් භාරදී ඇත. මාධ්‍ය තුලින් ග්‍රාහක මනසට අනිසි ලෙස බලපෑම් කරන බව වර්තමානයේ තාරුණ්‍යයේ ඇවතුම් පැවතුම් නිරීක්ශණයේ දී මනාව පැහැදිලි වේ.


                               වර්තමානයේ සෑම කුඩා දරුවකුම smart phone භාවිතයට පුරුදුව ඇත. තාරුණ්‍ය i phone, apple phone ආදී brand නාමයන් තුලින් තම ජීවිතය දකියි. තම ආදායම තත්වයට බොහෝමයක්  දුරින් ඇති හීන පසුපස හඹා යන බොහෝ ජීවිත තම හීන වල අතරමං වුන අවස්ථා අප සමාජයෙන්ම උදාහරණයට ගත හැක. ප්‍රියනාත් විදානපතිරනයන්ගේ අදහස් වලට අනුව ජනප්‍රිය සංස්කෘතියත් සමග එන KFC.,ODEL , Dominoz , ආදී ආයතනයක් කරා තාරුණ්‍ය ඇතුළුව අනෙක් සමාජය ඇදී යන්නේ මධ්‍ය තුලින් කෙරෙන යම් පෙළබවීමක් නිසාය.
Dominoz එකට ගිහින් රුපියල් 600 විතර ගන්නා කෑම වේල ඒ ලෙසටම ඒ අයුරින්ම ඒ අසලම ඇති සිංහල හෝ වෙනත් කඩයකින් රුපියල් 100 ,150 වැනි අවම මිලකට ගත හැකිය. එහෙත් අපි brand නාමයකට එසේත් නැතිනම් කවුරුත් ප්‍රසිද්ධ ස්ථානයකින් දෙයක් ගැනීමට උනන්දුවක් දක්වයි.
The consumer මේ පිළිබද ඉතා හොදින් යටි පෙළක් ලබා දෙන කෙටි චිත්‍රපටයකි. එහි උඩ පෙළ සේම යටි පෙළ ගැන අප විමසිය යුතුය. සමාජයේ ජීවත් වෙමින් හීන ලෝක වල නොව හීන සැබෑකර ගැනීමට කටයුතු කරයි. දකින්නට හැකි හීන දැකිය යුතුයි. පුංචි දෙයින් සතුටක් ලැබිය හැකි පරිදි ජීවත් විය යුතුය. නැතහොත් ඉහත කෙටි චිත්‍රපටයේ සේම ආතතිය, මනසේ ඇති වන ව්‍යාකූලත්වය නිසා වර්තමානය හරි හැටි තේරුම්ගත් නොහැකි තත්වයක් ගොඩනැගිය හැක.


                                                   සටහන : R.M.B.M.Rathnayaka.

No comments:

Post a Comment