මහාචාර් ය
ඒ.වී සුරවිර මහතා විසින් රචනා කරන ලද ගොදුරැ ලොබ කෙටි කතා සංගයේ අපටත්
දවසක ඉර පායාදෝ කෙටි කතාව ගෙතී ඇත්තේ අහිංසක දුප්පත් දරැවෙකු වන සිරියාවතීට ඉහළ
පැළැන්තියේ සිටින වනසිංහ ටිචර් නිසා තම දක්ෂතාවට ලැබුන චිත්‍ර
තරග අවස්ථාව අහිමි වි යාමයි.
සිරියාවතිගේ දක්ෂතාවය තිබුණද ඇය ඉහළ පැළැන්තියේ ගොදුරට ලක්ව තම දක්ෂතාවය
පෙන්වීමට අවස්ථාව අහිමිවිය. දුප්පත් මිනිසාට මුහුණ පාන්නට වන්නේ දුක්කරදර පිළිබද
අන්තර්ගගතයකි.
“මොනවා
කොරන්ඩදෑ දුවේ. උඹ වරෙන් ගෙදර යන්ඩ. අසරණඅපට ඔය පර්වත එක්ක හැප්පෙන්න බෑ. අපටත්
කවදා හරි දවසක ඉර පායන්නේ නැතෑ.වරෙං”
ශ්‍රී
ලංකාව තුන්වන ලෝකයේ රටක් වන බැවින් දිළිදු රටක් මෙන්ම දුෂ්පෝෂණයෙන් පෙළෙන රටකි.
එමනිසා රටේ බොහෝ දෙනා තම ජීවින අරගලයට මුහුණ දෙන්නේ දුක්කම් කටොළු මැදින් ය. ඇති හැකියාව තිබෙන පිරිස දුප්පත්
ජනතාව තලා පෙලා ඔවුන්ව පීඩාවට පත්කර ඔවුන් ඉදිරියට යාම වලක්වන්න උත්සහ කරනු ලබයි. එය ඕනෑම තැනක සිදුවන සිද්ධි දාමයක් වනු
ලැබේ. පාසලේ කාර් යාලයේ ඹ්නෑම තැනක
දුප්පත් මිනිසාව පාගා දමන්නනට කටයුතු කරයි. ර ටේ ප්‍රශ්ණ සදහා හඩ නගන
පිරිස් මෙම පිරිසගේ ප්‍රශ්ණ වෙනුවෙන් හඩ නැගීමට යොමු නොවන්නනේ කුමක්දැයි ප්‍රශ්ණාර්
ථයකි.
කොතරම්
බාධක තිබුණ ද තම ඉලක්ක සම්පූර් ණ කර ගැනිමට උත්සහ කරන මිනිසුන් දක්නට ලැබේ.ඔහුන්ගේ
උත්සහයට අත හිත ලබා දී ඔහුන් දිරිමත් කිරීමට උත්සහ කරනු ලබන්නේ කීයෙන් කී දෙනෙක්
වේද තම බලය පෙන්නා අසරණ මිනිසුන්ගේ ශ්‍රමය සුරා කන්නට බොහෝ දෙනෙකු බලා සිටින අතර
ඔහුන්ගේ අසරණකමට පිහිට වීමට බලය හිමි කාගේවත් හිත් උණු නොවන්නේ නැත්තේ මන්දැ’යි ප්‍රශ්නාර් ථයකි.
ලෝකය
තාක්ෂණික අතින් ඉදිරියට ගමන් කරන අතර ඒ සමග මනුෂ්‍යත්වය අතින් පහළට ගමන් කරන්නේද
යන්න ප්‍රශ්නාර් ථයක් මතු වේ.ලෝකයේ තමන් ගැන පමණක් සිතන මිනිසුන් බිහි විම රට
ආගාදයට යාමට හේතුවක් නොවන්නේ ද ලංකාව බුදු දහම අදහන රටක් ලෙස පළමු ස්ථානයේ සිටින
නමුත් මෙලෙස පිරිහිමට ලක්ව තිබෙන්නේ මන්දැයි සිතාගත නොහැකිය.බුදුරජාණන් වහන්සේ
පෙන්වා දුන් ගමන් මාර් ගයේ ගමන් කරන පිරිසක් ලෙස අනුන් කෙරෙහි අනුකම්පාවෙන් බැලිමට
මිනිසුන් කාරුණික නොවන්නේ මන්ද ප්‍රශ්නාර් ථයකි.
රටේ
කොතරම් දුප්පත් ජනතාව බලය හිමි පුද්ගලයන් නිසා තම ආශාවන් දක්ෂතාවයන් සගවා ගෙන
ජිවත් වන්නේද දක්ෂතාවය තිබුණ ද ඉදිරියට ඒමේ අවස්ථාව බලය හිමි පිරිස උදුරා ගනු
ලබන්නේය.එවිට එම ජනතාව තමන්ට කවදා හෝ අවස්ථාවක් ලැබෙන තුරු කරබාගෙන සිටිනු
ලබයි.නමුත් ඔහුන්ට එම අවස්ථාව ජිවිත කාලය පුරාවට ලැබෙන්නක් නොවන්නේය.
සමහර
ඡන්ද දායකයන් තම නම ප්‍රසිද්ධ කර ගැනිමට
අත දෙන අතර තම අරමුණු ඉටු කර ගනු ලැබු පසු ඔහුන් ගැන සොයා බලන්නේවත් නොමැත.තවත්
සමහරුන් තමන්ට වඩා ඉහළට යන අසරණ පුද්ගලයන්ගෙන් කකුලෙන් ඇද දමයි.නමුත් ඔහුන්ට
විරුද්ධව නැගි සිටිමට මෙම අසරණ ජනතාවට
නොහැකිය.ඔහුන්ට සාධාරණයක් ඉෂ්ට වෙනතෙක් බලා සිටියද එය බාලගිරි දෝෂය
මෙනිය.ඔහුන්ට මෙම පුද්ගලයන්ගේ දුක නොතේරෙන්නේය. ඔහුන් පමණක් රටේ ජිවත් විමට අවශ්‍ය
යැයි ඔහුන් සිතා මෙම අසරණ ජනතාවට ඉඩක් නොදෙන්නේ ද ? ඇත්තටම
ඔහුන්ට ඉඩක් නොමැතිද හැමදාම පොසතුන්ට හිස නමා සිටිය යුතු ද? කොන්ද කෙළින් තබා කතා කිරිමට හැකි වන්නේ කවදා ද?
J.A.T.M.Jayakody
MAPT/19/B1/26
No comments:
Post a Comment