ජීවිතය යනු වියා හමාර කල නොහැකිව එතනින් මෙතනින් එල්ලෙන පත් ඉරු වලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කඩ මාල්ලකට සමාන වූවකි.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද මලගිය ඇත්තෝ නව කතාවේ ආදරය ,වෛරය ,කුතුහලය වැනි එදිනෙදා ජීවිතයේ මිනිසුන්ගේ හැගීම් සිතුවිලි නිරූපණය කර තිබේ.දියණියකගේ හදවතෙහි පියා ගැන ඇති ආදරය පියකුගේ හදවතෙහි තම දියණිය ගැන ඇති ආදරය පිළිබඳ තව අයකුට කදුලක් එක් කරමින් පෙන්වා දීමට සරත්චන්ද්‍රයන් සමත් වී තිබේ.
අප ජීවත් වන කෙටි කාල සීමාව තුල මිනිසුන්ට විවිධාකාර වූ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වේ.එය සමහර පුද්ගලයන්ට සම සිතින් විද දරා ගැනීමට හැකි වුවද සමහර පුද්ගලයන්ට එය දරා ගැනීමට හැකියාවක් නැත.මන්ද සියලු මිනිසුන් එක සමාන මානසිකත්වයකින් යුතු පුද්ගලයන් නොවේ. අප ජීවිතයේ ළමා අවිධිය පසු කර යොවුන් අවිධියට පිය නගනවාත් සමගම පිටස්තර පුද්ගලයන්ගේ ආදරය කරුණාව රැකවරණය බලාපොරොත්තු වෙයි.නමුත් ඔවුන්ට අප ඔවුන්ගේ ජීවිතයේ හමුවන තවත් එක්තරා චරිතයක් පමණි.ආදරය යන වචනයෙන් ඇරැඹෙන ප්‍රේම වෘතාන්තයන් විවාහය දක්වාම පවතින්නේ බොහොමයක් කලාතුරකිනි.අප යම් කෙනෙකුගෙන් යම් දෙයක් බලාපොරොත්තු වන්නේ සිත සනසා ගැනීම සදහා නොවේද?
අප ජීවිතයේ වඩාත් වටිනා සම්පත වන්නේ අපගේ දෙමාපියන් වේ. අපට ඔවුන් ද නොමැති වූ කල ඉතිරි වන්නේ හුදෙකලාව පමණි. යම් කෙනෙකු අප ලග රැදී සිටින්නේ ඔවුන්ට අවශ්‍ය යම් දෙයක් ලබා ගන්නා තෙක් පමණි. නමුත් අපගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන සහ මෙලොව විශ්වාස කල හැකි එකම පුද්ගලයන් දෙපල වන්නේ අපගේ දෙමාපියන් ය.
" මගේ ඉතා ප්‍රිය වූ මේ ලෝකයෙහි මට ඇත්තා වූ ඉතාම වටිනා වස්තුව වන මගේ පියා හදිසියේ මළා.එදා මම කාර්යාලයෙන් ගෙදර එන කොට රෑ වෙලා.තාත්තාට එතකොටත් සිහි නැතිව බිම වාඩි වෙලා සිටියා. අක්කයි අක්කගේ දුවයි ඇවිත් සිටියා.තාත්තා පැය ගානක් ලොකු හඩකින් අමාරුවෙන් හුස්ම ගනිමින් සිට පසු දා උදේ 3ට මළා.මම තාත්තා එක්ක අන්තිම වරට කතා කලේ එදා උදේ."
දරුවකු තේරුම් ගත හැක්කේ දෙමාපියන්ට පමණි.මෙලොව තුළ දරුවකුට රැකවරණය ලබා දිය හැක්කේ ද දෙමාපියන්ට පමණි.මවගේ ආදරය ලැබිය යුතු කාලයේම තම මව මිය යාමත් සමග තම පියාට පන සේ ආදරය කරන දියණියක් තම පියාගේ මරණය කෙසේ නම් දරාගන්න ද? එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් රචිත මෙම නව කතාවේ දියණියක් තම පියාට පන සේ ආදරය කරන ආකාරය දක්වා තිබේ.
මිනිසුන් ලෙස උපත ලද අප සියල්ලන්ටම මේ ජීවන ගමන් මග තුල බොහෝ ප්‍රශ්න ගැටලු පැන නගී.ආදරය යන විෂය තුළ තමන් ආදරය කරන පුද්ගලයා තමන් තෝරා ගන්නා පුද්ගලයා වැරදි පුද්ගලයකු වුවහොත් සිදු වන්නේ මුලු ජීවිත කාලයම දුක් විදිමින් ජීවත් වීමටයි.අප මිනිසුන් වශයෙන් එක් අරමුණක එය හැබෑ කර ගැනීම උදෙසාම ජීවත් විය යුතුය.එය එසේ නොවුනොත් ජීවිතය නීරස එකක් බවට නිරායාසයෙන් පත් වෙයි.
තම මව පියා නොමැති වූ විවාහ වන වයසේ දියණියකට නිසියාකාරව සහෝදරයන් නොලැබීම නිසාවෙන් දුක් විදින නැගණියකට තම පෙම්වතාගේ දෙබඩි තීරණ නිසා කෙතරම් දුක් කම්කටොලු වලට ලක් වනවාද යන්න ජීවිතයේ යතාර්ථයක් දැකීමට හැකිය.දෙමාපියන් විසින් ඉටු කල යුතු යුතුකම් නිසි ලෙස ඉටු කිරීමට මවට පියාට හැරෙන්නට කිසිවෙකුට හැකි වේවිද? තම දියණියට ගැලපෙන සහකරුවකු සොයා දී සතුටින් ජීවත් වනවා දකින්නට ඕනෑම මවක් පියෙක් බලාපොරොත්තු වෙයි. නමුත් අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට වීම නිසා එම හීන හිත් තුලම තබාගෙන මිහිදන් වීමට සිදු වන අවස්තා ද තිබේ.අහිංසක දරුවන්ගේ එකම රැකවරණය වන පියා මේ ලොව හැර යාමත් සමග දියණියකගේ ජීවිතය නොසිතූ ලෙස වෙනස් වීම මෙහි මා වඩාත් සිත් ගත්තෙමි.
අවුරුදු ගනනක් පුරාවට තමන් බොහෝ ආදරය කල තම දියණිය රැක බලා ගත් තම දියණිය පියාගේ වියෝවත් සමග විවිධ රැකියාවන්ට ගොස් අසරණ වන අවස්තා ද නිදහසක් විවේකයක් නොමැතිව අසරණ වන අවස්තා ද බඩ පිරෙන්නට ආහාර ගැනීමට නොහැකි වන අවස්තා ද කොතෙකුත් තිබේ.මෙය ද එවැනි අවස්තාවකට උදාහරණ සපයයි.ආදරය නිසාවෙන් විදින්නා වූ විරහ වේදනාවන් තම පියාගේ වියෝව නිසාවෙන් විදින වේදනාවන් ජීවිතය එපා වී නීරස වී ඔහේ ගලා යාමට ඉඩ සලස්වා සිටින දියණියක පෙම්වතියක ලෙස මෙම කතා මාලාවේ එන මේ සිදුවීම මා වඩාත් සිත් ගත්තෙමි..
M.M.H.P.K.De Silva.
MAPT/19/B1/02
No comments:
Post a Comment