කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නොදන්නා කවුරුත් නැති තරම්.අපේ රටේ නන් දෙසින් පැමිණි අති විශාල ජනකායක් පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටියා.දුර බැහැර ප්‍රදේශයවල පාසල් ළමුන් ගුරුවරුන් විශාල ජනකායක් පැමිණ සිටියා.මමත් ගියා මගේ යාළුවො එක්ක පොත් ප්‍රදර්ශනය බලන්න ඒ යනවිටත් විශාල පිරිසක් බණ්ඩාරනායක පරිශ්‍රයට පැමිණ සිටියා.
පොත් ප්‍රදර්ශනයේදී දැණුම පමණක් නොව තවත් බොහෝ දෑ දක්නට ලැබුනා.තැන් තැන්වල නාට්‍ය ප්‍රදර්ශනය කරා පුංචි ළමයින්ට කතන්දර කියවන්න චිත්‍ර අදින්න අවස්ථාව උදාකර දී තිබුනා.එලෙස දැණුම ලබමින් සතුටු වෙමින් විනෝදයෙන් සිටිමට අවස්ථාව ලැබිනි.
ලංකාවේ ප්‍රසිද්ධ සෑම ප්‍රකාශන ආයතනයක් ම දායකත්වය ලබාදෙන මෙම පොත් ප්‍රදර්ශනයේදී ඉතා සහනදායි මිලට පොත් ලබගත හැකි විය.පැමිණෙන පිරිසට තවත් අනගි අවස්ථා රැසක් ලැබුනි එනම් කතුවරු හමුවීමට අවස්ථාවන් උදා වීමයි.මාහට එහිදී විශේෂ අවස්ථාවක් ලැබුනා ඒ මෙවර රාජ්‍ය සාහිත්‍යය සම්මාන උළෙලේ ස්වර්ණපුස්තක සම්මානය ලබා ගත් “මකරාණන්දය” රචනා කළ විරාජිනි තෙන්නකෝන් මහත්මිය හමුවීමට අවස්ථාවක් හිමි වූ අතර ඇයගේ අත්සන සහිතව පොත ලබා ගැනීමට ද අවස්ථාව ලැබුනි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 20-29 දක්වා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අති සාර්ථක අන්දමින් අවසන් විය.දැණුම විනෝදය සමග වට්ටම් සහිතව පොත් ලබා ගැනීමට අවස්ථාවක් මෙන්ම වර්ශයකට එක් අවස්ථාවක් පොත් සදහා වෙන් කිරීම පොත් කියවන සහ දැණුම සොයා යන පිරිසට අනගි අවස්ථාවකි.එමෙන්ම පොත්වල වටිනාකම මිනිසාට දැනෙන අයුරින් වර්ශයක් පාසා පවත්වන මෙම පොත් ප්‍රදර්ශනයේ වටිනාකම කිව නොහැකිය.
K A D N සමාලි විජේසුන්දර ✍️
MAPT/19/B1/14

No comments:
Post a Comment