සවිය
විය
පියවරෙන් පියවර ජීවිතය දිනන්න යන ගමනේ මිහිරිතම තෝතැන්න වන්නේ සරසවිය යි. නෙක නෙක පාටින් ලෝකය බබලවන නේක සුවදින් ලොවම නහවන පුෂ්පයන් විකසිත කරවන ජීවමාන භූමිය සරසවි භූමියයි. අධ්‍යාපනය තුළ නියම සුදුස්සා බිහි කරන්නේ සරසවිය තුළිනි.
උසස් පෙල විශය ඉතා ඉහලින් සමත් වෙන සෑම ශිෂ්‍යයකුගේම පැතුම වන්නේ විශ්වවිද්‍යාලයකින් තම උපාධිය අරගෙන වඩා හොද රැකියාවක නිරත වීමයි. සමාජයට යහපත් වැඩක් කල යුතු කල හැකි පුරවැසියකු බිහි කිරීමයි. ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ලෙස වර්තමාන පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඇරඹි විශ්වවිද්‍යාල ගමන් මගේ මේ වන විට ශ්‍රී ලංකාව තුල විශ්වවිද්‍යාල බොහෝමයක් ආරම්භ වී ඇත.
ඒ අතර ශ්‍රී ලංකා වෘත්තීය තාක්ශන විශ්වවිද්‍යාලය යනු ශ්‍රී ලංකාව තුල ඇති එකම තාක්ෂණික විශ්වවිද්‍යාලය යි. තාක්ෂණය සමග දිනෙන් දින දියුණු වන ලෝකයක් තුළ හොදම දක්ෂතම නිර්මාණකරුවන් පිරිසක් දායාද කරන හොදම සරසවිය මෙම විශ්වවිද්‍යාලය යි. 2009 වසරේ දී ආරම්භ කල මෙම ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට 2019 වන මෙම වසර තුළ දී 10 වන සංවත්සරය යෙදී ඇත.මෙම කුඩා කාල වල පරාසය තුළ බොහෝ විශ්වවිද්‍යා අතුරින් පැවැත් වු තරගවලින් හිදී ඔවුන් පරදා ජයග්‍රහණ ලැබීමට අප විද්යාර්යන් සමත් වී ඇත. එමගින් ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සාර්ථකත්වය මැනවින් විදහා දැක්වේ.
ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය රත්මලානෙහි පිහිටා ඇත. මෙම විශ්වවිද්‍යාලය මගින් තාක්ෂණික උපාධියක් ලබා ගත හැක. තාක්ෂණය සමග උරෙන් උර ගැටෙන සමාජයක් තුල අනෙක් වෘත්තීයන් වලට වඩා තාක්ෂණික උපාධියක ඇති වටිනාකම සහ වෘත්තීය නිපුණත්වය ඉතා ඉහළය. ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය තුළ පීඨ දෙකක් ඇත. එනම්
* පුහුණු තාක්ෂණ පීඨය ( FTT)
* වෘත්තීය හා කර්මාන්ත තාක්ෂණික පීඨය (FIVT)
ඒ යටතේ දෙපාර්තමේන්තු 12 හා පාඨමාලා 15 ඇතුලත් වේ.
FTT
*තොරතුරු සන්නිවේදන තාක්ෂණ දෙපාර්තමේන්තුව
*භාෂා අධ්‍යයන දෙපාර්තමේන්තුව
*කළමණාකරන තාක්ෂණ දෙපාර්තමේන්තුව
*අධ්‍යාපන පුහුණු තාක්ෂණ දෙපාර්තමේන්තුව
*ඉදිකිරීම් තාක්ෂණ දෙපාර්තමේන්තුව
*ගොඩනැගිලිසේවා තාක්ෂණ දෙපාර්තමේන්තුව
*විදුලි හා යාන්ත්රි තාක්ෂණික දෙපාර්තමේන්තුව
*සිනමා හා රූපවාහිනී තාක්ෂණ දෙපාර්තමේන්තුව
*කෘෂි හා ආහාර තාක්ෂණ දෙපාර්තමේන්තුව
*ප්‍රමාණ සමීක්ෂක දෙපාර්තමේන්තුව
*නිෂ්පාදන තාක්ෂණික දෙපාර්තමේන්තුව
*හෝටල් කළමණාකරන තාක්ෂණ දෙපාර්තමේන්තුව
මෙම දෙපාර්තමේන්තු යටතේ මෙම පාඨමාලා වල අධ්‍යන කටයුතු සිදු කෙරේ.
FTT
*මෘදුකාංග තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
*බහුමාධ්‍ය හා වෙබ් තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
*ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් පිළිබද ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව
*කළමණාකරන තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
*තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
FIVT
*ඉදිකිරීම් සේවා තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
*ගොඩනැගිලිසේවා තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
*මාධ්‍ය කළා නිෂ්පාදන තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
*යාන්ත්‍ර ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
*ආහාර සැකසුම් තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
*නිෂ්පාදන තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
*ප්‍රමාණ සමීක්ෂක තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
*හෝටල් කළමණාකරන තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
*සිනමා හා රූපවාහිනී තාක්ෂණික උපාධි පාඨමාලව.
විශ්වවිද්‍යාලය ආරම්භ වී වසර 10 සපිරෙන විට විශ්වවිද්‍යාලයේ සිටින විද්‍යාර්ථයින් බොහෝ තරගාවලින් විශේෂ ජයග්‍රහණ ලබා විශ්වවිද්‍යාලයේ නම ලංකාව පුරා මෙන්ම ජාත්‍යන්තරයටද ගෙන ගොස් ඇත. මෙවන් විශ්වවිද්‍යාලයකින් වැඩ ලෝකයට ඉතා දක්ෂ වෘත්තීකයින් බිහි කරනවා නොඅනුමානය.
ඉතින් සුභ පතන්නෙමි හදවතින් ආදරනීය සරසවි මාතාව දිනෙන් දින වැජබේ වායි කියා! දස වසරක් පිරි ශ්‍රී ලංකා වෘත්තීයතාක්ෂණ විශ්වවිද්‍යාලයේ නාමය වැජබේවා.























