විශව විද්‍යාලය එනම් විශ්විය අධ්‍යාපනය නව මාවතකට ගෙනයාමේ පුර්ණ හිමිකම් විශ්ව විද්‍යාලය ලෙස හදුනා ගත හැකිය.
විශ්විය අධ්‍යාපනයේ නැවුම් පැතිකඩක් ලෙස තාක්ෂණික අධ්‍යාපය ශ්‍රි ලංකා අධ්‍යාපන ක්‍රමවේදය තුළ මල් ඵල නංවවින් විකාශනය වේ.
විවිධ වු මානයන් ඔස්සේ සිසුන් විශ්වීය අධ්‍යාපය හරහා යොමු වුවද 21වන සියවසේ ආරම්භයත් සමඟ සිදු වු තාක්ෂණික දියුණුවේ සාඩම්බර හිමිකරුවකු වශයෙන් තාක්ෂණික අධ්‍යාපයේ විශ්ව දැනුම ලබා දෙන්නා වු සාඩම්බර හිමිකරු වශයෙන් දැනට ශ්‍රි ලංකාවේ පවතින පළමු හා එකම තාක්ෂණික විශ්ව විද්‍යාලය ලෙස ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණික විශ්ව විද්‍යාලය අභිසෙස් ලබා ඇත.
සබරගමු දිස්ත්‍රික්කයේ රත්මලාන රමණිය පරිසරයක පිහිටා ඇත.
දස වසරක් පිරෙන අප විශ්ව විද්‍යාලයේ 2009 ඔක්තෝබර් මස 11 වන දින ඇරඹේ. ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණික විශ්ව විද්‍යාලය කාර්මික හා තාක්ෂණික දැනුමෙන් හෙබි සිසුන් සදහා උසස් අධ්‍යාපන වරම් ලබා ගැනිමේ අභිලාෂයෙන් විවෘත වේ.
වෘත්තීය විශිෂ්ඨත්වයක් සදහා අභිලාෂයක් ඇති සැමට වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ප්‍රමුඛතම විශ්ව විද්‍යාලය විමේ අරමුණින් වෘත්තීය තාක්ෂණික විශ්ව විද්‍යාලය ක්‍රියාත්මක විය.
2008 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ සම්මත වී 2009 ඔක්තෝබර් මස 11 වන දින අරබ් මෙම විශ්වවිද්‍යාලය වත්මන් කුලපති වන්නේ මහාචාර්ය චන්ද්‍රජෝති දයන්ත විජෙසේකර මහාතාය.
අධ්‍යපන මෙන්ම අනද්‍යන කාර්ය මන්ඩලයේ ද නොමද දායකත්වය සමගින් විශ්වවිද්‍යාලය මේ වන විට සුවිශේෂී වූ ගමන් මගක කොටස්කරුවන් වී ඇත.
සාඩම්බර දස වසරක සාර්ථකත්වයේ හිනි පෙත්තටම පියමං කිරීමට 2019.10.11 වන දින අප විශ්වවිද්‍යාලයට හැකියාව ලැබින.
ශ්‍රී ලංකාවේ පලමු තාක්ෂණික විශ්වවිද්‍යාලය වුවද නව තාක්ෂණය හමුවේ ලෝකය කරා පිය නගින තාක්ෂණය මෙන්ම කලාව, ක්‍රීඩා, සාහිත්‍යය අංශ ඔස්සේ ද මෙම දස වසර ඔස්සේ පිය මං කර ඇත.
මෙලෙස සියලු අංග ඔස්සේ හපන්කම් පෙන්වමින් ශ්‍රී ලංකාද්වීපයේ තාක්ෂණික අධ්‍යාපනයේ පුරෝගාමී නියාමනකරුවන් ලෙසට තාක්ෂණික විශ්වවිද්‍යාලය හදුනා ගත හැකිය.
මුල් කාලීනව මෙම විශ්වවිද්‍යාලයට අතුලත් විමට කාර්මික අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මට්ටම පදනම වූ අතර වර්තමානය වන විට උසස් පෙළ විෂය නිර්දේශය z ලකුණ මගින් ප්‍රවේශ වරම් හිමිකර ගැනිමේ හැකියාව ඇත.
පුහුණු තාක්ෂණය පිඨය හා කාර්මික හා වෘත්තිය තාක්ෂණික පිඨය වශයෙන් පිඨ 2 සහ උපාධි පඨමාලා 12 සමන්විතය.
මේ දැකුම්කළු පරිසරයක පිහිටා ඇති අප විශ්ව විද්‍යාලය අති නවින පහසුකම් වලින් සමන්විතය. සියලු පහසුකම් යටතේ ක්‍රියාත්මක වන්නා වු මෙම විශ්ව විද්‍යාලය තාක්ෂණය අතින් සුවිශේෂී වු ජයග්‍රහණය ලබා ඇත එනම් රොබෝ බැටල් තරගාවලියයි.
සතියේ දිනවලදි මෙන්ම සති අන්තයේදිද අධ්‍යාපනය ලැබිමේ පහසුකම් ඇත. දකුණු ආසියාවේ පවතින විශාලතම චිත්රගාරය හිමි වන්නේ අප විශ්ව විද්‍යාලය බවට අපට මහත් ආඩම්බරයෙන් පැවසිය හැකිය.
දස වසරක් පුරාවට විහිදෙන අතිතයේ ජයග්‍රහණ දස වසරක් පුරවට විහිදෙන අතිතයේ ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද ඇත්තා ද නොවේ.
එහෙත් ඒ සියල්ලන්ට සාර්ථකව මුහුණ දෙමින් මුලු විශ්වයටම ආශිර්වාදයක් වන්නා වු තාක්ෂණයෙන් හෙබි රොබෝවරයකු නොව මනුසත්කම රජයන තාක්ෂණයෙන් හෙබි විද්‍යාර්ථයන් රාශියක් අද වන විට වෘත්තීය තාක්ෂණික විශ්ව විද්‍යාලය හරහා අභිසෙස් ලබා ඇත.
පළමු වසරේ සිසුවෙකු වන මා මෙහි අධ්‍යාපය ලැබිමට යොමුවිම මා කළ භාග්‍යයක් දස වසරක් නොව සියක් ආයු ලැබ මතු මතුවටත් ශ්‍රි ලංකාදිපයේ වැජඹිමට මාගේ විශ්ව විද්‍යාල මාතාවට හැකිවේවා යැයි මා හද පත්ලින් ප්‍රර්ථනා කරමි.
- ගිම්හානි මදාරා -
MAPT/19/B1/11
No comments:
Post a Comment