Book Fair

මාත් Book fair ගියා
පොත් යනු වර්තමානයේ වුවද අපිට නැතුවම බරි දෙයකි.තාක්ෂණයත් සමග ගමන් කරන ලෝකේ කොතැනක වුවද පොතපත නැතුවම බැරි දෙයකි.ඒවා නවකතා ,කෙටිකතා,පරිවර්තන කතා වැනි සෑම ආකාරයකින්ම ගත හැකිය. පොත් මතක් වූ සැනින් අපට හැගෙනුයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය යි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙමෙ ප්‍රදර්ශනය වසරක් පාසා සංවිධානය කිරීමය.එපමනක් නොව මෙම ප්‍රදර්ශනය නොකඩවා දින දහයක් පැවැත් වීමද සුවිශේෂී කරුණකි.
                  මෙවර book fair එකට මාත් සහභාගී උනෙමි.ඇත්තෙන්ම බාල මහලු තරුණ සෑම අයෙක්ම මෙම ප්‍රදර්ශනයෙන් පොතක් ගැනීමට පැමිනේ .එපමනක්ද නොවේ සෑම අයෙකුටම සරිලන පොත් ම්හෙදී ලබා ගත හැකිය .මගේ විනෝදාංශය ද පොත් කියවීමයි මන්ද මා උසස්පෙළ කරන අවදියේ පටන් පොත් කියවීමට ලැදි අයෙක් වීමී. එකල මා කෙටිකතා පොත තුලින්ද බොහෝ සමාජ ආර්ථික දේශපාලනය විෂමතාවයන් එතුලින් ඉගෙන ගත්තෙමි.එහෙයින් මා කොහෙන් හෝ පොතක් රැගනවිත් කියවීම මාගේ විනෝදාංශය වීමි. Book fair එක මතක් ඌ විට මා සුන්දර මතකයන් ගොන්න්කට ගෙනයනු ලබයි.කුඩා අවදියේ දී පුංචි,අම්මා කොළඹ ගොස් පොත් කන්දක් රැගෙන එනු ලබයි.එපමන්ක් නොව නොයෙකුත් සෙල්ලම් බඩු ,පෑන් ,පැන්සල් පෙට්ටි ද ඒ අතර වෙයි.                          
                  ඉන්පසුව මාගේ මතකය ගෙන එනුයේ දොළහ වසර සිටි කාලයේ පංතියේ ලමයින් සමග book fair ගිය අවස්තාවයි .ඇත්තෙන්ම එය පිස්සුවක්,ඔවුන් සමග ඒ සිටි කාලය තාමත් අමතක නෙවෙමි.පොත් ගත්තාට වැඩිය කරනුයේ තැන තැන අවිදීමයි ,ඔය අතරේ එහෙට ම්හෙට යන කෙල්ලන්ද නෙත ගැටුනේ නෑ කිවහොත් එය විහිලුවකි🙊.2019 මේ වාරෙත් මා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියෙමි .ඇත්ත්න්ම සංවිධායක මණ්ඩලය ඉතා සාර්ථක ලෙස එය සංවිධානය කිරීම සතුටට කරුනකි.එපමනක් නොව ප්‍රදර්ශනයට පැමිනෙන සෑම අයෙකුටම නොමිලේ බස්රථ සේවාවක් සැපයීමද දක්නට ලැබුනි.

සිත් අදහාගත නොහැකි වූයේ සෑම පොතකටම දී තිබෙන වට්ටමය එමනිසා එවා සුලු මුදලක්ට අලෙවි වීම දක්නට ලැබුනි.සන්නස්ගලගේ පොත් මෙවර ප්‍රදර්ශනයට එක් නොකිරීම මාගේ සිතේ තිබූ එක් කණගාටු කරුනකි. ඒ ඔහු තැප්‍රොබේනයේ තම ජිවිතය විදීම අරම්භ කල හෙයිනි.කෙසේ හෝ මා සෑම අස්සක් මුල්ලක් නෑරම අවිද්දෙමි. විඩා නිවා ගැනීමට මැගී එකක් කෑමද මාගේ පුරුද්දය🙊.
                           කෙසේ හෝ මා එක්තරා පොත් කඩේකට ගියෙමි .ඇත්තෙන්ම මා දුටුවෙ මෙවර ස්වර්ණ පුස්තක සම්මානයන්ට ලක් වූ නවකතා,කවි පොත් ය .

මේ මා ලබාගත් පොත් අස්වැන්නෙන් එකකි. එය කිය වූ විට අත්තෙන්ම ඉතා අලංකාරවත් ලෙස තම මතයන්,අදහස් වැනි දෑ අන්තර්ගත වීම මෙහ්දී දක්නට ලැබෙයි. තවද "ලෝටස්" වැනී නවකතාද මාගේ නෙත ගැටුනු නවකතා විය. එපමනක් නොව එදින මගේ පරන යහලුවෙක්ද පොත් ප්‍රදර්ශනයේදී මුන ගැසුනි .ඇත්තෙන්ම එදා මාගේ තවත් එක් සුන්දර දවසක්ද විය. මිනිසුන් අතුරු සිදුරු නොමැතිව තමන්ට අවශ්‍ය පොත්පත් ගනිනු ලබයි."ප්‍රෝමේට්"පොත්හල අතුරු සිදුරු නොමැතිව මිනිසුන්ගෙන් පිරී ගියේය.
               හුරුපුරුදු නැති මූනු අතරේ මාත් නුහුරු ලෙස තවත් තැන්කට ගියෙමි.ඒ පොත් දොරට වඩින ස්තානයයි .මා දුටු ආකාරයට එක් කතුවරයෙකු විසින් තම පොත එහිදී එලි දක්වනු ලැබීය.එම සිදුවීම මා මින් පෙර දැක නොමැත.නොදැනුවත්ම කෙමෙන් දවස ගෙවී හමාරය.සිතේ පොඩි දුකක් තිබුනද ලබන සැරෙත් එන්වාමයි කියා මා සිතින් අදිටන් කර ගතිමි.

සටහන :-sapun hansana rajapaksha
            :-MAPT/19/B1/17

No comments:

Post a Comment