පොත් අතර අතරමන් උනෙමි
ඇහැළ මල් පිරුණු සිල් සුවද විසිරෙන්නේ මැයි මාසයේදී ය. කජු පුහුලන් ඉදී එරබදු පිපෙන්නේ අප්‍රේල් මාසයේදී ය. අහස පුරා නොයෙක් පාටැති සරුංගල් ඉගිලෙන්නේ අගෝස්තුවේදී ය. පොත් වල නැවුම් සුවද දෝර ගලන්නේ සැප්තැම්බර්දී ය.
මේ ඒ සැප්තැම්බරය නොහොත් කියවීමේ මාසයයි. කෙනෙකු සතු කොතරම් ධනය දේපල, හොරකම් කල හැකි වුවද කිසිදා සොරකම් නොකළ හැකි බුද්ධියට උගතකමට අවැසි පොත්හි අන්තරගතය භක්ෂණය කරන්නේ පුල පුලා මේ මාසයේදී ය.
ඉතිං කවදත් වගේම පුරුදු විදියටම මාත් මගේ මිතුරියන් සමඟ මෙවරත් වාර්ෂික පොත් ප්‍රදර්ශනය සදහා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව ඇතුළු වුණා.
වැස්සට කලින් කෑම සොයන කූඹි රංචුවක් වගේ එක රොත්තට දහස් ගණනකට වැඩි පිරිසක් පොත් අතරේ අතරමං වෙලා. මෙච්චර ලොකු කලබලයක් තිබුණේ හොඳම පොත තමා සතු කර ගැනීමට පමණයි කියලා දැනුණම මට දැනුනේ, ශ්‍රී ලාංකීය අනාගතය ගැන සුබ පෙරනිමිත්තක්.
මුලු සම්මන්ත්රණ ශාලාවම පීරලා ඇවිද්දත් සරසවි පොත් මැදුරේ දේශපාලන අංශය තරම් කාර්යබහුල තැනක් නොතිබ්බ තරම්. උසස් පෙළ දේශපාලන විද්‍යාවේ මූලිකාංග i පොතේ පටන් අද වනතුරුම ලියැවුණු හැම පොතක්ම එතැන තියෙන්නට ඇත.
යම් දේශපාලනික ව්‍යුහයක් රාජ්‍යයක් ලෙසින් පිළිගැනෙන්නට නම් එහි ප්රජාතන්ත්රවාදය මූලික අංගයක් විය යුතුය. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ සාධාරණ සේවයක් කල යුතුයි. වතමනේ මුදලට යට වුණු දේශමාමක දේශපාලකයින් රජ කරන සමාජයක් දක්නට ලැබුණත් ආදිතම ලෝක ප්‍රකට දේශප්‍රේමී නායකයන් ක්‍රියා කළ ආකාරය ආඩම්බරයට කරුණක්. ඉතිං ලොකු, කුඩා ධනවාදීන් යැයි හැගෙන පවුල් වල පවා සැවොම ලහි ලහියේ අත් පෙරලූයේ විශිෂ්ට චරිත කතා රැගත් දේශපාලනික කෘති අතරමයි.
පිරිසක් 1928 වර්ෂයේ උපන් අනස්ටෝ චේගුවේරා නැමැති විශිෂ්ට රණකාමියා හා විශිෂ්ට යුධ සැලසුම්කරු පිළිබඳව තොරතුරු සොයයි. ඔහු කියුබාව ජයග්‍රහණය කරා ගෙන ගිය අපූරුව විමසයි. තවත් පිරිසක් පිදෙල් කැස්ත්‍රෝ චරිතාපදානය තුළ අතරමං වී තවත් කොටසක් වි අයි ලෙනින්ගේ චරිතය පිළිබඳ ලියවුණු රසවත් කෘති සමඟ කාලය ගත කරයි.
පිරිසක් වර්ණ භේදය වෙනුවෙන් නොබියව සටන් වැදී මානව හිත වාදයට සුදුසුම විසදුම පෙන්වා දුන් මාර්ටින් ලූතර් කිංගේ ජීවිත කතාව සමඟ දොඩමළු වී, මිනිස් හිංසනයට අභිමුව නොසැලී සිට ගත් මහත්මා ගාන්ධි පිළිබඳ තව කොටසක් පරිශිලනයේ යෙදේ.
මේ අතරේ පෙරලුණු නැවුම් පස, නොහදුනන ලිංකන්, ගංගාවො නිදහසේ ගැලුහ වැනි කෘතීන් උණු කැවුම් මෙන්අතුරුදන් වූයේ බුද්ධි ලෝභී මිනිසුන්ගේ ගමන් මලු තුළටයි.
දහසක් දෙනා තමා මේ පැමිණියේ ලොව අවසාන පොත් ප්‍රදර්ශනය යැයි සිතා යුහුසුළුව දිවිය පුරා සාධාරණත්වයට හා මානුෂිය බැදීම් උදෙසා සටන් වැදී නිහතමානී මිනිසුන්ගේ ජීවන චක්‍රය, චරිතා දර්ශ තම ජීවිතයට මුහු කර ගැනීමට දරන ප්රයත්නය දැක මා ලද සතුට මහාමෙර තරම්. අද රට කරවන්න කෙලෙසද කියා නොදන්නා දේශපාලුවන් රජ කරන කලෙක වුවද, මෙවන් පොත් ගුල්ලන් සිටුනු දැකීම භාග්‍යයකි. මන්ද යත් මුදල මත දිවෙන අභාග්‍ය සම්පන්න දේශපාලන වාතාවරණයක් හමුවේ වුවද වත්මන් මිනිසාට අවශ්‍ය වී ඇත්තේ පශ්චාත් නායකයන්ගේ දේශපාලනික ක්‍රියා පිළිවෙතට සමාන තත්වයකි.
කෙසේ වෙතත් දවස මුලුල්ලේම මාද රැදී සිටියේ ලින්කන, ගුවේරා, කැස්ත්‍රෝ, ලූතර් කිංග් තුළමයි. සමෘද්ධිමත් රාජ්‍යයක් සදහා සැවොම ආශා කරන බැව් මා මාගේ දෑසින්ම දුටුවේ අදයි. ඔවුන් දේශප්‍රේමී නායකයන්ගේ චරිත තුළ සෙයුවේ ඔවුනොවුන්ගේ අනාගත සුබදායි ජීවිතයයි. අවසානයේ මා සිතුයේ යාවජීව අධ්‍යාපනය සදහා අපගේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය වෙහෙසෙන්නා සේම ශ්‍රී ලාංකීය පාඨකයන්ද වෙහෙසෙන්නේ යාවජීව සුබදායි රාජ්‍යයක් පිණිසයම බවයි.
M.M.P.Hansini
MAPT/ 19/ B1/12

No comments:
Post a Comment