MAPT/19/B1/36
Tharushi anjala

 *_දස වසරක් සපිරෙන* *වෘත්තීය තාක්ෂණ විශ්ව* *විද්‍යාලය_**

රත්මලාන ප්‍රදේශයේ මනරම් භූමි භාගයක නිර්මාණය කර අැති ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මෙරට අැති එකම වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන අායතනයයි. එහි ඉතිහාසය වෙත අවධානය යොමු කිරීමේදී වර්ෂ 1985 නොවැම්බර් මස 11 වන දින එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වූ ගරු ජේ. අාර්  ජයවර්ධන මැතිතුමා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ "ජාතික තාක්ෂණික ගුරු පුහුණු විද්‍යාලය" සදහා මුල්ගල තබා අැති අතර එමගින් එය ගුරු පුහුණු විද්‍යාලය ලෙස අාරම්භ කර අැති අතර වර්තමානයේ පවතින වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට වසර 35ක
තාක්ෂණික ඉතිහාසයක් අාභාෂයක් අැති බවට මෙම සාඩම්බර ඉතිහාසය සාක්ෂි දරයි.

වර්ෂ 2004/2005 යනු ශ්‍රී ලංකාව ප්‍රභල කාර්මික හා තාක්ෂණික දියුණුව කරා පියනගමින් පැවති කාල වකවානුවකි.එහිදී ඉදිරි අනාගත සුවිසල් දැනුම හා නිර්මාණාත්මක හැකියාවන් සහිත පුද්ගල උවමනාව සැලකිල්ලට ගනිමින් තාක්ෂණික සරසවියක අවශ්‍යතාවය ඉතා වැදගත් විය.එ් සදහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ලෙස වූ විශ්ව විද්‍යාලයක් අැරඹීම සදහා 2001 නොවැම්බර් මස 15 වන දින මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සහභාගිත්වයෙන් වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය අාරම්භ විය.

අද වන විට පීඨ 2කින්ද උපාධි පාඨමාලා 15කින්ද සමන්විතව අැති අතර විද්‍යාර්ථයින් 2000කට අාසන්න පිරිසක් උසස් අධ්‍යාපනය හදාරයි.අදට දස වසරක් සපිරෙන අප විශ්ව විද්‍යාලය තුලින් ඉතා සිසුන් විශාල පිරිසක් නිර්මාණය කර අැති අතර මෙම සරසවිය තුල අධ්‍යාපනය ලැබීමද මා ලද භාග්‍යයන් කොට සලකමි.ඉදිරි අනාගතයේදී තවත් උපාධි පාඨමාලා එක්කරගනිමින් තවත් දියුණු උසස් තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ලෙස පියමං කිරීමට මෙන්ම තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන මෙරට අැති හොදම විශ්ව විද්‍යාලය ලෙස ඉදිරි අනාගතයේදීත් වැජඹීමට වාසනාව ලැබේව'යි මා ප්‍රාර්ථනා කරමි.

No comments:

Post a Comment