සාහිත්‍ය මාසය යෙදෙනු ලැබෙන්නේ සැප්තැම්බර් මාසයේ ය. සැප්තැම්බර් මාසය ලැබෙනවාත් සමග කුඩා දරැවන් දෙමව්පියන් තරුණ තරුණියන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලහි ලහියේ ලෑස්ති වෙන්නේ Book fair යන්නයි එහෙමත් නැතිනම් කොලබ පොත් ප්‍රදර්ශනය නැරබීමට යන්නයි . කුඩා දරුවන් පවා අද වන විට book fair එකෙන් ගිහින් තම පාසැල් අධ්‍යාපන උපකරණ නව කතා කෙටිකතා පොත් ආදිය සියලු දෑ රැගෙන ඒමට හුරුපුරුදු වී සිටියි.පාසල් දරුවන් දුශ්කර පෙදෙස් තුල සිට තම පන්තිබාර ගුරුවරුන් සමග පැමිනෙන ආකාරය මා හෝදින් දැක ඇත. එමෙන්ම තරුණ තරුණියන් තම සහකරු හෝ සහකාරියද සමග පැමිණෙයි.සමහරුන් book fair එනකන් ඇගිලි ගනිමින් සිටියි ඔවුන් පොත් ගුල්ලන් වේ. අවුරුද්දක සිට මුදල් එකතු කරමින් පොත් මිලදී ගැනීමටද තරුණ තරුණියන් පුරුදු වී සිටියි මෙයමා හොදින් දැනගත් කරුණක් වේ ඒ අපේ අසල්වැසි සහෝදරයෙක් ද එසේ පොත් මිලදී ගැනීමට හුරු වී සිටින නිසාය.කෙසේ නමුත් මිල මුදල් නොතකා කියවීමට කැමති, රුචිකත්වයක් දක්වන මිනිසුන් මෙහි පැමිණි පොත් පත් මිල දී ගනු ලබේ. කියමනක් තියනවනේ "කයවීම මිනිසා සම්පූර්ණ කරයි" කයල එම නිසා අප ඉගෙන ගන්න දෑ පත පොතින් ලබා ගන්නා දැනුම කිසිදිනක අපට වැඩි වන්නේ නැත එයට වයස් බේදයකුත් නැත.කෙදිනක හෝ පත පොතින් ලබා ගන්න දැනුම අපට උපකාරී වේ.කෙසේ නමුත් මෑත කාලීනව පටන් මේවන තෙක් පැමිණුන book fair සංස්කෘතිය අදවන විට ජනප්‍රිය සංස්කෘතියට ඈදා ගැනීමක් දැක ගැනීමට හැකිවේ.ඒ අද වන විට බහු ජාතික සමාගම් විසින් මේ සදහා යම් පෙලබවීක් ඇති කර ඇති නිසාය. වර්තමානයේදි මෙහිදී මැගී නූඩ්ල්ස්,කොත්තුමි, එකක් කාල කොකාකෝල එකක් බීල යන උදවියද නැතුවම නොවේ මේ සදහා හුදෙක් ටියුෂන් ක්ලාස් යන නන්ගිලා මල්ලිලා සහබාගී වීම කණගාටුවට කරුණකි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ ඉදිරිපිටට ගොස් සෙල්පියක් ගෙන මුහුනු පොතේ දැමීමටද කොයි කවුරුත් අමතක නොකරයි.
මමද මෙවර book fair එක නැරබීමට ගියෙමි එහිදි මම දුටු සිදුවීම පෙලක්ය ඉහතින් සදහන් කරන ලද්දෙ.ඇගිල්ලක් ගසීමට බැරි තරම් සෙනගය. ඉතාම වෙහෙසකර උවද පොත් කියවීමට ඇති රුචිකත්වය නිසාම වෙහෙසක් මා හට නොදැනිනි. එහිදී මා මිලට ගත් පොත් වන්නෙ පෙම්බරියකගෙන් වෙන් වූ ලූලෙක් හැරෙයි ඇලකට,ලෝටස්,සෝඩ ඕන නෑ, යන කාව්‍ය හා නවකතා වන්ය.
මම ද පසුව අවශ්‍ය පොත් පත් රැගෙන ඒ අසලින් පිටව ගියේය. පසුව මට නෙත ගැටුනේ අසල තිබුනු අවන්හල් කිහිපයක්ය මේ අවන්හල් තුල ඇති කෑම මිල ඉතා අදිකය තරු පන්තියේ හෝටල්වලින් ගෙන එන ආහාර පානය. මේවා තුල කොලබ මිනිසුන් ඉතා ගාම්බීර ලෙස ආහාර ලබා ගනියි. නමුත් අර ගමෙන් ගොඩෙන් පැමිනෙන උදවියට ඒවා ලබා ගැනීමට තරම් මුදලක් නැත . ඔවුන්ද නූඩ්ල්ස් පැකට්ටුවක් ආහාරයට ගනියි. මම ද වඩාව නිවා ගනීමට මැගී එකකින් මගේ කුස ගින්න නිවාගෙන . සරවිය බලා පියමන් කරන්නට වූවා ය.
නිපුන් රාජපක්ෂ
MAPT/19/B1/16


No comments:
Post a Comment