INSIGHT


චිත්‍රපටයක් නම් ප්‍රේක්ෂක සිත් ඇද බැද තබා ගත හැකි කලා මාධ්‍යයකි. කලාවේ විනාශයත් සමග බිහි වු සිනමාව සමාජයේ යම් පෙරලියක් ඇති කළ දෙයකි. රසවින්දනයක් ලබා ගැනිමට නම් නවකතා කෙටි කතා වැනි කලා අංගද පරිශිලනය කළ හැකිය. නමුත් එයට යොමු වන්නේ සිමීත ජන කොඨඨාශයක් පමණි. අතිතයේදි ලිවිම කියවිම සෑම පුද්ගලයෙකුටම කල නොහැකි දෙයකි. සිනමා කලාවේ පිබිදිමත් සමග කලාව රසවින්දනය අතර වූ දුර ප්‍රස්ථාව මිනිසා තුලින් කෙමෙන් දුරස් විය. කියවා රස විදිනවාට වඩා බලා රසවිදිමට පෙළඹුනු ජනතාව සිනමා කලාව වැලද ගනු ලැබුවේ ඉතාමත් අශාවෙනි. නව මාධ්‍යයේ නැගීමත් සමග සිනමා කලාව උත්කර්ෂවත් ලෙස මිනිසා අතරට සමීප විය. සමාජයේ පවතින යථාර්තය මෙන්ම කලා කරුවන්ගේ අදහස් ද කැටි කොට සර්ථක ලෙස සිනමා එලිදැක්විමට කලා කරුවන් සමත් විය. සිනමා කලාවේ විශිෂ්ඨ නිර්මණ අතර කෙටි චිත්‍රපට ද විශේෂ ස්ථානයක රැදේ. කෙටි චිත්‍රපටයක තිරගත වන කාලය ඉතාමත් කෙටිය. එය සුලු වේලාවක් ඇතුලත ප්‍රේක්ෂක මනසට වැඩි රස වින්දනයක් ලබා දිය හැකි උසස් නිර්මණ විය යුතුය. කෙටි වේලාවක් ඇතුලත උසස් රසවින්දනයක් ලගා කර දිය හැකි කෙටි චිත්‍රපට උසස් නිර්මණ විය යුතුය.කෙටි චිත්‍රපට කලාව තුළ නියැලෙනුයේ සිමීත කලාකරුවන් පිරිසකි. එම සිමිත පිරිස අතර කොටස්කරුවන් විමට අප විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යාර්ථයින් පිරිසකටද වාසනාව ලැබී ඇත. ඔවුන්ගේ කලඑලි මංගල්‍යයක් වන් චිත්‍රපට එලිදැක්ම පසුගිය දින කිහිපයේ petrixhor 2019 ලෙසින් එළි දැක්වුනි. එහි කෙටි චිත්‍රපට 16 ක එකතුවක් ඉතාමත් අලංකාරවත් ලෙස විකාශය විය . එහිදි චිත්‍රපටයෙන් අනතුරුව එය පිළිබදව ප්‍රේක්ෂකයින් දරන්නා වූ අදහස් ද සංවාදයකට ලක් විය. එය එම විද්‍යාර්ථයින් හට ලැබුනු මහගු අවස්ථාවකි. එම චිත්‍රපට එලිදැක්ම තුළ තිරගත වූ චිත්‍රපට 16 අතුරින් එක් චිත්‍රපටයක් මගේ අවධානය දිනා ගත්තාය. එය නමින් INSIGHT නම් විය . නුවන් තිළිණ නම් අධ්‍යක්ෂකවරයා විසින් නිරිමිත එම චිත්‍රපටය විනාඩි 18 ක කාලයක් ප්‍රේක්ෂක අවධානය සොරා ගත් අලංකාර නිර්මණයකි.ප්‍රධාන චරිතය ලෙස භික්ෂුවක් පාදක කොට ගෙන ගොඩනැගී තිබු මෙය ප්‍රේක්ෂක සිත් නිසල කල කෘතියකි. මෙය තුළ කිසිදු දෙබසක් දක්නට නොලැබුනි. ස්ංගිත සප්තස්වර යොදා ගනිමින් හැඩගැන් වූ මෙය නිහැඩියව තුළ දලු ලා වැඩුනු විශාල වෘක්ෂයක් බදුය.රූපයට ප්‍රභලත්වයක් ලබා දී තිබූ මෙහි විශාල රසයක් මෙන්ම විශාල අන්තර්ගයක් එනම් ව්‍යංගාර්ථවත් ලෙස යම් කරුණක් ප්‍රෙක්ෂක චිත්ත සන්තානයට සමීප කරවීමට සමත් විය.නිහඩ චිත්‍රපටයක් වුවද මෙහි විශාල කරුණක් අන්තර්ගතව තිබුණි. මෙහි ආරම්භයේ නිස්කලංක පරිසරයක ගල් ගුහාවක් ආශ්‍රිතව භාවනා යෝගීව සිටින භික්ෂු චරිතයක් හමු වෙයි. නිවනට ඇති හොදම මග නම් භාවනාවයි.කාලයාගේ ඇවෑමෙන් මෙම භික්ෂුව අවශ්‍ය ආහාර සපයා ගැනිමට ගම් වැසියන් අතරට පිඩු සිගා වඩී.මෙම වන අරණේ වැඩ හදන   පිළිබදව පැහැදී උන් වහන්සේට දාන මාන ආදිය දී එතැන බුදු කුටියක් තනවා භික්ෂුව හා ගම් වැසියන් අතර සම්බන්ධතා වර්ධනය කර ගනී. මෙය අතරතුර අධ්‍යක්ෂකවරයා විසින් චිත්‍රපටයට ප්‍රභල සංකේත කිහිපයක් ද යොදා ගෙන ඇත. එය යම් ලෙසකින් භික්ෂුව බිය වන ආකාරයේ සිහින ලෙස දක්වා ඇත. ඒ තුළින් අධ්‍යක්ෂකවරයා කියාපානු ලබන්නේ නිවනට පෙරමං තැනු එම භික්ෂුවගේ ගමනට ගම් වැසියන්ගෙන් බාධා සිදුවන ආකාරයයි. එය හුදෙක් බාධාවක් නොව "ගං දියෙහි ඇති ලී කැබැල්ලක් මුහුදට වැටීම නම් නිවනයි" ඒයට නොයෙක් බාධා එල්ල විය හැකිය. මෙම ලී කැබැල්ල භික්ෂුවයි. එම ලී කැබැල්ල ගං දියේ පා විමට නොදි මිනිසුන් විසින් ගොඩ ගන්නා ව්‍යංගය මෙහි අන්තර්ගතයයි. අඛණ්ඩව ලී කැබැල්ල ගං දියේ පාවී නොයයි. භික්ෂුවගේ ගමනට ගම්වැසියන් අවතිර්ණ වූවායින් පසු ඔවුන්ගේ ප්‍රශ්ණ ද භික්ෂුව ලවා විසදා ගැනිමට පෙළඹෙයි.  මෙහි ඇති ව්‍යංගාර්තවත් කරුන එයයි. සාර්ථක කෙටි චිත්‍ර පටයක් වන මෙය ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරයි.

 A.W.A.H.T Abesekara
 MAPT/19/B1/38

No comments:

Post a Comment