සාක්කි තුනක්


සිතාගත නොහැකි විදිහට නැවතත් සිංහල කෙටි කතා පොත බෑලීමට මම වාසනාවන්තයෙක් වීමි.මන්ද උසස්පෙළ හදාරන කාලයේ සිටම මගේ අතෙහි රැදී තිබුනේ කෙටිකතා පොතයි. ඇත්තෙන්ම සිතෙහි පුංචි දුකක් රැදුනේය. ඩබ්.ඒ සිල්වා,මාර්ටින් වික්‍රමසිංහ ,ඒ.වී සුරවීර,දයාසේන ගුණ්සිංහ වැනි උගතුන් සමග සිටි ඒ කාලය මාහට අමතක නොවේ .වෙලෙන්ති වෙදාගෙන් උගත් පාඩාම්,ලොකු හාමිනේගේ තිබූ උද්ධච්ඡකම ,භාග්‍යාලා අපේක්ෂලා වැනි චරිත මට තවමත් සිහියට නැගෙයි.ඒ මම කෙටිකතා පොතේ උගත් පාඩම්ය.
 
නමුත් මා රහස් පරීක්ෂක කතා බැලීමට ,ඇසීමට ගිජු අයෙක් වීමි. එපරිද්දෙන් ම කෙටිකතා පොතෙ මා සදහන් නොකල එක් කෙටි කතාවකි.පෙර සදහන් නොකලයේ කතාවේ අගය අඩුවේ යැයි සිතූ නිසාය. "සාක්කි තුනක්"ඇත්තෙන්ම කතාවේ නම කියූ විටම හැගෙනුයේ පොලිසිය යි. කුතුහල මනාකොට රස්වත් අයුරින් ලියනු ලැබුවේ කේ.ජයතිලක මහතා විසිනි.මා වැඩි විස්තර සදහන් නොකරම කෙටි කතාව තුල ඇති චරිත සදහන කරන්නම්.පොලිස් භටයා:- මොහුගේ පොලිස් වාර්තා වෙන් කතාව නිර්මාණය විය,කතකයා,අනෙක් සෙසු චරිත නම් ජයවර්ධන වීරසේකර මුදලි,සූජීව :-මුදලිගේ පුත්‍රයා,පොඩි නා, සුදනි මේ මොවුන්ගේ කතාවයි.මෙමෙ චරිත තුලින් සක්කි තුනක් කෙටිකතාව නිර්මාණය විය.

"සාක්කි තුනක්" කතාවේ චරිත ,කර්තෲ,සියල්ල සූදානම් ය. ඇත්තෙන්ම කතකයා සදහන් කරන අකාරයට කතාවේ සාක්කි තුනක් දක්නට ලැබේ. පොලිස් භටයා කතකයාහට මුලින් වැදගත් නොවු අයෙක් ලෙස පෙනී ගියද ඔහු විසින් ගෙනෙනු ලැබූ මෙමෙ අභිරහස් වාර්තව දුටු විට කතකය්ගේ සිතෙහි ඇදී තිබූ සිතුවම සම්පුර්ණයෙන්ම වෙනස් වී ගියේය.මන්ද දෙදෙනාම එකම සිතුවිලි ගොන්නකට අයිතිකරුවන් වූ නිසාය.සාක්කි තුනෙන් මා අලුම් කරන සාක්කිය නම් දෙවැනි සාක්කියය. ඇත්තෙන්ම මෙම සාක්කි තුන එකිනෙකට පරස්පර වූ සාක්ශි වීම මෙම කතාවට හේතුඵල විය.පෙර සදහන් කරනු ලැබූ වීරසේකර මුදලි,සුජීව (වීරසේකර මුදලිගේ පුත්‍රයා),සුදනි (මරමුවට පත් පොඩි නා ගේ දියනිය ) දැන් හැගෙනු ලබන කරුන වන්නේ කටත් මොකක්ද මේ සාක්කි තුන යනුයි.මා මෙලෙස සාරාංශ කොට කියමි.වීරසේකර මුදලි ගේ නිවසේ සිටි මෙමෙ මෙහෙකාර පොඩි නා සුජීව අතින් හෝ වීරසේකර මුදලි අතින් මැරුම් කෑ බව කියන අතරම සුදනි නම් දැරිය පවසන ආකාරයට වෙනත් පුද්ගලයෙක් මරා දැමූ බව කියනු ලබයි.දැන් මම යනු ලබන්නේ මෙමෙ සාක්කි තුනන් මම ප්‍රිය කරන දෙවැනි සාක්කියට ය.

මේ සූජීවගේ අත්දැකීමයි.සූජීව යනු නිවෙසට කොටු වී හැදී වඩුනු තරුණයෙකි.කොළඹ අධ්‍යාපනය හදාරා පසුව නිවෙස්ට වී සිටීම මොහුට සිදුවිය කෙමෙන් ඔහුගේ වයස විවාහය දක්වා යාමට හෙතුවිය .ඇත්තෙන්ම මෙය කියූ විට මාහට හැගෙනු ලබන්නෙ වරදකරුවකු කරනු ලබන පාපොච්චාරණ යක අවසත්තාවකි. එතරම් රචකයා එය කුතුහලය දනවන ලෙස ලියා තිබේ.ඉගනීමට එතරම් අශාවක් නොවුවද පියාගේ කීමට ඔහු ඉගෙන ගත්තේය.කෙසේ වුවද සුජීවගේ විවාහ මංගල්‍යය ට පෙර මෙම මිනීමැරුම සිදු විය.සුජීව සදහන් කරන අකාරයට සුදනි ඉතාමත් රූමත් තරුණියෙකි .එමෙන්ම ආඩම්බර කාරියකි.සුජීව තම විවාහය පියාගේ කීමට කරනු මිසක කැමැත්තක් නොවීය.මිනී මැරුම වූ රත්‍රියේ යම් ශබ්ධයක් අසූ බවත්, සැනින් ගිය ඔහු දුටුවේ බිම ඇද වැටුනු පොඩිනාය. මෙය සාක්කි තුනක් කෙටි කතාවේ දෙවන සාක්කියයි.පියා සුජීවටත් ,සුජීව පියටත් අගිල්ල දිගුකරනේ මොවුන් පොඩි නා මැරූ බවටය.නමුත් හුදෙකලාව සිටින තුන්වන විත්තිකාරිය පවසන්නේ තම මව මැරුවේ වෙනත් අයෙකු බවය. එකිනෙකට පරස්පර වූ සාක්කි තුනක් කෙටි කතාව් පඨකයා හට ප්‍රශ්නාර්ථයක් ගෙනු ලබෙන්නෙ පොඩි නා මැරුවේ කවුද යන්නය.
එය තවමත් නොවිසදුනු සාක්කි තුනක් ය.
 
Sapun Hansana Rajapksha
MAPT/19/B1/17

No comments:

Post a Comment