....දස වස සපුරන විදු මවු ....

1985 නොවැම්බර් මස 11 වන දා පෙ.ව 10.21 ට එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වූ ගරු ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් අතින් ජාතික තාක්ෂණික ගුරු පුහුණු විද්‍යාලය සදහා මුල් ගල තැබීය.එමගින් ජාතික තාක්ෂණික ගුරු පුහුණු විද්‍යාලය ආරම්භ විය.ඉන් පසු වර්ෂ 1999 ජනවාරි 08 වන දින එවකට අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිනියගේ මග පෙන්වීම පරිදි 1998 අංක 59 පනත යටතේ ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනයේ පිහිටුවා ඇත.
මෙසේ විදුමවුන් යලි යලිත් ඉපදෙද්දී ඉදිරි අනාගත පරපුර තව තවත් දැනුමින් පුරවාලන්නට මත්තෙන් ද කාර්මික හා තාක්ෂණික සුවිසල් දැනුම හා නිර්මාණාත්මක හැකියාවන් ට පණ දෙන්නට තාක්ෂණික සරසවියක අවශ්‍යතාව ඉතා වැදගත් විය.එය ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය ලෙස වූ විශ්ව විද්‍යාලයක් ඇරබීම සදහා 2005 නොවැම්බර් 15 වන දින යෝජිත නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල තැබීය.එවක අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිනියගේ මගපෙන්වීමෙන් එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහබාගිත්වයෙන් මුල් ගල තැබූ අතර එසේ වූ පසුබිමක 2009 මාර්තු 31 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රදානත්වයෙන් 2008 අංක 31 දරන තාක්ෂණික විශ්ව විදාලය පලමු උපකුලපතිවරයා ලෙස මහාචාර්ය කපිල ජී.ඒ ගුණසේකර මහතා කටයුතු කල අනතුරුව ටී.ඒ පියසිරි මහතා උපකුලපති ධූරය දැරීය.
සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් ඉන් ඔබ්බට ගිය තාක්ෂණික සරසවි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කරලියේ නව හැරවුම් ලක්ෂයක් විය.මූලික උසස් අධ්‍යාපනයෙන් තම ඉලක්ක සපුරා ගත නොහැකි වූ හෝ මග හැරී ගිය පුද්ගලයාට තම අරමුණ වූ උපාධිය දක්වා පිය නැගීමට ඇති අයිතිය සදහා අවකාශය තාක්ෂණික විශ්ව විද්‍යාලය තුළින් ඇතිවිය.
මෙසේ දස වස‍රක් සපිරෙන මා විදු පියස මේ වන විට පීට දෙකක් ද දෙපාර්තමේන්තු 12 ක් හා පාඨමාලා 15 ක් තුළින් සමන්විත වන අතර වර්තමාන ගරු කුලපති තුමන් වන්නේ විද්‍යාජෝති මහාචාර්ය දයන්ත එස් විජේසේකර මහතාය.ගරු උපකුලපතතුමන් වන්නේ ජී.එල්.ඩී වික්‍රමසිංහ මහතාය.
විද්‍යාර්ථීන් දහස ඉක්මවමින් දෑස් පාදන්නට පුරෝගාමී වන මා විදුමව දස වසර සපුරන්නේ මහත් තේජසක් හා අඩම්බරයකිනි.තව තවත් චිරාත් කාලයක් විදුමව් හට දෑස් දල්වාලන්නටත් ජය ලගාකර දෙන්ටත් ශක්තිය පතමි ....       🙏🙏🙏🙏🙏


✍️ එම්.ඒ.බී එමේශා ධනංජි ආලෝක බන්ඩාර. MAPT/19/B1/06

No comments:

Post a Comment