සැප්තැම්බර් හෙවත් බිනර කියන්නේ සාහිත්‍යයට එහෙමත් නැත්තම් පොත පතට ලෙන්ගතු ඈයෝන්ට හරිම වටිනා කියන මාසයක්. ඇයිද කියනවා නම් ලාංකීය සංදර්බය තුල සාහිත්‍ය මාසය යෙදි තිබෙන්නේ මෙන්න මේ බිනර මාසයටය .
ඉතිං ,.....
සාහිත්‍යයට ලෙන්ගතු , දැනුම පිපාසිතව සිටින , සාහිත්‍ය ජීවිතේ වු අයට අපූරු තෝතැන්නක් තමයි කොලඹ පොත් ප්‍රදර්ශනය .
වසරක් පාසාම පැවැත්වෙන මෙය මෙවරත් කොලඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී 21වන වරටත් පැවැත්විණි .
ඇත්තටම ..මෙතරම් විශාල පොත්එකතුවකට මා කවදාවත් සහභාගි වී නෑ. පලවෙනි අත්දැකීම ද මෙයවිය . බැලූබැලූ තැන දැනුම , අත්දැකීම් , වින්දනය, කුතුහලය වගේම ඓතිහාසික පොතපතින් පිරි තිබුනි. එක වෙලාවක මට මෙහෙම දැනුනා ." දකින දකින හැම පොතක් ම ගන්න හිතුනා .හරියට මාව ගන්න මාව ගන්න කියනවා වගේ හරිම සතුටුයි . ඒ වගේම තමා මගේ හිතේ තිබුණු ප්‍රශ්නයට හොද ප්‍රබල පිලිතුරක් සාක්ෂාත් එක්කම ඇස් දෙකෙන් ම දැක්කේ අකුණු සැරක්වදිනවා මෙනි . ඒමන්ද මා මෙතෙක් කලක් සිතාසිටියේ , අප රටේ සාහිත්‍යයට පොත්පතට ආදරය කරන මිනිසුන් නැතැයි කියා , වින්දනය මිනිසුන් නැතැයි කියා ....ඔවුන් ලෝකයත් සමග ගැටෙමින් 💰 මුදල් පස්සේ පමනක් යන අයමෙනි . නමුත් හිතට හරිම සතුටුයි මා වැරැදි නිසා .
පොතපතෙහි වටිනාකම් දන්නා අය දහස්ගනනින් පොත් ගන්න දුවලා පුතාලා රැගෙන ,ඔවුන්ගේ පාඩම් වැඩවලට, වටිනා පොත් මිලදී ගත්තා. පුරාම විවිධ වර්ගයේ පොත්කුටිවලින් පිරීතිබුනි . වාසනාපොත් ප්‍රකාශකයෝ , ගොඩගේ පොත් ප්‍රකාශකයෝ , සමුද්‍ර පොත්ප්රකාශකයෝ ආදිමෙන්ම විවිධ ප්‍රදර්ශන කුටි ද වේ. හිතේරැදුණු කුටිය හමුදා සෙබලකුටිවේ . ඔහුගේ අත්දැකිම් කැටි කර ගනිමි පාඨකයන්ට වෙනමම දැනුමක් දෙන්නඔවුන් උත්සහ කලහ . හිතරැදුණු පොත් කීපයක්ගන්නට අමතක කලේනෑ .
ඔන්න ඔහොම එදා දවසේකාලය හරි ඉක්මන ගෙවුණු නමුත් මගේ මෙන්ම මගේ මිතුරන්ගේ රසකෑමක් වන නූඩ්ල්ස් 🍜 නොකා ගමන නිම කරන්න සිතක්නොවීය .
අවසානයේ සියල්ලන්ම පොත්ප්රදර්ශනයට ආයුබෝවන් කියා නැවත් විශ්වවිද්‍යාලයට ගමන ඇරඹ්න.
MAPT /19/B1/28
සදුනී ප්‍රසාදිනී

No comments:
Post a Comment