පොත් අතර රැදි මතක

"පොතක් නොමැති කාමරයක් ආත්මයක් නොමැති සිරුරක් වැනිය"

                 පොත් කියවන්නන්ගේ මහා සල් පිළ පසුගිය සැප්තැම්බර් අග භාගයේදී  බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ දී පැවැත්විණ.මෙවර පැවැත්වුණේ 21වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය යි. පොත් කියවන ණැන ගුණ පිරි සමාජයක් බිහි කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 1999 වසරේ අරඹන ලද ප්‍රදර්ශනය  මේ වන විට දකුණු  ආසියාවේ පැවැත්වෙන විශාලතම හා සාර්ථක පොත් ප්‍රදර්ශනවලින් එකක් බවට පත්ව තිබේ. මීට වසර 20කට පෙර අලෙවි කුටි ජාතික කලා භවනේදී ඇරඹුණු ජාතික පොත් ප්‍රදර්ශනය වරිතමානයේදී වාර්ෂික සංස්කෘතික මංගල්‍යයක් බවට පත්ව තිබීම පොත පතට ආදරය කරන සියලුම දෙනාගේ සතුටට හේතුවනු නිසැකය. මෙවර පොත් ප්‍රදර්ශනය දේශීය හා විදේශීය වෙළඳ කුටි 417කින් සමන්විතය. මෙම ප්‍රදර්ශනයේ ලොකුම වාසිය වන්නේ ඉතාමත් සහනදායි මිල ගනන්වලට පොත් මිලදී ගැනීමේ හැකියාවයි.විශාල පොත් ප්‍රමාණයක් දිවයිනේ සියලුම ප්‍රකාශකයින් පාහේ එක් වහලක් යට සිටින අවස්ථාවකට සහභාගි වී ලබා ගැනීමේ හැකියාව තවති විශල වාසියකි.
                           
                        පාසල් සිසු සිසුවියන්, විශ්වවිද්‍යාල සිසුන්, පූජ්‍ය පක්ෂය ආදී බාල මහළු භේදයකින් තොරව විශාල ජන ගගක් මේ පරිශ්‍රය තුළ දක්නට ලැබුණි. පොත් කියවීමට ඇල්මක් සතුවන මා මෙවර පොත් ප්‍රදර්ශනයට සහභාගි වූයේ 3වන වරටයි. ඒ මාගේ පාසල් මිතුරු කැළ සමගයි.  ගිය වර මෙන් මෙවරද මගේ නෙත විශේෂයෙන් ඇදී ගියේ ස්වර්ණ පුස්තක සම්මාන දිනාගත් පොත් වවෙතටය. පොත් පත් තෝරා ගන්නා අතරතුර මාගේ සිත පැහැරගත් පොත්වල අතරින් පතර එක් චේදයක් හේ රස විද බැලීමට මා අමතක නොකලෙමි. සාහිත්‍යය පොත පත, අධ්‍යාපනික පොත් පත පමණක් නොව ඉගැනුමට අවශ්‍ය කරන උපකරණ ආදිය ද මම මිලදී ගත්තෙමි. තවද මගේ මිතුරු කැළ සමග වෙළඳ සල් පිල් වලින් රස මුසු ආහාර පාන ද රස විදීමට අපි අමතක නොකලෙමු. මෙහිදී අපට නවමු අත්දැකීම්  රාශියක් විද ගැනීමට අවස්ථාව උදා විය.

           පසුගිය පොත් ප්‍රදර්ශනවලට සාපේක්ෂව මෙවර ප්‍රදර්ශනය එතරම් සාර්ථක නෙවූ බවයි මාගේ අදහස එක් අතකින් එම දිනවල පැවති අයහපත් කාළගුණ තත්ත්වය ද මෙයට හේතු පාදක වීය. තවද මෙහි පොත් ප්‍රදර්ශන කුටිවලට  වඩා කෑම බීම කුටි, taxi අලෙවි ප්‍රවර්ධන කුටි, dialog , SLT, surf excel game කුටි පමණක් නොව DSI පාවහන් අලෙවි කුටියක් ද දක්නට ලැබිණි. ඉතින් පොත් පතට ප්‍රිය ජනයාට වඩා දක්නට ලැබුනේ මෙවැනි දේ සදහා  ප්‍රිය ජන කොටසකුයි. තවද පැමිණි සිටි පිරිසගෙන් සමහරක් තැන් තැන්වලට වී කල්ලි ගැසී සතුටු සාමීචියේ යෙදී සිටීම පොත් තේරා ගන්නා ජනයාට මහත් අවහිරයක් විය. එමෙන්ම පොත පත්වල මිල ගනන් ඉහල වන අතර ඒවාට පැවතියේ සුළු වට්ටම් අගයකි. එමෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දැන් සංස්කෘතික අංගයන් හා සමාන වාර්ෂික සැනකෙලියක් බවක්ද හැගේ . නමුත් සැබැවින්ම සියලු දෙනා මේ සදහා සහබාගී වන්නේ පොත් ගැනීමේ අරමුණින්මද යන්න ප්‍රශ්නාර්ථයකි. විලාසිතාවක් ලෙස, ලෝකයාට පෙන්වීම වෙනුවෙන් මළු ගනන් පොත් රැගෙන යන ස්වභාවයක් ද දක්නට ලැබේ. කෙසේ වෙතත ලබන වර ප්‍රදර්ශනය අතිශය  සාර්ථක වේවා ය යන්න මාගේ පැතුමයි.
                            MAPT /19/B1/33
                            K.M.l Diyathilaka 

No comments:

Post a Comment