*_COIN BOX_*
සිනමාව යන පදය මගින් චිත්‍රපටි කලාවක් ලෙස චිත්‍රපටකර්මාන්තය යන සියල්ල හැදින්විය හැක. සිනමා නිර්මාණයන් සිදු කිරීමේදි විවිධ රූප රාමු කැමරා මගින් පටිගත කිරීම් නැතහොත් සජීවිකරණ ක්‍රම භාවිතය මගින් රූප රාමු නිර්මාණය විශේෂ ප්‍රයෝග භාවිතා කිරීම සිදු කෙරේ.
චිත්‍රපටියක් හෙවත් සිනමාව ගත් කල එය තුළ ප්‍රධාන කොටස් ද්විත්යක් දැක ගත හැක. එකී කොටස් දෙක වනුයේ, චිත්‍රපට නිෂ්පාදක හා චිත්‍රපට නිෂ්පාදනය වේ.
නිෂ්පාදක යනුවෙන් හදුන්වනු ලබන පුද්ගලයා විවිධ චිත්‍රපට වල විවිධ කාර්‍යයන් ඉටු කරනු ලබයි. සමහර නිෂ්පාදකයෝ චිත්‍රපටියක් සදහා මුදල් ආයෝජනය කරන අතර ඉන්පසු එහි ඉතිරි වැඩ කටයුතු කිරීම සදහා සහායකයින් පත් කරති.
චිත්‍රපට නිෂ්පාදනය ගත් කල්හි විවිධ කථා වස්තු රැගත් චිත්‍රපට නිපදවීමේදි එකිනෙකට වෙනස් වූ යම් යම් මාර්ග ඔස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වේ. කිසියම් පුද්ගලයෙකුගේ සිතෙහි පහළ වූ කතා වස්තුවක් සටහන් වූ කඩදාසි පිටු කිහිපයක් චලන චිත්‍රපට මුසූ වූ නාට්‍ය කිහිපයක් සේ නැරඹීම දක්වා සිදු වන්නේ සංකීර්ණ ක්‍රියාවලියකි.
ඒ අනුව අද්‍යතනය වන විට ශ්‍රී ලංකා සිනමාව තුළ කැපී පෙනෙන එක් අංගයක් ලෙස කෙටි චිත්‍රපට නිර්මාණ හදුන්වාදිය හැක. එහි විවිධ දේ තේමා කොට ගෙන නිර්මාණ බිහි වී ඇත. එකී නිර්මාණ අතරින් චතුර ධනවර්ධන නම් අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කරන ලද 'COIN BOX' නම් කෙටි චිත්‍රපටිය සිත් ඇද බැද ගන්නා ඉතාමත් අපූරු චිත්‍රපටියකි. මෙම චිත්‍රපටියේ කාල සීමාව වනුයේ මිනිත්තු 06. 36 කි. මෙම චිත්‍රපටිය මානසික ගනයට අයත් වන සිනමා නිර්මාණයකි.
මෙම නිර්මාණය තුළින් චතුර ධනවර්ධන වූ අධ්‍යක්ෂකවරයා සමාජයට කියා පෑම උත්සහා දරා ඇත්තේ අද්‍යතනය වන විට කුමන හෝ කාර්‍යයක් කිරීමට මුදල් කොපමණ නම් අත්‍යවශ්‍ය ද යන්න වගය.
මෙම සිනමා නිර්මාණයෙහි අන්තර් ගත කථා වස්තුව වන්නේ, එක් පුද්ගලයෙක් ඔහුගේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට අවශ්‍ය වන සෑම මොහොතකම ඔහුට සිදු වන්නේ COIN BOX හෙවත් කාසි පෙට්ටිය තුළට රුපියල් දහයේ කාසියක් දැමීමට සිදු වීමයි. එසේ එම කාසි පෙට්ටියට මුදල් දැමූ පසූ ඔහුට කනේ පහරක කෑමට සිදු වේ. නිර්මාණයට අනුව ඔහු මුලින්ම ශීතකරණය විවෘත කිරීමට උත්සහා දරනඅවස්ථාවේ දී ඔහුට දැක ගැනීමට හැකි වන්නේ ශීතකරණය අසල ඇති මේසය මත කාසි පෙට්ටිය වේ. එය දැකපූ මුල්ම අවස්තාවේදී ඔහු බියට පත් විය. ඔහු කුමක් ද කල යුතු යන්න වග ඔහුටම සිතා ගත නොහැකි විය. කාසි පෙට්ටියට රුපියල් දහයේ කාසියක් දැමීමෙන් පසූ ඔහුට ශීතකරණය විවෘත කර ගැනීමට හැකි විය.
ඊට පසු වතුර බීමට කරාමය විවෘත කිරීමේදී ඔහුට සිදු වූයේ COIN BOX හෙවත් කාසි පෙට්ටියට රුපියල් දහයක් දැමීමටය. ඒ වගේම නිවසේ නාන කාමරෙහි දොර විවෘත කිරීමටද රුපියල් දහයක් අවශ්‍ය විය. රූපවාහිනිය නැරඹීමට සූදානම් වුණ ඔහු දුරස්ථ පාලකයෙන් රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට උත්සහා දැරුවත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. අවසානයේදී රංගන ශිල්පියාට සිදු වූයේ කාසි පෙට්ටියට රුපියල් දහයක් දමා රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමටය.
අන්තීමේදී ඔහුට තම ජීවිතය පවා එපා විය. අන්තීමේදී ඔහු තම ජීවිතය නැති කර ගැනීමට උත්සහා දරයි. ඒ සදහා ඔහු පිස්තෝලයක් භාවිතා කරයි. නමුත් එම පිස්තෝලයහි උණ්ඩ නොමැත. එම පිස්තෝලයට උණ්ඩ දැමීමට ද ඔහුට සිදු වූයේ අර කාසි පෙට්ටියට රුපියල් දහයක් දැමීමටය.
ඉහත කරුණු කාරණා අනුව පෙනී යන්නේ අද්‍යතනය ස්මාජය තුළ සුළු හෝ යම් කාර්‍යයකි කිරීමට මුදල් අත්‍යවශ්‍ය වන බවයි. තමන්ගේ නිවසෙහි ඇති බඩු භාණ්ඩ තමන්ට නිසි ආකාරයට භාවිතා කිරීමට හැකියාවක් නොමැති අතර ඒ සදහා මුදල් අත්‍යවශ්‍ය වන බව චතුර ධනවර්ධන නම් අධ්‍යක්ෂක තුමා 'COIN BOX' නම් සිනමා නිර්මාණය තුළින් පෙන්නුම් කරනු ලබයි.
H.K.S.K.Wijesundara
MAPT/19/B1/13
No comments:
Post a Comment