අධ්‍යාපනය යනු වරප්‍රසාදයක් නොව අයිතියකි..
වෘත්තීය හා තාක්ෂණික ක්ෂේත්රයේ විද්‍යාර්ථීන් ලොවට දායාද කරන ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය තාක්ෂණික විශ්ව විද්‍යාලය ලෙස ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය හැදින්විය හැකිය.රත්මලාන නම් වූ කාර්මික නගරය තුළ නිදහස් මනරම් භූමි ප්‍රදේශයක පිහිටි මෙම විශ්ව විද්‍යාලය සිසුවෙකුට සරසවි ජීවිතය විදින්නට ඇති මනරම් ස්ථානයක් ලෙස අවිවාදයෙන් යුතුව පැවසිය හැකිය.
2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාල පනත මගින් සම්මත වී 2009 වසරේ එවක සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ ඇරඹි මෙම විශ්ව විද්‍යාලය සුවහසක් දරුවන්ගේ සරසවි සිහිනය යතාර්ථයක් බවට පත් කල සිහින පාරාදීසයක් ලෙස මා හදුන්වා දෙමි. ජාතික නිපුණතා මට්ටම් සපුරා ඇති සිසුන්ට තම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමට අප විශ්ව විද්‍යාලය මගින් අවස්තාව ලබා දී ඇත. වර්තමානය වන විට උසස්පෙළ Z අගය පදනම් කර ගනිමින් උසස්පෙළ සමතුන් හට මෙම විශ්ව විද්‍යාලයේ දොරගුළු විවර වී තිබේ.
විශ්ව විද්‍යාලයේ වර්තමාන කුලපති විද්‍යාජෝති ප්‍රවීන මහාචාර්ය දයන්ත.එස්.විජේසේකර මහතා ය. උපකුලපති මහාචාර්ය ජී.එල්.ඩී.වික්‍රමසිංහයන් වන අතර අධ්යක්ෂ ජෙනරාල් නිල්මිණි දියබෙදනගේ මහත්මියයි.අධ්‍යන කාර්යය මණ්ඩලයේ මෙන්ම අනධ්‍යයන කාර්යය මණ්ඩලය විශ්ව විද්‍යාලයේ ඉදිරි ගමනට ඉටු කරන මෙහෙය අති මහත්ය.
පීඨ 2, දෙපාර්තමේන්තු 11, පාඨමාලා 15ක් සහිත වන අතර සතියේ දින පාඨමාලා හා සති අන්ත පාඨමාලා වේ.වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය තුළ දැනට විද්‍යාර්ථීන් 1850ක් අධ්‍යාපනය ලබයි.
"යාවජීව අධ්‍යාපනය සැමට" යන පාඨය යටතේ අනෙකුත් විශ්ව විද්‍යාලයන්ට වඩා වෙනස් වූත් සුවිශේෂී වූත් විශ්ව විද්‍යාලයක් ලෙස අප විශ්ව විද්‍යාලයේ ආසියාවේ විශ්ව විද්‍යාලයකට හිමි විශාලතම චිත්‍රාගාරය පිහිටා තිබේ.තවද ශ්‍රී ලංකාව තුළ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සපයන එකම විශ්ව විද්‍යාලය ද වේ.
වර්තමානය වන විට Univotec යන නම සමග බොහෝ දෙනා සිතන්නේ මෙය අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙසිනි.නමුත් Univotec යනු University of vocational technology යන්නයි. මෙම හේතුව නිසා වර්තමානයේ Uovt යන නම සමාජයට ගෙන ඒමට කටයුතු කරයි.
තාක්ෂණික විශ්ව විද්‍යාලයක් වුවද අප විශ්ව විද්‍යාලය බිහි කරන්නේ පොත පතට පමණක් සීමා වූ යන්ත්‍රයක් පමණක් ක්‍රියා කරවිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන රොබට් කෙනෙකු නොවේ. මනුසත්කමින් පිරිපුන් සෑම ක්ෂේත්රයක්ම අතික්‍රමණය කල දක්ෂයෙකි. සැබැවින්ම මෙහි සිටින්නේ දක්ෂයින් ය.වර්තමානය වන විට බොහෝ ක්ෂේත්රයන් ඔස්සේ දස්කම් දක්වන මෙම විද්‍යාර්ථීන් ආසන්නව තාක්ෂණික අංශයේ ඔවුන් ලබාගත් ජයග්‍රහණයක් ලෙස ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පවත්වන ලද Robot Battle 2018 පළමු තෙවන සිව්වන ස්ථාන හිමි කර ගැනීමයි.
2019/20 අධ්‍යන වර්ශයේ හදුන්වා දුන් B.Tech. in Media Arts production technology යන උපාධි පාඨමාලාව නිසාවෙන් මා හටද මෙම විශ්ව විද්‍යාලයේ විද්යාර්තයෙකු වීමට අවකාශය ලැබුන අතර එය මගේ ජීවිතය තුල මා ලද විශාලතම භාග්‍යකි. ඒ පිළිබඳ මා පෞද්ගලික බෙහෙවින් ආඩම්බර වෙමි.
කුඩා කාලයක් වුවද අප විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඉහලින්ම සිටියි. ආරම්භ වී දස වසක් සපිරෙන මා සරසවි මෑණියන්ට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඉහළ නාමයක් දිනා සුවහසක් විද්‍යාර්ථීන් බිහි කර චිරාත් කාලයක් වැජඹීමට අවැසි ශක්තිය ලැබේවායි තාක්ෂණික සරසවි මෑණියන්ගේ දරුවෙකු වශයෙන් මා ප්‍රාර්ථනා කරමි....
M.M.H.P.K.De.Silva
MAPT/19/B1/02
No comments:
Post a Comment