පටාචාරා වහන්දෑගෙ කතා වස්තුව


"කිලුටු අදහස් සේම කිලුටු කඩ හැදගෙන මිඩියන්ගෙ ලෙසට හිසකෙස් ලිහිල් කොට බැදගෙන රෑ දෙවරු වී පැහැරියා සේ ඇග මුලුල්ලෙහිම දූවිලි ගාගෙන කලයක් හැරගෙන පැනට යන කෙල්ලක මෙන් කෙල්ලන් හා එක්ව මිඩිවෙස් ගත් ලෙසට කොල්ලා සිටින තැනට ගියහ. "

සද්ධර්මයෙහි චිරස්ථිතිය උදෙසා ධර්මසේන යතිවරයාණන් විසින් දඹදෙණි සාහිත්‍ය යුගයේ රචනා කරන ලද උත්තම ධර්ම ග්‍රන්ථය සද්ධර්මරත්නාවලියට ඕනෑම සමාජයක සoස්කෘතිය,සභභ්‍යත්වය,ශිෂ්‍ටත්වය විශද වන්නේ එහි වසන පුද්ගලයන් තුලිනි .ඒ අතර කාන්තාට ලැබෙන්නේ විශේෂ ස්ථානයකි. භාරතයේ සිටම කාන්තාවට ලැබී ඇත්තේ අඩු සැලකිලි හා අඩු ගරුත්වයන්‍ ය. එම තත්ත්වය මත කාන්තාව හුදෙක් අගෞරවයට මෙන්ම නොසලකා හැරීමට පාත්‍රවූවද සමාජයක පැවැත්ම කාන්තාව තුලින් නිරෑපනය වේ. ධර්මසේන හිමියන් එම දෘශ්ටිකෝනය ඔස්සේ කාන්තාව දෙස බැලු අයුරු මෙසේ විමසා බලමු.

සීරුවට ගසක එතෙන ලතාවක් මෙන් සිහින් දිය පහරක් මෙන් කාන්තාව වූ කලී සෞම්‍ය චරිතයකි. පිරිමි සිතක් මෙන් හැඩිදැඩි රළුකම් කාන්තාවකගේ සිතේ උත්පත්තය නොලැබේ. කාන්තාවකට පිරිමි සිතක් කෙරේ ප්‍රේමය හට ගන්නේ සලුවකට ගිනි වදින තරම් ක්ෂනයෙනි. නමුත් එය නිවා දැමීමට කෙතරම් වෙහෙසක් දැරිය යුතුද.
ධර්මසේන හිමියන් විසින් සිටුදියනිය තම මෙහෙකාර ස්වාමියා සමග ජීවිත යාත්‍රවට ගොඩනැඟීමට වෙහෙසෙනා ආකාරය ඉහත චේදයෙන් විස්තර කෙරේ. තම කුලුදුල් ප්‍රේමයේ නාමයෙන් තම සියලු සිටු සැප සම්පත් අත් හරිමින් මෙහෙකාරියක මෙන් සැරසී කලයක් හැරගෙන ලිදට යාමට සැරසෙන කෙල්ලෙකු මෙන් ඇය යන්නේ සනුහරේම දුහුලි ගාමිනි.

සුහුබුල් තරුන යුවලක් පොපියන හැගීම් අර්තවත් කරමින් සිටුදියනියද තම පෙම්වතා සමග කුටුම්භ ජීවිතයට අවතීර්ණ වීමට සැරසෙන්නේ මේ අයුරිනි. ඒ සදහා ඇය ක්‍රියා කරන ආකාරය පිලිබඳ ධර්මසේන හිමි විටක උපහාසය මෙන්ම අනුකම්පාව ඉස්මතු වන ලෙස නිර්මාණය කර ඇත.

තම ජීවිතයේ විනාශමුඛයට පමුනුවා ගනිමින් ඇය ස්වාමියා, දෙදරුවන් මෙන්ම දෙමාපියන්ද අහිමි කර ගනිමින්  උතුම් බුද්ධත්වය ඉදිරියේ සෝවාන් ඵලයට පත් වන්නේ ද විනයධර භික්ෂූනීන් අතර අගතැන්පත් වන්නේද පෙර පින් බලයෙනි. සමස්ථ කාන්තාවන් කෙරෙහි අනුකම්පා දෘශ්ටිය
මුසු කරමින් කාන්තාවකගේ ප්‍රභලත්වය මෙන්ම කාන්තාවකගේ දුර්වලකම්ද ගෙන හැර දැක්වීමට ධර්මසේන හිමියන් පටාචාරා කතා වස්තුව ඔස්සේ ගෙන හැර දක්වා ඇති අයුරු මෙයින් මනාව පිලිබිඹු වේ.

තරූෂා ඩිල්ශානි උඩවෙලආරච්චි
MAPT/B1/19/23
https://images.app.goo.gl/DPYsJCYykxnGsqU78

No comments:

Post a Comment