දස වසරක් වූ අප සරසවිය🎓🎓

යාවජීව අධ්‍යාපනය සැමට"

ශ්‍රි ලංකාවේ ප්‍රථම සහ එකම තාක්ෂණ විශ්ව විද්‍යාලය ලෙස හදුන්වනු ලබන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය දස වන සoවත්සරය මේ වසරේ ඉතාමත් අභිමානයෙන් සමරනු ලබයි. ගෙවූ වසර දහස තුල දියුණුවෙන් දියුණුවට පත් වෙමින් තාක්ෂණ අධ්‍යාපනය සිසු සිසුවියන් දහස් ගණනකට සපයමින් ආ ගමන් මග ඉතාමත් සුවිශේෂී වේ.

අප විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිලිබඳව කරුණු විමසීමේදී අත්තිඩිය වගුරු බිම යනුවෙන් හදුන්වනු ලබන ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කර පසු ජේ. ආර්. ජයවර්ධන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් 1985.11.11 දින ජාතික ගුරු පුහුණු විද්‍යාලයක් ලෙස ඉදි කරනු ලැබීය. පසුව 1998 වර්ශයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් දෙවන ආයතනය වන ශ්‍රි ලංකා ජාතික අධ්‍යාපන  ආයතනය බිහි කරන ලදී. ඉන් වසර කීපයකට පසුව 2009.03.31 දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් විසින් වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වූ විශ්ව විද්‍යාලයක් ඉදි කරනු ලැබීය.

මේ වන විට සියලුම පහසුකම් වලින් පරිපූර්ණ වූ අප විශ්ව විද්‍යාලය දස වන ස0වත්සරය සමරන විට විශාල වර්ධනයක්  කරා පැමිණ ඇත. පුස්තකාල, පරිගණක විද්‍යාගාර,ශ්‍රවනාගාර,  නවීන පහසුකම් වලින් යුක්ත වූ පන්ති කාමර ආදී පහසුකම්  ද විශාල ප්‍රමාණයක් අප විශ්ව විද්‍යාලය සතු වේ. එමෙන්ම සිසු සිසුවියන්ට අධ්‍යාපනයට සුදුසු රමණීය පරිසරයක්ද තිබීම සුවිශේෂී වේ.
අප විශ්ව විද්‍යාලයේ කුලපතිතුමන් වනුයේ මහාචාර්ය විද්‍යාජෝති දයන්ත සේපාල මහතා වන අතර උපකුලපතිවරයා වනුයෙර් මහාචාර්ය ජී. එල්. ඩී. වික්‍රමසිංහ මහතාය. අධ්‍යක්ෂ ජෙනරාල් වනුයේ නිල්මිණි දියබෙදනගේ මහත්මිය වේ.

විශ්ව විද්‍යාලය තුල ප්‍රදාන වශයෙන් පීඨ 2ක් ඇත. එනම් කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණික පීඨය සහ පුහුණු තාක්ෂණික පීඨයයි. එමෙන්ම දෙපාර්තමේන්තු 11ක් ඇති අතර උපාධි පාඨමාලාවන් 15ක් ඇත. ඒවා නම්,
️ Bachelor  of technology  in  Media art production technology
️ Bachelor  of technology  in film and television production technology

️Bachelor  of technology  in network technology
️Bachelor  of technology  in Bulding service  technology
️Bachelor  of technology  in mechanics  technology
️Bachelor  of technology  in Manufacturing  technology
️Bachelor  of technology  in Food  process technology
️Bachelor  of technology  in Software technology
️Bachelor  of technology  in Multimedia & web  technology
️Bachelor  of technology  in Industrial Mangement technology
️Bachelor  of technology  in Construction technology & resources management
️Bachelor  of technology  in Education in english language training
️Bachelor  of technology  in Hotel management technology
️Bachelor  of technology  in Quantity  technology
️ Education in technology

අප විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වීමට නම් ජාතික වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කල යුතුය. එමෙන්ම අ.පො.ස උසස් පෙළ සමත් සිසුන්ටද අප විශ්ව විද්‍යාලය තුල අධ්‍යාපනය ලැබිය හැකි අතර මා හටද මාධ්‍ය කලා නිශ්පාදන තාක්ෂණවේදී උපාධිය හැදෑරීම අවස්ථාව උදා වී ඇත. එය ඉතාමත් අගනා අවස්ථාවකි.

අවසාන වශයෙන් ශ්‍රි ලංකාව තුල ඉහල ස්ථානයක් දිනා ගැනීමට අප විශ්ව විද්‍යාලයට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරමි.

Tharusha dilshani udawelaarachchi
MAPT/19/B1/23

No comments:

Post a Comment