2019 සැප්තැම්බර් 20-29 දක්වා BMICH තුලදී 21 වැනි වතාවට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමස්ථ ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පැවත්වනු ලැබීය. මෙවර ආරංචි මාර්ග අනුව පොත් ප්‍රකාශකයෝ 450 පමණ සහභාගි වූ බව දැනගන්නට ලැබුණි. අද වන විට Book Fair එක සංස්කෘතික අංගයක් හා සමාන සැණකෙළික් බවට පත් වී ඇත.
එදා මතක හැටියට සෙනසුරාදා දවසකි. මාගේ යහලුවන් සමග උදෑසනින්ම බසයට නැග උදේ 8.00 පමණ BMICH එකට ලගා වුණි. වර්ෂවද නොතකා ඉතා විශාල සෙනගක් අතරේ පෝලිමට ඇතුලට ඇතුළු විය. එමෙන්ම පොත් ප්‍රදර්ශනයට අදාළව නිර්මාණය කර තිබූ විශේෂ කුටියෙන් සිතියමක් ගත් අතර එහි Book Fair එකේ සියලු විස්තර අඩංගු විය.
පොත් ප්‍රකාශයකයන්ගේ විවිධ වූ වෙළඳ කුටි දක්නට ලැබුණි. සිමා නිම් වළලු වලින් එහාට විහිදුණු දැනුම් භාණ්ඩාගාරය ක් ලෙස අර්ථවත් කරන්න පුලුවන්. නව කතා ,කෙටි කතා,සම්මාන වලට ලක් වූ රචකයන්ගේ උසස් නිර්මාණ මෙම ප්‍රදර්ශනයේ දක්නට ලැබුණි. රටේ වැදගත් පුද්ගලයන්,ආගමික පාර්ශ්වය,පොඩි ළමයා සිට තරැණ හා වැඩිහිටි භේදයකින් තොරව පොත් ප්‍රදර්ශනය සදහා පැමිණි ආකාරය පෙනෙන්නට ලැබුණි.
ලොකු කුඩා සියලු දෙනාටම එක සේ ගත හැකි පොත් ලබා ගන්න තිබුණා. ඉතා පහසු ආකාරට ගත හැකි සාධාරණ මිලකට වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට අවස්ථාව උදා වී තිබුණා. මා සහ යහලුවන් අතේ තිබෙන ගානට පොත් රැගෙන හවස් යාමය වන විට ආපසු නවාතැන් බලා පැමිණි අතර තවත් එක් සුවිශේෂී දවසක් එසේ නිමා විය.
මනුජ බණ්ඩාර
Mapt/B1/19/35

No comments:
Post a Comment