~~මිහිරි මතකයන්~~
"කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියා පුංචි කාලයේ පටන් අසා ඇත්තකි. ඕනෑම සභාවක් මධ්‍යයේ නොබියව සිටීම සදහා උගත්, බුද්ධිමත් බව මනා ලෙස උපකාරී වන බවද සත්‍යයකි. ඒ නිසාම මෙවරත් පොත් ප්‍රදර්ශනය සදහා මහත් ඕනෑකමින් මම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව වෙත පිවිසියේ දැනුමට තවත් රැසක් දේ එක් කර ගැනීමට ඇති ආශවෙනි.
බැලු බැලු අත දහසකට අධික වූ ජනකායක් දැක ගන්නට ලැබිණි. සියල්ලෝම උත්සහා කලේ හොදම පොත තමා සතු කර ගැනීමටයි.
වයස් භේදයකින් තොරව බාල මහලු සෑම දෙනාගේම සහභාගීත්වය ඉහළ ප්‍රතිශතක් ගත් අතර එකී තත්ත්වය ඉතා ප්රශස්ත කරුණකි. මෙහිදී සෑම ප්‍රදර්ශන කුටියකටම වඩා මා සිත් බැදි තැන් වූයේ කුඩා ලමුන් සදහා වූ Atlas ච්ත්‍ර පිටුවයි. සුදු පැහැති විශාල තිරයක් මත දරුවන් විසින් එවලේම සිතුවම් කරන ලද චිත්‍ර අමුණා තිබීමෙන් එකී තිරය වර්ණවත් වී තිබිණි.
විශේෂයෙන් කුඩා දරුවන්ගේ ලෝකය ගෙවෙන්නේ වැලි සෙල්ලම් බත් ඉදෙන සෙල්ලම් ගෙවල් වලය. නැතහොත් ඇස් නටවන බෝනික්කන් සමඟ ය. නමුදු මා දුටු චිත්‍ර පිටුවේ වූයේ වෙනස්ම වූ ලමා ලෝකයකි. එහි අනාගත පරපුර වෙරදරන්නේ පිපී සුවද දෙන්නට බැව් දුටු පමණින් හැගෙනු ඇත.
චිත්‍ර පිටුවේ තේමාව වූයේ "මා දිනක ලොකු වුණාම" ලෙසිනි. තේමාව දුටු විගස මමද කුඩා ලමයෙකු සේ සිතීමට වූයේ යටි සිතේ මාගේ අනාගත සිහිනය ද සිතුවම් කරමිනි.
ගෝලීයකරණයෙන් මුලු මහත් ලෝකයම විශ්ව ගම්මානයක් වී තියුණු තරගයක නිරත වෙමින් සිටින අවධියක දරුවන්ගේ ලමා ලෝකයද තරගකාරී මාවතකට වැටී ඇති බව දන්නා කරුණකි. ඒ බැව් මා දුටු චිත්‍ර කියා පෑවේ මනා කොටය.
එක් සිතුවාමක පාස්ල් නිළ ඇදුම් ඇදගත් ශිෂ්‍ය නායකයෙකු, මුස්ලිම් අබාය ඇදගත් ගැහැණු කෙනෙකු හා වේට්ටිය ඇදගත් පිරිමි පුද්ගලයෙකු සමඟ දෑත් අල්වා ගෙන වේදිකාව්ක සිටි. මෙයින් මා හට හැගී ගියේ ලමා මනස තුළ ජාති, ආගම් භේදයට ඉඩක් නොමැති බවත් ඔවුන් තුළ ඉතා හොඳ මානව සත්ත්වයෙකු සිටින බවතය. තවද එක් සිතුවමක් වුයේ ශ්‍රී ලංකා ධජය පසෙකින් ලෙළදෙන අතර අනික් පසින් ඔලිම්පික් වළලු 5 වම් පසින් වේ.
එමෙන්ම තව තැනක වූයේ අභ්‍යවකාශයට ගිය ගගනගාමීයෙකුයි. මෙකී සිතුවම් වලින් කියවනුයේ අනාගතයේ පිපෙන්නට වෙර දරන කුඩා මල් කැකුලු දකින සිහිනක සේයාවයි. එය රටක් වශයෙන් ලද දායාදයකි. මන්ද යත් හොඳ ලමා පරපුරක් එනම් යහපත් සිතුවිලි සමුදායකින් යුතු දරු කැලක් හිමි වීම රටක ඉදිරි ගමනට ලොකු හයියක්.
ඉතිං පොත් ගුල්ලන් අතරේ මෙවන් සුබදායි සිහින ඇති දරු පරපුරක් සිටිනු දැකීම මා ලද අපූර්ව වූ තෘප්තියක් ලෙසින් මෙවර පොත් ප්‍රදර්ශනය මතකයන් ගොඩට එක්විනි.
H.K.S.K.Wijesundara
MAPT/19/B1/13

No comments:
Post a Comment