අක් වැස්සෙන් එක් පොදක්...

I want to play   සිනමා කෘතිය වූ කලී හසන්ක දිමුතු හල්විට නම් වූ අධ්‍යක්ෂකයාණන් විසින්  නිර්මාණයේ යෙදුණු ඉතා උසස් ගණයේ නිර්මාණයකි .මෙම සිනමා නිර්මාණය ම්නිත්තු අටක් පමණ කුඩා කාලයක් තුළ අප හමුවට ගෙනහැර පෑවත් එය තුළින් හුදෙක් සිනමාවක් රස විදින්නට පමණක් සීමා නොවී එහි පරතෙරට සමාජයට විශේෂයෙන් තාරුණ්‍යයට අගනා සමාජ පණිවිඩයක් ලබා දෙන්නට සමත් වන්නා වූ කලා කෘතියක් බව නම් නොවිවාදය.
           සංගීතය වූ කලී ඉතා මනෝවිද්‍යාත්මක ,ආකර්ෂණීය ,සිත් මොහොතකට සනසාලන්නට සමත් වන්නා වූ අංගයක් බව මා නැවත නැවත සිහි කළ යුතු නොවන්නේය.සංගීතය , ආදරය , විරහව, දුක ,දරා ගැනීම ,ජිව්තයට ආදරය නිසා සිදුවන විපර්යාසය හරි අපූරුවට කැටි කොට උඩපෙළින් ඔබ්බට පරතෙරට ගොස් ච්න්තනයට බොහෝ අවකාශයක්  ලබා දෙමින්  යටිපෙළ සෑම විට නිරූපණය කරමින් පේක්ෂකයා හට නිරතුරු සිනමා කෘතියක හරය වන කුතුහලය නම් සංකල්පය මොනවාට සිත් තුළ ජනනය කරමින් සැම සිත් මොහොතකට සිනමා කෘතිය සතු කර ගැනීමට හල්විට අධ්‍යක්ෂකයාණෝ දරන වෑයම නම් සාඩම්බරය.
            තාරුණ්‍යයට ආදරය නම් සංකල්පය වූ කලී විශේෂිත වන්නේ ය.එහි දී තේරුම් ගැනීම ,ඉවසීම ,ජයග්‍රහණයට අත දීම, දරා ගැනීම,එයටම සීමා නොවීම, වූ කලී අත්‍යාවශ්‍ය වන්නේ ය.මෙහි තරුණයා තම හැකියාව වන සංගීතයට මෙන්ම තම පෙම්වතියට ද එක සේ ආදරය කරයි . එය තේරුම් නොගත් ඇය ප්‍රචණ්ඩ වී ඔහුගෙන් හැර යයි. තරුණයා දුක් සහිතව පැරණි ආදර මතකයන් දෙස එක් වරක් පමණක් ආපසු බලා තම ජීවිතය නව මුහුණුවරකින් නැවුම් ලෙස ව්ශාල විපර්යාසයකින් යුක්තව ජීවිතය ගොඩ නගා ගැනීමට තම සංගීතයම තෝරා ගනී.
             රසවින්දනයෙන් ඔබ්බට ගොස් තාරුණ්‍යය නගා සිටුවීමට කාලෝචිත  අවශ්‍යතාවක්  ඉතා ආකර්ෂණීය ලෙස නිමවා ලීමට සමත්ව ඇත.
✍️  M.A.B.E.D.M.A Bandara
       MAPT/19/B1/06

No comments:

Post a Comment