MAPT/19/B1/36
Tharushi anjala


*කොළඹ බණ්ඩාරනායක ඡාත්‍යන්තර පොත්ප්‍රදර්ශනය*

වාර්ෂික කොළඹ ඡාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය සැප්තැම්බර් 21වන දින 20වන වරටත් අති උත්කර්ෂවත් ලෙස බණ්ඩාරනායක අනුස්මරණ ඡාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දින කිහිපයෙහි පැවැත්විණි.මෙම අවස්ථාවට විදේශයන්හි 40 දෙනෙකු අැතුලුව 150කට වැඩි ප්‍රදර්ශකයන් සහභාගී වී අැත.
මෙම පොත් ප්‍රදර්ශනයට මා සහභාගී වූයේ තෙවෙනි වරටය එ් මාගේ පාසල් මිතුරන් සමගිනි. බාල තරුණ වැඩිහිටි අාදී කිසිදු වයස් භේදයකින් තොරව පොත් ප්‍රදර්ශනය නැරඹීමට සතර දිගින් පැමිනි ජන ගග මා දුටුවෙමි.මා එයට සහභාගී වූ දින වැසි දිනක් වූයෙන් එහි පැමිණි ජනයාට පොත් මිලදී ගැනීමට අපහසු වූයේ එම භූමියේ විශාල වශයෙන් ජලය පිරී තිබීම නිසාවෙනි.
කෙසේ වෙතත් අප පොත් ප්‍රදර්ශන කුටි කිහිපයකට අැතුල් වී පොත් මිලදී ගත් අතර එයින් මගෙ හිත වඩාත් අැදුනේ සරසවි ප්‍රදර්ශන කුටිය වෙතය.එයට හේතුව වූයේ එහි විශාල වශයෙන් ස්වර්ණ පුස්තක නිර්දේශිත පොත් ගණනාවක් තිබූ අතර "අදිසි නදිය" කෘතියේ ලේඛකයා වූ කපිල කුමාර කාලිංග මහතාද එහි සිටි අතර ඔහුගේ පොත් මිලදී ගැනීමේදී ඔහුගේ අත්සන සහිතව පොත් ලබා ගැනීමේ හැකියාව පැවතුණි.එසේම මොහාන් රාඡ් මඩවල මහතාගේ නවතම කෘතිය වූ "කලම්බො" කෘතියද එහිදී දැකගත හැකි විය.එසේම ෂර්ලොක් හෝ්ම්ස් කථා මාලාවේ නවතම කෘතිය වූ "සුරූපී නළගන" කෘතියද බොහෝ දෙනෙගේ අවධානයට ලක්විය.
මැති අැමතිවරුන් ,නළු නිලියන් ,භික්ෂු පාර්ෂවය ,පාසල් සිසුන්,විශ්ව විද්‍යාල සිසුන් අාදී විශාල ජන ගගක් සිටි අතර එහිදී සමහර දරුවන් අතරමං වී අැති අයුරුත් පොලීසියේ සහ හමුදාවේ සහයෝගයෙන් දරුවන්ගේ දෙමාපියන්ට භාර දෙන අයුරු මා දුටුවෙමි.අනෙකුත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ අධික වර්ෂාව හේතුවෙන් බොහෝ දෙනෙක්ට සහභාගී වීමට අවකාශය නොලැබී අැති අතර ලබන වසරේදී මීටත් වඩා සාර්ථක ලෙස පොත් ප්‍රදර්ශනය නැ
පැවැත්වීමට හැකියාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි.

No comments:

Post a Comment