විශ්ව විද්‍යාල භූමියක් වූ වගුරු බිම තම දස වෙනි උපන් දිනය සමරයි........
තෙත් බිමක් යනු අධික තෙතමනයකින් යුත් පස් සහිත ප්‍රදේශයකි. වගුරු බිම, හැල , ගොහුරු බිම වැනි විවිධ නම් වලින් තෙත් බිම හඳුන්වයි. භෞතික භූ විද්‍යාත්මක වශයෙන් නිර්වචනය කළහොත් තෙත්බිමක් යනු භෞතික පරිසර පද්ධති හා ජලජ පරිසර පද්ධතියේ අතරමැදි ආකාරයක් වන අතර එම පරිසර පද්ධති දෙකෙන්ම වෙනස් ලක්ෂණ සමාන වූවත් එම පද්ධති දෙකම මත රඳා පවතින ප්‍රදේශයකි. කෙටියෙන් දැක්වුවහොත් තෙත්බිමක් යනු සංක්‍රමණ කලාපයකි. රත්මලාන ප්‍රදේශයේ අතීතය දෙස ද හැරී බලන විට එහි පිහිටා තිබූ මෙවන් වූ බිම් කොටසක් පිලිබඳ සුන්දර වු කතා පුවතක් ඇත. ඒ සුන්දර වු කතා පුවතයි මේ,
අත්තිඩිය වගුරු බිම යන නමින් හැදින් වූ මෙමෙ බිම් කොටසෙහි කිසිදාක සුවිශාල ගොඩනැගිලි ඉදිවේයැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. නමුත් එය එසේම සිදු විය. 1985.11.11 වන දින එනම් ජේ.ආර්.ජයවර්ධන මැතිදුන්ගේ සමයේ මෙම වගුරු බිම තුල ජාතික තාක්ෂණ ගුරු පුහුණු විද්‍යාලයක් බිහි විය.ඉන් පසු 1998 වර්ශයේ එනම් චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංග මැතිනියගේ සමයේ එහි දෙවන ආයතනය වන ශ්‍රි ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය බිහි විය. ඉන් අනතුරුව විශාල පෙරලියක් සිදු කරමින් ශ්‍රි ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය ඇති එකම විශ්ව විද්‍යාලය වෙමින් 2009.03.31 එනම් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ සමයේ මෙහි තෙවන ආයතන වන ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය බිහි විය. එතැන් පටන් ඇරඹුණු ගමන ඉතාමත් සාර්ථක කරමින් ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය 2019 තම දසවන උපන්දිනය සමරනු ලබයි. ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණික විශ්ව විද්‍යාලය කාර්මික හා තාක්ෂණික දැනුමෙන් හෙබි සිසුන් සදහා උසස් අධ්‍යාපන වරම් ලබා ගැනිමේ අභිලාෂයෙන් විවෘත වේ.
මෙහි 1985 ඉදි වූ පැරණි ගොඩනැගිල්ල, 2005 ඉදි වූ නව ගොඩ නැගිල්ල, 2013 ඉදි වූ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය හා 2016 ඉදි වූ මාධ්‍ය මැදිරි කේන්ද්‍රය හා දේශපාලන සංකීර්ණය ලෙස ප්‍රධාන ගොඩනැගිලි කීපයක් ඇත. ඊට අමතරව ආපනශාලාවක්, ශ්‍රවනාගාරයක්, නව බුදු මැදුරක්, නේවාසිකාගාර ගොඩනැගිලි දෙකක් හා ජල ටැංකිය, ගබඩා කාමරය යන ලෙස ගොඩනැගිලි කීපයක්ද දක්නට ලැබේ. ඒ තුලින්ම වසර දහය පුරාවට මෙහි කොපමණ වර්ධනයක් සිදු වී ඇත්දැයි යන්න අපට වටහා ගත හැකිය. එමෙන්ම මෙමෙ විශ්ව විද්‍යාලයේ විශේෂත්වය නම් උසස් පෙළ සමත් සිසුන්ට හා ජාතික නිපුණතා මට්ටම් සම්පූර්ණ කළ සිසුන් යන දෙපාර්ශවයටම අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව උදා කර තිබීමයි. මෙමෙ විශ්ව විද්‍යාලයේ නිල ලාංජනය නිර්මාණය කොට ඇත්තේද ජාතික නිපුණතා මට්ටම් පෙන්නුම් කරන ලෙසයි. යාව ජීව ජීව අධ්‍යාපන සැමට යන්න මෙහි තේමාව කොටගෙන ඇත.
වර්තමානය වන විට මෙහි පීඨ දෙකක් යටතේ උපාධි පාඨමාලා පවත්වගෙන යනු ලබයි. කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨය යටතේ දෙපාර්තමේන්තු අටක් හා උපාධි පාඨමාලා නවයක් ද, පුහුණු තාක්ෂණික පීඨය යටතේ දෙපාර්තමේන්තු හතරක් හා උපාධි පාඨමාලා හයක් ද, සතිඅන්ත පාඨමාලාද පවත්වාගෙන යනු ලබයි.
මෙමෙ විශ්ව විද්‍යාලය තරග රාශියකින් ජයග්‍රහණයන් ලබාගෙන ඇති අතර දැනට ලංකාවේ ඇති එකම වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ලෙස ඉහල තැනකට පත්වෙමින් පවතිනු දැකීම ඉමහත් සතුටකි.
වසර දහයක් පුරාවට කෙමෙන් කෙමෙන් දියුණුවට පත් වෙමින් ලෝකය දැනුවත් කරමින් ලෝකයට වැඩදායී උගත් බුද්ධිමත් උපාධිධාරීන් පිරිසක් බිහි කළ ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය වසර දහයක් පුරාවට පැමිණි විටක සුන්දර වූ විටෙක කටුක වූ දිගු ගමන ඉතා සුන්දරය. ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ දසවෙනි සංවත්සරයට මාගේ හදපිරි සුභ පැතුම් එක් කරමින් මාගේ සුන්දර වගුරු බිමෙහි අපූරු කතාංගය මෙතනින් නිමාවට පත් කරමි. MAPT/19/B1/34


No comments:
Post a Comment