තරුණ හැගීමක පැතිකඩක්....
ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ විද්‍යාර් ථයන් පිරිසක් විසින් “petrichor” නමින් කෙටි විත්‍රපට උළෙලක් පසුගිය සතියේ විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරය තුළ දී ප්‍රථම වරට පැවැත්විණි.එය දින තුනක කාලයක් පැවැත් විය.තෙවන වසර ශිෂ්‍යන් තම අවසාන ව්‍යාපෘතිය ලෙස නිර්මාණය කරන ලද විත්‍රපට කිහිපයක් මෙහිදී ප්‍රදර් ශනය කරන ලදී.එහි ජාත්‍යන්තරයට යාමට පවා සුදුසු කෙටි විත්‍රපට දක්නට ලැබුණු බව පැමිණි අයගේ අදහස විය.සුගන්ධි පෙරේරා අධ්‍යක්ෂණය කරනු ලැබු “I Like You” කෙටි සිනමා චිත්‍රපටය පිළිබද අවධානය යොමු කරන කල්හි එහි යොදා ඇති මාතෘකාව රසික සිත් තුළට කුතුහලයක් එක් සමත් වනු ලබයි.
කවුරුන් කා හට දක්වන ලද කැමැත්තක් ද යන්න සිතට පුංචි කුතුහලයක් මාතෘකාව ඇසු අවස්ථාවේ ඇති වන්නට ඇත.මෙය ලිංගිකත්වයට දැඩි ලෙස ඇලුම් කරන තරුණයෙකුගේ මනෝභාවයන් පිටතට විවර කරනු ලැබු අවස්ථාවක් ලෙස හදුන්වා දීමට හැකි වේ.ඔහු රැකියාව සදහා නිවසෙන් වෙන්ව නගරයේ කුලියට පදිංචිව ජිවත් වන්නෙක් වේ.ඔහු පිළිගන්නා රැකියාවක නිරත වන්නෙක් බවට කතාව ආරම්භයේ දීම ඇද සිටින ඇදුම් වලින් ඉස්මතුව පෙනේ.තවම ඔහු සංස්කෘතික රාමුවකට කොටු වු අයෙක් බව ඔහුගේ හැසිරිමෙන් ගම්‍යමාන වන්නේ ය.ඔහුට තරුණියක් කැමැත්ත ප්‍රකාශ කරිම හා ඇය සමග සබදතාවයක් පවත්වා ගෙන යාම ඔහු කොටු වි සිටින රාමුව යටතේ විශාල වරදක් කරන අයෙක් ලෙස හැගෙන්නේ ය.
එම නිසා ඔහුගේ මනස දැඩි කැළඔිමකට පත්ව තිබේ.එය චිත්‍රපටය ආරම්භයේදීම පෙන්වා දී ඇත.තමන්ට යම්කිසි කරදරයක් වු අවස්ථාවක තමන්ට පිහිටක් පිළිසරණක් පතා තම මතකයට නැගෙන්නේ තම මෑණියන්ව වේ.මානසිකව සොයන්නේ තම මෑණියන්ගේ තුරුලේ උණුහුම වේ. මෙම චිත්‍රපටයේ තරුණයාට ද එය පොදු ධර් මතාවයක් වේ.මෙම තරුණයාට තම මවගේ කටහඩ ක්‍රියා විරහිත කරන ලද තම ජංගම දුරකථනය හරහා ගලා එන්නේ ය.මෙමගින් මෙම තරුණයා තම මවට දක්වන ලැදියාව,සෙනහස නිරෑපණය වේ.පවුලට තමන් නිසා කැළලක් වේ යැයි ඔහු තුළ බියක් හටගනෙ තිබේ.අවිවාහක තරුණයකු වන මොහු තම ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනිමට නිරුවත් කාන්තා ජායාරූප යොදා ගෙන ස්වයං වින්දනයේ යෙදෙන්නෙකි.ඔහු සතුව නිරුවත් ජායාරූප රාශියක් තිබේ.ඔහු එම ජායාරූප සියල්ල පුච්චා දමන්නට පෙළඹේන්නේ ය.
ඔහු සිතන්නේ තමන් වරදක් කරා නම් එයින් ගැලවීමට මෙන් ය.ඔහුගේ සිතේ පවතින කැළඹ්ලි ස්වභාවය ඔහුගේ ක්‍රියා කලාපයෙන් පෙන්නුම් කරයි.අවසානයේ ඔහුගේ මිතුරෙකු පැම්ණ දොරට තට්ටු කරයි. එමගින් ඔහු තව කෙනෙකු සමග සිටින බව පෙන්නුම් කරයි.නමුත් තම මිතුරා සමග මෙය ප්‍රකාශ නොකරන්නේ ලිංගිකත්වය පිළිබද කථා කිරිමට දක්වන බිය නිසා ය.එය වැරදි ක්‍රියාවක් ලෙස සමාජය පිළිගන්නා නිසා ය.මෙහි දී තාත්වික ලෙස මොහු රංගනය ඉදිරිපත් කරනු ලබයි. මෙය කලාත්මක චිත්‍රපටයක් ලෙස හැදින්වීටට හැකි ය.
MAPT/19/B1/26

No comments:
Post a Comment