_____ අදුරු වළාවන් පරදා නැගිටිමු ශ්‍රි ලංකා ( කොවිඩ් 19 ) _____

  " අදුරු වළාවන් ලොවම ඩැහැගෙන හමාරය.නමුත් බලාපොරොත්තුවේ ආලෝකය තවමත් නිමි නැත."
  හදුනා නොගත් වෛරසයක් මගින් වැළදෙන නියුමෝනියා රෝගයක් පිළිබඳව චීනයේ හුවේයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් මුල් වරට වාර්තා වූයේ 2019   දෙසැම්බර්  මස 31 වන දිනයි. ඉන් සතියකට  පමණ  පසු එනම් 2020 ජනවාරි  මස 07 වන දින පැතිර යන මෙම වෛරසය  " 2019 .nCov " හෙවත් නව කොරෝනා වෛරසය ලෙස නම් කරනු ලැබිනි. කොරෝනා වෛරසය යනු වෛරස වර්ග ගණනාවක් අයත් කාණ්ඩයක් වේ.


     කෙසේ වෙතත් මෙම වෛරසය මේ වන විට රටවල්  201 පැතිර ගොස් හමාරය. ලොව පුරා කොවිඩ්  19 ආසදනය වූවන් ලක්ෂ දහයක්   පමණ වේ.  සෑම දිනකම  ..සෑම පැයකම පාහේ  ජීවිත  දහස් ගණන්  කොවිඩ් 19 මාරයාගේ   වසංගතයට හසු වී මිය යයි. ලොව ළා බාලතම කොවිඩ්  19 ආසාදිතයා මිය යන්නේ ඇමරිකාවෙනි. ඒ සති හයක් කූඩා දරුවෙකි. ගත වූ පැය විසිහතරක කාලය තුල ඇමරිකාවෙන් වාර්තා වූ මරණ ගනන, 1046 වන අතර මුළු මරණ ගණන 5099 කි. ඉතාලියේ ගතවු පැය 24 තුල සිදුවූ මරණ ගණන 727වන අතර මුළු මරණ ගණන 13, 155 වේ.   එමෙන්ම  ස්පාඤ්ඤයේ  ගත වූ පැය 24 තුල මියගිය ආසාදිතයන් ගණන 923 ක් වන අතර මුළු මරණ ගණන 9387 වේ.  මෙලෙස තවත් රටවල් කොපමණක ජීවිත අසරණ වී සිටීද ? සිදු වූයේ කුමක් ද ,සිදු වන්නේ කුමක් ද කියා සිතන්නත් පෙර ජීවිත දාහස් ගනන් මරු තුරුලට ගොස් හමාරය.

     මුළු ලොවම ඩැහැ ගන්නට බලා සිටින කොරෝනා  වෛරසය දැන් මාගේ රටටද අත තබා අවසානය. ශ්‍රී ලංකාවේ කොරොනා  වෛරසය ආසාදිත  බවට තහවුරු  කරන ලද පළමු රෝගියා වාර්තා වූයේ 2020 ජනවාරි  මස 27 වන දිනයි .එම පුද්ගලයා චීන ජාතික කාන්තාවක්  වන අතර ඊට සති දෙකකට පමණ පෙර සංචාරකයෙකු ලෙස ලංකාවට පැමින තිබේ.කොරොනා වෛරසය ලංකාවට අත තැබූ පළමු අවස්තාව මෙය වේ.  මේ වන විට ලංකාව තුල කොවිඩ්  19 ආසාදනය  වූවන් 148 ක් දක්වා ඉහල ගොස් ඇති අතර මරණ 2 සිදු වී තිබේ. කෙසේ වෙතත්  රටේ තත්වය උත්සන්න වීමට ඉඩ නොදී රටේ රාජ්‍ය නිලදාරින් ,වෛද්‍යවරුන් ,හෙද හෙදියන් ,ත්‍රිවිධ හමුදාව ,ජනමාධ්‍ය  අංශය  කුසට හරි හැටි කෑමක් නොගෙන රෑට නින්දක් ගැන නොසිත රටේ තත්ත්වය  පාලනය කිරිමට විශාල මෙහෙයක් ඉටු කරයි.රැයක් දහවලක් නිවසක් ජීවිතයක් අමතක කර ඔවුන් මේ කැපවෙන්නේ අප නිසාවෙනි.රට වෙනුවෙනි. ඔවුන්ගේගේ එකම අරමුණ  වූයේ කෙසේ හෝ අප රටෙන් කොවිඩ් 19  පැරදවීම පමණි. අපිත් ඔවුන්ගේ හැගීම අපේ කරගෙන අත දෙනවා නම් මෙය පැරදවීම අපිට ඉතාම පහසුයි.  රටට උදව් කරන්න ..අපි අපිවම බේරගන්න එකතු වෙමු  . අපිටත් රට වෙනුවෙන්  ඉටු කිරීමට වෙන් වූ කොටසක් තිබේ.එය අකුරටම කරන්නේ නම් රට වෙනුවෙන් ඔබ ඔබේ වගකීම ඉටු කර හමාරය.


