දැනුම් සාගරය

    මා ගිය අපූරු ගමන.................
       




" කියවීම මිනිසා සම්පූර්ණ කරයි."

                              ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 21 වෙනි වතාවටත් පවත්වනු ලබන පොත් ප්‍රදර්ශනය 2019 සැප්තැම්බර් මස 20 -29 දිනයන්හිදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදී පවත්වන ලදි. වසරකට වරක් ලැබෙන මෙමෙ මහගු අවස්ථාවේ ඵල  ප්‍රයෝජන විද ගනීම සදහා මමද එහි ගියෙමි. ඒ  පිලිබඳ මා සිත පවසන දෑ මෙසේය, 
                            
                                  කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, නොඑසේ නම් කාටත් පුරුදු ලෙස BOOK PAIR එක දැන් සංස්කෘතික අංගයක් හා සමාන වාර්ශික සැනකෙලියක් බවට පත්වී ඇත. නමුත් සැබවින්ම සියලු දෙනා මේ සදහා සහභාගි වෙන්නේ පොත් ගැනීමේ අරමුණින්ම ද? යන්න ප්‍රශ්නාර්ථයක් මා හද තුළ පැන නගී. විලාසිතාවක් ලෙස ලෝකයට පෙන්වීම වෙනුවෙන් මලු ගනන් පොත් රැගෙන යන ස්වභාවයක් ද මා හට දක්නට ලැබුනි. පොත පත පිලිබඳව බොහෝ දෙනාගෙන් ප්‍රශ්න විමසුවහොත් ඒ සදහා නිවැරදි පිලිතුරු දීමට බොහෝ දෙනා අසමත් ය. එහෙත් වාර්තාගත ලෙස කුටි හිස් වෙමින් පොත් අලෙවි වී ඇති බව පෙනෙන්නට තිබුණි.

 මෙහි පොත් අඩංගු කුටි 400 -500 ත් අතර ප්‍රමාණයක් පැවැති අතර ඒ සියල්ල දැක ගැනිමටත්, පොත් රැගෙන යෑමටත් ලංකාවේ විවිධ දිශාවන්ගෙන් ජනස් කන්දය අවුව, වැස්ස නොතකා ගලා ආ බව මා දුටුවෙමි. එමෙන්ම ලොකු කුඩා, වැඩිහිටි, තරුණ,...... ආදී ලෙස විවිධ වයස් මට්ටම්වල ජනයා පැමිණ සිටි අතර ඔවුන් ඉතාමත් උද්‍යෝගයෙන් යුතුව පොත් අතර සැරිසරනා ආකාරය බාලා ඉන්නට තරම් ප්‍රිය ජනකය.
                   
                        මෙහිදී  පරිවර්තන, ඉංග්‍රීසි පොත්, නවකතා, කෙටි කතා, පාසල් ලමුන් සදහා කෙටි සටහන් පොත්, වැඩ පොත් මෙන්ම අලුතින් එලි දක්වනු ලැබූ පොත් පත් හා ඕනෑම ආකාරයක පොත් පත් වර්ග රාශියක් මෙහිදී විවිධ වට්ටම් යටතේ මිලදී ගැනීමට ජනතාවට ඉඩ සලසා දී තිබුණි.
                     
                             මේ සියල්ල අතරින් මා සිත ලැගුම් ගත්තේ ජාතික රූපවාහිනී කුටියයි. මා ගත කරන වෙහෙසකාරී ජීවිතය මොහොතකට මුදවා මාගේ ලමා ලෝකයට ගෙන ගිය අපූරුව තවමත් අරුම පුදුමයකි. අතීතයේ අප සියලු දෙනා නැරඹූ කාටුන්, ටෙලි නාට්‍ය,  DVD තැටි ලෙසින් ලබා ගැනීමට මෙම කුටියෙන් අවස්ථාව සලසා දී තිබුනි.  
                          
                         විශේෂයෙන් ලමා කාලයේ අප ආදරය කල දොස්තර හොදහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, කූබිච්චී හා මේ අවුරුද්දේ අලුතින් එකතු වූ  ගලිවර්ගේ සුවසැරිය වැනි විවිධාකාර කාටූන් වැඩ සටහන් මෙහිදී පහසු මිලට මිලදී ගැනීමට හැකියාව තිබුනි.
  
                   

                  වයස් බේදයකින් තොරව නැරඹීමට  හැකි කාටූන් අතරින් මා සිත වඩාත් ඇලුම් කරේ කූබිච්චීටයි. ඒ හරහා පොඩිත්තන්ට මෙන්ම වැඩිහිටියන්ටද ආදර්ශ රැසක් සපයයි. 
                         කූබිච්චි තමාට එන හැම කරදරයක්ම ඉවසයි, ඒ වගේම කඩිසරයි, කම්මැලි කම අත හැර දමයි, කතා අඩුයි වැඩ කූබිච්ච්. උත්සහයෙන්, සහයෝගයෙන්, සමගි බලෙන් සෑම දේම ජය ගනි. ඒ වගේම කූබියෝ කියන්නෙ කඩිසර සත්ව වර්ගයකි. කූබි පායන කාලවලදී රෑ දවල් මහන්සි වී කෑම රැස් කරයි. ඒ වැසිකාලයේදී ආහාරයට ගැනීම සදහාය. ඔවුන්ගේ එකමුතු කම සැමට ආදර්ශයකි. මෙවන් වූ ආදර්ශ රාශියක් කූබිච්චී කාටූනය හරහා අප සියලු දෙනා හට ලබා දෙනු ඇත.
                             
                               පොත් ප්‍රදර්ශනය වෙත ගිය මා දෑස් යොමු වූ තැන් රශියක් ඇත. එමෙන්ම මාගේ දෑස් නොදුටු තැන්ද ඇත. මා දුටු නොදුටු සියලු තැන් ඔබේ දෑස් දකින්නට ඇතයි මා සිතමි. ඉතින් මා ගිය සොදුරු චාරිකාව පිලිබද මා සිත් ගත් දෑ මෙපමණ ය.මට මෙන්ම ඔබටද එය සොදුරු අත් දැකීමක් වෙන්නට ඇතයි මා සිතමි.
                 
MAPT/19/B1/34

K.M.P.S.SURAWEERA

No comments:

Post a Comment