බිනර මාසය ලාංකීය සංදර්බය තුල සාහිත්‍යය මාසය ලෙස හදුනාගත හැකිය. පාඨකයාත්, ලේඛකයාත්, ප්‍රකාශකයාත් එකම පියසක මුනගැසෙන්නා වු ඉසව්වක් ලෙස සාහිත්‍යය මාසයේ කොලඹ බණ්ඩාරනාය අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ තේජවන්තව වැජඹෙන්නා වූ 📚පොත් ප්‍රදර්ශනයක් ලෙස හදුනා ගත හැකිය.
දකුණු ආසියාවේ විශාලතම 📚 පොත් ප්‍රදර්ශනය ලෙස මෙය හදුනා ගත හැකිය. 2019 වර්ෂයේ අති උත්කර්ෂවත් අයුරින් 21 වන වරටත් මෙය පැවැත්වෙයි. 📚පොත් දැක්ම පිලිබඳ අශාවන් දහසක් පොදි බැද සම්මන්ත්‍රණ ශාලාවට ඇතුල්වත්ම එකි මෙකී සියලු තැනම📚 පොත් තේජාන්විත ව වෙජඹෙන ආකාරය දකින්නට හැකිය.
වෙළෙඳ කුටි වෙන් කර පාරිභෝගිකයාගේ පහසුව මුලික අරමුණක් කර ගනිමින් මෙම 📚පොත් ප්‍රදර්ශනය මාධ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්විණි.
විද්වත් අදහසක් රචිත 📚ග්‍රන්ථ මෙන්ම සරල භාෂා, අධ්‍යාපන, ආදි විවිධ 📚පොත් දක්නට ලැබේ.
විවිධ වූ අදීයර වලින් ක්‍රියාත්මක වන්නා වූ වෙළෙඳ කුටි තිබුනද නිදානයක් හමු වූ ලෙස නූඩ්ල්ස් කොප්පයක් රස විද විනෝද චාරිකාක මිහිර විදිමේ පරමාර්ථයෙන් සෙල්පි ලොකයේ රජුන් රජිනියන් සේ දහස් ගනනක් 📚පොත්, විද්වතුන්, ලේඛකයන් පෙනෙන මානයේ සිටියද නොදුටු ලෙස රඟපාන සෙල්පි නිළියන් නොවුවා නොවේ.
එමෙන්ම මාධ්‍ය ආයතනයන්ට මුන පෙන්වා සිනා සී 📚පොත් ප්‍රදර්ශනය අදහස් පැවසීම අපට අවස්ථාව ලැබිණි. 📚පොත් ප්‍රදර්ශනයේ විශාල සේවක පිරිසක් මෙන්ම නන්විද පාඨක සමුහයක්ද දැක ගත හැකිය. බාල තරුණ මෙන්ම විශාල වශයෙන් වචනයේ පරිසමාප්තයෙන් පාඨකයා යැයි කිව හැකිය. අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ පාඨක පිරිසක්ද දැක ගත හැකිය.
📚පොත් ප්‍රදර්ශනය වෙළෙඳ කුටි තුල නෙත් සිත් යොමු කිරිමෙදී මා නෙත් ගැටුනු සුවිශේෂී 📚ග්‍රන්ථයක් ලෙස මැක්සිම් ගෝර්කිගේ, අම්මා නවකතාව හදුනා ගත හැකිය.
අධ්‍යාපනික පොත් සහිත වෙළෙඳ කුටි නැරඹුව ද නෙත් සිත් වසග කර ගත් 📚ග්‍රන්ථයක් ලෙස අම්මා, නවකතාව දෑතට ගන්නට ප්‍රථමව සිතේ චිත්ත රූපයක්ව කතාව මැවෙන්නට විය. 📚පොත් මිලදී ගැනීමට පැමිණි විවිධ පාඨකයාන්ගේ ශබ්ද නන්දෙසින් අසූනද මා 📚පොත මුල සිට අගටත්, අග සිට මුලටත් පෙරලන්නට විය. අම්මා නවකතාව පිලිබඳ මා සිතේ මැවූ චිත්ත රූප පොතෙහි වචන අදහසක් බවට පත්ව ඇත්දැයි මා එක එල්ලේ බලන්නට විය.හුදෙක් ආයාසකින් තොරව කර්තෘ, සුවිශේෂී අලෙවි මන්ඩලය, මාධ්‍ය අයතන මුන ගැසීමට ලැබීමද සුවිශේෂී අවස්ථාවක් වේ.
අම්මා නවකතාව එක හෙලා රස විදිමේ අරමුණින් සිටි මා හට A4 සිටි පොත් අලෙවි කරන්නෙකු 📚පොත් පිලිබඳ කෙටි විග්‍රහයක් කළේය.
සමාජවාදී යථාර්තය පිලිබිඹු කරන සාහිත්‍යය ක්‍රමයේ ප්‍රරාම්කයා මෙන්ම අති විශිශ්ට ලේඛකයකු, නිර්මාණකරුවකු, මානව හිතවාදියෙකු වු මැක්ස්ම් ගෝර්කිගේ අම්ම මැණියන්ගේ නව කතාවෙන් කම්කරු පන්තියේ දුක්ඛිත ජිවන තතු පාඨක නෙත් කඳුලින් පිරෙන සංවේදී කතාවක් ලෙස රචනා කර ඇත.
📚පොත් ප්‍රදර්ශනය මේ තරමි ජන ගංගාවක් එක් රැස් කර ගැනීමට නිහඩ තනි තරගකරුවෙක් ලෙස ඉතා ජයග්‍රාහී ලෙස 📚පොත් ප්‍රදර්ශනය සංවිධානකරුවන්ගෙ බලාපොරොත්තු ඔප් නංවමින් 📚පොත් ප්‍රදර්ශනය සාර්ථකත්වයේ මුදුන් පෙත් කරා ජයග්‍රාහී ලෙස පියනගන්න්ට විය.
මී මැසි පොදි යක් සේ සි සී කඩ විහිදී සිටි ජනකාය කෙමෙන් කෙමෙන් තම තමන්ට අවශ්‍ය වු 📚පොත් මිලදී නික්මෙන්නට විය.
"ලේඛකයා ශ්‍රමිකකු වන්නේ ඔහු අදහස් නිපදවන නිසා නොවේ. ඔහු එමගින් 📚පොත් ප්‍රකාශකයාට ලාභ උපයා දෙන බැවිනි. ඔහු 📚පොත් ප්‍රකාශකයාට වැඩ කරන බැවිනි." .................මැක්ස්...............
කලාවේ පැවැත්ම ජනතාවය. සමාජ යහපැවැත්මේ නිර්මාණත්මක අවිය කලාව යන්නට හොඳම උදාහරණයක් ලෙස 📚පොත් ප්‍රදර්ශනය හදුනා ගත හැකිය.
- ගිම්හානි මදාරා -

No comments:
Post a Comment