     කොවිඩ්  19 වසංගතය පැරදවීමට මේ වන විට ජනාධිපතිතුමා විසින් හදිසි නීතිය ඉදිරිපත්  කොට  මුළු  රටටම ඇදිරි නීතිය දමා රට ආරක්ෂා  කිරිමට ,රටේ ජනයා ආරක්ෂා  කිරිමට මහත් වෙහෙසක් දරයි.මන්ද ඔහු ඔබේත් මගේත් මේ රටේ ජනයගෙත් මේ රටත් ආරක්ෂා  කිරිමට භාරගත් නායකා නිසාවෙනි .ඔහු ඔහුගේ වගකිම ඉටු කරන   අවස්ථාවේ දී අපිද ඔහුට අත දිය යුතුයි. ඇදිරි නිතිය දැමුවේ රටේ ආරක්ෂාට ,ජනයාගේ ආරක්ෂාවට . ඇදිරි නිතිය දමා තිබියදී මේ වෙන විට පුද්ගලයින්  පන්දහසක් පමණ පොලිස්  අත්තඩංගුවේ  සිටින්නේ මන්ද ?    බඩු මිලදී ගන්න එක් රොක් වන්නේ මස් කෑල්ලක් දුටු ගිජුලිහිනි රංච්වක් මෙනි. අවදාන ගැන කෙතරම්ද කියා පැවසුවත් එය ජනයා ගානකටවත් ගන්නේ නෑ.  ඉතිං ආරක්ෂා කරන්නේ කවුද ?  කොහොමද ?  ගහලා බැනලා යමක් තේරුම් කරන්න අවශ්‍යතාවක් නෑ අපිට යමක් දෙස එක එල්ලේ බලා තේරුම්  ගැනිමට හැකි ජාතියක්.  අද කෙසේ වෙතත් ...අපිට පුලුවන්  මෙය හදා ගන්න ,බලපෑම අවම කර ගන්න අද බැරිවෙන්න ඇති නමුත් අපි දැන් වෙනස් වෙමු.

     අප දන්නවා මේ දිනවල ප්‍රදේශයේ  මහජන සෞඛ්‍ය නිලදාරින් ගෙදරින් ගෙදරට පැමිණ ඔබ අප දැනුවත් කරන්නේ වෛරසය ගැනයි එහි බලපෑම ගැනයි . මෙම වෛරසය ශරීරගත වන්නේ කහින විට , කිවිසුම් යවනවිට පිටවන කෙල බිදිති සමග වෛරසය බහිර පරිසරයට පිට වීමෙනි.  එම කෙල සහ සෙම බිදිති සහිත වාතය ආශ්වාස කිරිමෙන් ද රෝගියෙකු ආශ්‍රිය කිරිමෙන් , අතට අත දීමෙන් මේ රෝගය නිරෝගි පුද්ගලයන්ටට ඇතුල් වේ. දවස් 04 ක කාලයක් වෛරසය උගුරේ රැදී පවතින අතර එහිදි යම් යම් රෝග ලක්ෂණ  පෙන්වන බව වෛද්‍යවරුන්  පවසයි .උගුරේ අමාරුව ,කැස්ස, ශ්වසන අමාරුව ,හිසරදය ආදී රෝග ලක්ෂණ  පවති.මෙවැනි රෝග ලක්ෂණ  පවතී නම් රෝහල්  ගතවී රටත් ඔබත් ආරක්ෂා  වෙන ලෙස ඔවුන් නිතරම පවසයි.  නිතරම දෑත් සේදිම , නොසේදූ අත් වලින් මුහුන නොඇල්ලීම, කිවිසුමේදි අත් පිසිනයක් භාවිතා කර එය ඉවත් කිරිම ,ආසාදිතයින්  සමීපයට යෑමෙන් වැලකීම මගින් මේ රෝගයෙන් ආරක්ෂා විය හැකිය. මෙසේ ඔවුන් අපව දැනුවත් කරන්නේ අපෙන් රටට සිදු වියයුතු වගකිම එය නිසාවෙනි.නිතර නිතර   ජනමාධ්‍ය  ඔස්සේද ඔබ අප දැනුවත් කරනුයේ සිදුවෙන්න තියන බලපෑම  අවම කිරිම  සදහාය. මේවා පිළිබඳ  අවදානය යොමු කලහොත් අපිට මෙය ජය ගන්න පුලුවන්  වේවි.


