වසර දහයක් සපිරෙන තාක්ෂණ සරසවිය

වර්තමානය වන විට තාක්ෂණයත් සමග යන ලෝකයේ සිසුනට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම වේදයත් ටිකෙන් ටික තාක්ෂණයත් සමග හුරුකිරීමට රජය පියවර ගනු ලැබීය. එම නිසාවෙන් වර්තමානයේ දී උසස්පෙළ විෂය ධාරාවට නවතම විෂයක් ලෙස තාක්ෂණ විෂය හදුන් වාදෙනු ලැබීය.මෙය ලාංකේය අධ්‍යාපනයේ නවමු හැරෙවුම් ලක්ෂ්‍ය ද වන්නට විය. ඉන්පසුව එළඹුණු යේ මෙම තාක්ෂණ විෂය උසස් අධ්‍යාපනය දක්වා යොදාගන්නේ කෙසේද යන්නයි. ඉන්පසුව සිදුවූයේ තාක්ෂණික අධ්‍යන පරාසය වැඩි කිරීමය එනම් සෑම සරසවියක් තුලම නව පීඨයක් ලෙස තාක්ෂණ පීඨයක් ඉස්තාපිත කිරීමය.මෙමගින් තාක්ෂණ විෂය හදාරනු ලබන සෑම සිසුවෙකුට උසස්පෙළින් පසුව යෑමට අවස්තාව සලසා දෙනු ලැබීය.
                      නමුත් තාක්ෂණ පීඨ තිබුනද තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ඉස්තාපිත වීම සුලුපටු නොවේ.එයට හෙතුව වන්නෙ තාක්ෂණික උපකරණ ,උපදේශක වරු වැනී සම්පත් අඩුවීමය.නමුත් ශ්‍රී ලංකා ව්‍ර්තීය  තාක්ෂණ විශ්වවිද්‍යාලය ඒ සෑම කරුනක්ම සකසා ගනිමින් ඉදිරියට යමින් පවතින විශ්වවිද්‍යාලයකි. විශේෂයෙන් සදහන් කල යුතු කරුනක් වෙන්නේ මෙම සරසවියට දිගු ඉතිහාසයක් පැවතීමය.එහිදී පලමුව මෙය 1985.11.11 ශ්‍රී ලංකා ජතික ගුරු පුහුණු අධ්‍යාපන ආයතනය ලෙසද 1999.1.8 ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය නමින්ද ස්ථාපිත වන්නට විය. මෙය සරසවියේ මූලික අඩිතාලම විය.ඉන් පසුව එළඹූයේ සරසවි වසන්තය ය. එනම් 2009.03.31 වන දින. 2008 අංක 31 දරන ව්‍ර්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනත මගින් තාක්ෂණ සරසවිය ආරම්භ වන්නට විය.
                       පළමුවෙන්ම මෙම සරසවිය ආරම්භ කිරීමේ මූලික අභිලාෂය වූයේ ජාතික ව්‍ර්තීය සුදුසුකම් ලාභීන්ගේ උපාධි සිහිනය තවත් එක් සිහිනයක් නොකරම ඔවුනට උපාධිය දක්වා තම අධ්‍යන කටයුතු සාර්ථකව නිමාකිරීමය. එදාසිට මේ දක්වා මෙම සරසවිය අවුරුදු දහයක් අකන්ඩව තම දුවා දරුවන්ට අධ්‍යාපනය දෙනු ලබයි.කෙසේ වුවද ඒකාකාරී ක්‍රියා පටිපාටියයෙන් ඔබ්බට ගොස් 2015  වර්ෂයේ සිට තාක්ෂණ විෂය හදාරන ලමුන්ට මෙහි අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබුනි.එය ළමුන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.
                          දැනට තාක්ෂණ සරසවිය සතු පීඨ දෙකක් ද වන අතර ඉදිරියේදී එය පීඨ හතරක් දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු සිදු කරමින් පවතී.දෙපාර්තමේන්තු දොළොසකින්ද ,උපාධි පාඨමාලා පහළොවලින්ද අද්‍යන කටයුතු සිදුකෙරෙමින් පවතී.අන් තාක්ෂණ පීඨයන්ට වඩා ඉහලින්ම මෙම සරසවිය ඉහලින් වැජඹෙනු ලබයි මන්ද ලන්ක්වේ පවතින පූර්න රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වීම නිසාය.
                     ඇත්තෙන්ම මෙය තාක්ෂණ ලෝකයේ විශිෂ්ටතම නිර්මාණයකි.එය ශ්‍රී ලාංකීය අපටද මහගු දායාදයකි.මහගු සම්පතකි මෙය රැකගැනීම අපේ ද යුතකමක් හා වගකීමකි.
 
සටහන:-සපුන් රාජපක්ෂ
අංකය:-MAPT/19/B1/17

No comments:

Post a Comment