අපූරු චාරිකාව

පසුගිය මාසයේ එනම් සාහිත්‍යය මාසයේ BMICH හි පැවැත්වුනු පොත් ප්‍රදර්ශනයට මාත් මගේ යාලුවො ටිකත් සහභාගී වුනා.ඒක හරි අපූරු ගමනක්..

වෙළඳ කුටි විවිධ තැන් වල විවිධ ආකාරයෙන් තිබුනත් මා දැකපු විශේෂම දේ තමයි ඒ හැම තැනකම මිනිස්සු පිස්සුවෙන් වගේ හෙවුවෙ පොත්. එකම වයස් මට්ටමකට සීමා නොවී ප්‍රදර්ශනය බලන්න තරුණ ,වැඩිහිටි ,බාල ,මහලු හැමෝම ඇවිත් හිටියා. පොඩි වෙලාවකදි මහා ජනකායක්....ඔව් අපේ රටේ මිනිස්සු ගැන හිතට ආවේ ආදරණීය බවක්, ගෞරවයක්..
        තාක්ෂණයේ දියුණුවත් එක්ක අපේ ලංකාවේ මිනිස්සු යාන්ත්‍රීකරණය වුනා.මුදල් පසුපස හමා යන සමාජයේ මන් හිතුවේ මිනිස්සුන්ට පොතක් පතක් කියවන්න වෙලාවක් නෑ කියලා.

ඔව්.... මම වැරදී.වෙනදට වෙලාවක් නැතිව කාර්‍ය්බහුල ජීවිතයක් ගෙවන අපේ මිනිසුන් එදා පොත් අතර සැගවිලා හිටියේ දවසට පැය 48ක් තියනවා වගේ. මිනිස්සු වැඩියෙන්ම හෙවුවෙ සම්මාන වලට පාත්‍ර වුන පොත්.. නවකතා.. හැම කෙනෙක් අතම නවකතා පොතක් හෝ තිබුනා.

        පොතකට මිනිස් සිතට කරන්න පුලුවන් බලපෑම මෙහෙමයි කියලා කියන්න බෑ. අපි කොතරම් ලොකු ප්‍රශ්නයක හිටියත් පොතක් අරගෙන කියවද්දි ඒ ප්‍රශ්න අමතක වෙන්නේ හාස්කමක් වගේ..

     අව්ව වැස්ස කිසිම ආකාරයකින් අපි කාටවත් ප්‍රශ්නයක් වුනේ නෑ.ලොකුම ප්‍රශ්නය වුනේ වෙලාව. සීමිත වෙලාවක් පමණයි අපිට ඉතුරු වුනේ. සාමාන්‍ය ජීවිතයේ කාර්යබහුල අපි හැමෝම ඇත්තටම කැමති හිත නිවාගන්න. ඒකට ලොකු අත්වැලක් මේ පොත් ප්‍රදර්ශනයෙන් ලැබුනා.

මන් දැකපු තව දෙයක් තිබුනා.. සාමාන්‍යයෙන් මිනිස්සු ගොඩක් කැමති චායාරූප ගන්න.ඒත් මෙතනදී මිනිස්සු චායාරූප ගැනීමත් සීමා කරලා තිබුනාද කියලා මට හිතුනා. මොකද මන් ගොඩක්ම දැක්කේ පොත් අතර හිර වුන මිනිස්සු. චායාරූප ගන්න වත් වෙලාවක් වැය කරන්න මිනිස්සුන්ට ලෝබ හිතුනාදෝ...

"බොහෝ කණගාටුදායක දේවල් වලින් මගේ හිත පිරී ඇති විට මා සුවපත් කලේ පොත පතයි"..

අපේ රටේ දෙමාපියන් ගැන මන් ආඩම්බර වෙනවා.මොකද පොඩි කාලෙම තමන්ගේ දරුවන්ට පොත් පත් වල වටිනාකම පෙන්නලා දෙනවට..

    හරි අපූරු ගමනක්.. ඉතාමත් සුන්දර ලෙස ඉතා ඉක්මනින් අවසන් වුනා.

MAPT/19/B1/02
M.M.H.P.K.De Silva

No comments:

Post a Comment