එන්න අක් වැස්සේ තෙමෙමු පොලොවේ සුව විදිමු තේමාව යටතේ ' Petrichor' ඉදිරිපත් කරනු ලැබීය.
විවිධ දෘශ්ටිකෝනයේ චිත්‍රපට 16ක් විකාශය වූ අතර ඉන් මා සිත් ඇදගත් චිත්‍රපටය ' Virtual Reality' කෙටි චිත්‍රපටයයි. එයට බලපෑ විශාලතම හේතුව ලෙස එම චිත්‍රපටය තුල ගැබ් වූ කුතුහලයයි. එය ඉතාමත් අපූර්ව අයුරින් හන්සක දිමුතු විසින් නිර්මාණය කල තිබුනි.
මා ඒ සදහන් කල කෙටි චිත්‍රපටය පිලිබඳ විස්තර කල හොත් එය මෙරට චිත්‍රපට තුල දැඩි ලෙස කතා බහට ලක් වෙන ස0සිද්දියක් වන අබ්බැහි වීමක් සම්බන්ධයෙන් කෙටි චිත්‍රපටය රසවත් අයුරින් නිර්මාණය කර තිබුනි. කෙටි චිත්‍රපටයේ ප්‍රදාන චරිතය එමෙන්ම චිත්‍රපටය තුල දක්නට ලැබෙන එකම චරිතය පන පොවන්නේ දැඩි ලෙස සමාජ මාධ්‍යන්ට අබ්බැහි වූ චරිතයක් පිලිබඳ වේ. ඔහු තම ජීවිතයේ සියලු තීරණයන් ගන්නේ සමාජ මාධ්‍ය හරහාය. කෙටි චිත්‍රපටයේ දැක්වෙන අයුරින් තම පෙම්වතිය තෝරා ගනු ලබන්නේද සමාජ මාධ්‍යයේ භාවිතයෙනි.
මෙය අද සමාජයේ සුලබව දැක ගත හැකි දෙයකි. ලොකු කුඩා බාල මහලු සියලු දෙනා සමාජ මාධ්‍යයන්ට අබ්බැහි වී සිටී. තමන් කනබොන අදින පළදින දේ තීරණය කරන්නේ සමාජ මාධ්‍යයන්‍ය. එය මෙම කෙටි චිත්‍රපටයේ හොඳින් දැක ගත හැක. එය සිතට කාවදින ආකාරයෙන් නිර්මාණකරු විසින් ඉදිරිපත් කර තිබුනි.
ඔහු ලෝකය දෙස බලන්නේ සමාජ මාධ්‍ය හරහාය. ඔහු ජීවත් වන්නේ මිත්‍යා ලොවකය. අද සමාජයේ බහුතරය ජීවත් වන්නේද මිත්‍යා ලොවක බව මාගේ අදහසයි.

No comments:
Post a Comment