අපේ ගමේ මිනිසුන්  කියන්නේම  වසංගතයකෙසේ වෙතත් මේ පාර අවුරුදු  නම් නෑ කියලා.අවුරුදු  ජයටම තියෙයි අපි මෙය ජරාජය කලොත් ..හැබැයි වෙනදා සමරන මාසේ නම් නෙමෙයි.කොරෝනා  වසංගතය  යම් දවසක අප පරදයිද අන්න එදාට වසන්තය ඒවි .
 මම කුරුණෑගල  දොඩම්ගස්ලන්ද  ප්‍රදේශයේ  වන අතර මේ දිනවල ගමේ හොදම වෛද්‍යවරයා ලෙස ගමක් ගරුකරන උන්වන්සේ...අපේ ලොකු  හාමුදුරුවන්  වහන්සේ ගමෙත් රටෙත් මුළු ලෝකෙමත් සෙත් පතා පිරිත් සජ්ජායනය කොට මුළු ගම වටා පිරිත් පැන් ඉස ,පිරිත් නූල් ලබා දී බුදු බලයෙන් රටට සෙත් පතන්නේ මේ බුදුන් වෙනුවෙන් වෙන් වූ රට වෙනුවෙනි. ඇතැම් විට මෙය මානසික නිදහසක් නොව කායිය නිදහසක්ද ලබා වෙන බලයකි.ජනාධිපතිතුමාගේ මෙන්ම ස්වාමින් වහන්සේලාගේ  දැක්ම මත රට පුරා සෙත් පිරිත් සෑම දිනක ඇහෙන්නේ සැමට සෙත් පතමිනි.එමෙන්ම වෛද්‍යවරුන්  පවා මේ වන විට හෙළ වෛද්‍ය විද්‍යාවට යොමු වෙන්නෙ එහි ඇති ප්‍රතිඵල  නිසාවෙනි .පැගිරිකුලේ පලතුරු, ඉගුරු සුදුලූණු  ,ගම්මිරිස් , කොත්තමල්ලි  , පෙරුම්කායන් ආදි දේ ගන්නැයි ඔවුන් පවසන්නේ වෛරසය පාලන කිරිමෙ බලය හෙළ ඔසු වලට පවතින නිසාවෙනි. දැන් වෛද්‍යවරුන් ද පවසන්නේ මේවා ආහාරට ගන්න කියලයි. කෙසේ වෙතත් සම්ප්‍රදායන් අමතක කර නවීකරණයට අත දෙන්න ගිය අපිට නැවතත් සම්ප්‍රදායන් හා එකතු වෙලා ගමනක් යන්නට   යම් ඉගියක් දුන්නාදෝ කියා මට සිතෙයි.අපි සම්ප්‍රදායෙන් ඉවත් වූවා වැඩිදෝ කියා මට සිතෙයි .කෙසෙ වෙතත්  සියල්ලන්ම එකතු වි මෙය පරාජය කරමු.

  එකම ජාතියක් ලෙස යන්නට  පලමු පය තබද්දීම මුහුණ දීමට සිදුයේ විශාල අභියෝගයකටය .   මිට වසර  10 පමණ  පෙරත් සිදු වූයේ එයමයි.   එනම් ත්‍රස්තවාදය..ත්‍රස්තවාදීන්ගෙන්  අපේ රට ආරක්ෂා කිරිමට ජීවිත දහස්ගණන් පූජා කර ඔවුන් අපේ රට ආරක්ෂා  කලේය. ඔව් එයත් අපි ජය ගත්තේය .දැන්  ආයෙමත් ඊටත් වඩා  ප්‍රබල ලෙස  රටකට බලපෑම කල හැකි දෙයකට අපිට මුහුණ  දීමට සිදුව තිබේ.එනම්" ගෝලිය  වසංගතයක් " අපි නොවැටෙමු .වැටිලා වැටිලා අයේ නොවැටෙන්නම අපි ශක්තිමත් වේව්.
ඔව්  ...
අපි මුහුණ දෙමු .
අපිට පුළුවන් ...
සියල්ලන්ම එකතු වී කොරෝනා  වෛරසය පරදන්නට ,නැවතත් ශ්‍රි ලංකාව නැගිටුවන්නට අපි සියලු දෙනාම එකමුතු විය යුතුයි. මගේ මගේ කියා සියල්ල බදා ගන්නේ නැතිව බෙදා හදා ගෙන කටයුතු කරමු. අපි සියලු දෙනාම පොදු වගකීමෙන් බැදී සිටිමු.



සටහන : ප්‍රසාදනී රත්නසිරි
                 MAPT / 19/B1/ 28

No comments:

Post a Comment