කියවීමෙන් මිනිසා සම්පූර්ණ විය....

කියවීමෙන් මිනිසා සම්පූර්ණ විය....


ශ්‍රී ලාංකාවේ වාර්ෂිව පතා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනක් මහජනයා හට විවෘත විය. මෙම වසරේදී ද එය අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය වසර මෙන් මෙම වසරේදී ද එය සාර්ථක අන්දමින් සිදු කෙරුණි. විශාල මහජන සංඛ්‍යාවකගෙන් පිරී ඉතිරෙන කොළඹ BMICH පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය විය. එමෙන්ම මෙම ප්‍රදර්ශනය උදෑසන 9 සිට රාත්‍රි 9 දක්වා පුරා හෝරා ගණනාවක් විවෘතව තිබෙන බැවින් එය ජනතාවට මහගු අවස්ථාවක් මෙන්ම විශාල වාසියක් ද අත්විය. එමෙන්ම මහජනයා හට සුපිරිම වට්ටම් සහිත පොත්පත් සහ පාසල් උපකරණ ද මිලදී ගැනීමේ හැකියාව ද ඇත.

පොත පතට ආදරය කරන කුඩා මහලු භේදයකින් තොරව මෙය ප්‍රදර්ශනය සහභාගී විය. මෙම ප්‍රදර්ශනය තුළ සම්මන ලත් ස්වර්ණ පුස්තක, නවතම පරිවර්තනය පොතපත, බාහිර අද්‍යාපනය සදහා වූ පොතපත, කුඩා දරුවන්ගේ සිට උසස් අද්‍යාපන සදහා වූ විවිධ විෂයන්ගෙන් සහිත පොතපත මෙකී නොකී පොත්පත් රාශියක් මෙම ස්ථානයෙදී දක්නට හා සුපිරිම වට්ටම් සහිතව මිලදී ගැනීමට ද ඔබට මට ලැබෙන අනගි අවස්ථාවක් විය.

“කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි”. මෙම ආදර්ශමත් වැකිය ඔබගේ හා මගේ ජීවිතයට ඉතා ගැඹුරු පණිවිඩයක් එකතු කරයි. කියවීම තුළින් මිනිසා බොහෝදේ දැනුම ලබා ගන්නා අතර ඔහුට හෝ ඇයට කාලීන සමාජයත් සමග ගැටීම ඉතා පහසුවක් විය. මන්ද ඔහු හෝ ඇයගේ බුද්ධය, කියවීම තුළින් වර්ධනය වීම හේතු වී ඇත. අප ද කියවීම නිතරම ප්‍රගුණ කිරීම තුළින් සමාජයත් සමග ඒකරාශි වීමට හැකියාව ඉඩ ප්‍රස්ථාව වැඩි වී ඇත.
වර්තමාන වන විට අපගේ නව තරුණ පරපුර පොතපත කියවීමෙන් ඈත් වී සිටී. එයට ප්‍රධාන හේතුව තාක්ෂණයත් සමග ඔවුන් ගැටීම නිසාය. නමුත් අප තාක්ෂණයත් සමග නිතර ඇබ්බැහිව ගණුදෙනු කිරීම තුළින් අප පොතපත පරිශීලනය කිරීමේ සීමාවද අඩු විය. ඒ තුළින් අපගේ තර්කික බුද්ධිමය හැකියාව ද අඩු වී යනු නියතය.



අප පොතපතට ආදරයෙන් පරිශීලනය කිරීම තුළින් අපගේ තාර්කික චින්තනය ද දියුණු වී, තාර්කිකව නිවැරැදිව පිළිතුරු දීමේ හැකියාව ද වර්ධනය විය. අපට රත්තරන් ලෙස වටිනා අපගේ කාලය මොහොතකට පොතපත වෙනුවෙන් වෙන් කිරීම තුළින් අපගෙ ජීවිතයම ද ආලෝකමත් විය. එමෙන්ම අපගේ ඉදිරි අනාගත ජීවිතයට මහගු අඩිතාලමක් වනු නියතය. ඉතින් මගේ ආදරණීය සහෝදර සහෝදරියනනී, අප පොතපත කියවීමෙන් අපගේ දැනුම, බුද්ධය පමණක් වර්ධනය කර ගැනීම සීමා නොකර, අපගේ ඉතිරි නව පරම්පරාවට ද ගැඹුරු ආදර්ශයක් එක් කරමින් ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමට ද අපගේ යුතුකමක් හා වගකීමක් ද විය.

                                                           

                                                                                -  දිලිනි පෙරේරා 



No comments:

Post a Comment