අවුරුදු 10ක ශ්‍රී ලංකා වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ගමන් මග


           
   මුල් කාලයේ විශ්වවිද්‍යාලය අත්තිඩිය වගුරු බිම ලෙස හැදින්විය. පසුව ජේ.ආර් ජයවර්ධන සමයේ ජාතික තාක්ෂණික ගුරැ පුහුණු විද්‍යාලය ලෙස 1985/11/11 ප්‍රථම ආයතනය ආරම්භ විය. ඉන් පසු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමයේ 1998 අංක 59 දරන පනත මගින් 1999/01/08 ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය පිහිට විය. අනතුරුව 2008 අංක 31 දරන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාල පනත මගින්  වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය ලෙස සම්මත වුණි. 2005 මුල් ගල තබා මහින්ද රාජපක්ෂ සමයේ  2009/03/31 දින විශ්වවිද්‍යාලය ආරම්භ සිදු විය.
 
           විවිධ විකාශන අවධි පසු කරන් ශ්‍රී ලංකා වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය 2019 එනම් මේ වසරේ 10 සංවත්සරය ඉතා අභිමානවත්ව සමරයි. එහිදී සෑම වර්ෂයක පාහේ මෙවරත් පිරිත් දේශනයක් පවත්වනු ලැබේ. එය දිගටම ක්‍රියාත්මක විම ඉතා වැදගත්ය. ශ්‍රී ලංකා වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය අවුරුදු 10 සංවත්සරය ලැබුවද එම කාල පරිච්ඡේදය තුල සිදු වු විප්ලවයන්, ශිෂ්‍ය ප්‍රජාව කල කැප කිරීම්, ආචාර්ය මණ්ඩලය කල දායකත්වය නිසා විශ්වවිද්‍යාලය ඉතා ඉහළ මට්ටමකට පැමිණි අතර එය විශේෂ සන්දිස්ථානයක් ලෙස හැදින්විය හැක.
   
            බස්නාහිර පළාතේ රත්මලාන ප්‍රදේශයේ පිහිටා ඇති වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය තාක්ෂණය සමග වෙනස් වන ලෝකයට ඔබින සියලු අංශ වලින් පිරැපුන් සිසු පිරිසක් බිහි කිරීම අරමුණු කර ගෙන සිදු කරයි. වත්මන් කුලපති මහාචාර්ය විද්‍යා ජෝති දයන්ත සේපාල විජේසේකර මහතා වන අතර උප කුලපති මහාචාර්ය ජි.ල්.ඩී වික්‍රමසිංහ මහතා වේ.
කාර්මික හා වෘත්තිය තාක්ෂණ පිඨය හා පුහුණු තාක්ෂණ පිඨය නමින් පිඨ 2 ඇත. දේපාර්තමෙන්තු 12 හා පාඨමාලා 15 මේ පිඨ 2 අතර බෙදී යයි.

                 විවිධ ජයග්‍රහණ ලබමින් මේ අවුරුදු 10 පුරාවට ලොකු ගමනක් පියමන් කර ඇත. NVQ 5,6 සම්පූර්ණ කල සිසු කණ්ඩායම් විශ්වවිද්‍යාලයට ගත් අතර පසුව 2017 වර්ශයේ සිට A/l ළමුන් z අගය පදනම් කර ගනිමින් ගත් තර එමගින් විශ්වවිද්‍යාලය තුළ ළමුන් ප්‍රමාණය වැඩි විය. ඒ අනුව ගත් කල පළමු වසරේ ඉගෙනුම ලබන මා හට මෙම විශ්වවිද්‍යාලය තුළ ඉගෙන ගැනීමට ලැබීම වාසනාවකි. මාගේ විශ්වවිද්‍යාලය තව තවත් ඉහළට වැජඹෙන්න කියා ප්‍රාර්ථනා කරමී.



මනුජ බණ්ඩාර
Mapt/B1/19/35

No comments:

Post a Comment