Mon amour

 චිත්‍ර පටය ගැන කියන්න කලින් පොඩි දෙයක් කියන්න කැමතියි😌.අප විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ දෙපාර්තමේන්තුවේ 2014/15 අයියලා අක්කලා විසින් නිෂ්පාදනය කරන ලද කෙටි චිත්‍රපට 16 මෙහි අන්තර්ගත වේ.අත්තෙන්ම මෙය නැරබීමට මා හට හැකි වීම මහගු බාග්‍යක් විය.මා මීට පෙර කෙටි චිත්‍රපට නැරබුවද මෙවැනි කෙටි චිත්‍රපට උලෙළකට සහබාගී වී නොමැත.කෙටි චිත්‍ර පටයක් කියූ සැනින් සමහරුන් හිතන්නෙ ඒක හරි ලෙසි වැඩක් කියල."අනේ බන් ඔය පැය කාලෙ  short film හදන එක කජ්ජක් වෑ"කියල තමයි ඇත්තෙන්ම කියනව නම් මෙම චිත්‍රපටයක් සෑදීමට කෙතරම් පරිශ්‍රමයක් දරා ඇතිද බව අපට වැටහුනේ එය නරබද්දී සහ චිත්‍රපටයක් අවසානයේදී යන කතිකාවතයි.
                  කෙටි චිත්‍රපටයක් නිර්මාණය  කිරිමට  අප ජෙශ්ටයන් හට ලක්ෂයකටත් වැඩි මුදලක් වැයවී ඇති බව අපට දැනගැනීමට හැකි උනා.මා මේ චිත්‍රපටයන් තුලින් දැකපු දෙයක් නම් මෙහි හුදෙක් දක්නට ඇත්තේ සංකේතයන් වේ.මෙහි අර්තයන් බැලූ බැල්මට. නොපෙනුනද මෙහි යටි පෙල කියවීමට අපිට හාකියාවක් තිබිය යුතු වේ.ඒකට නම් මාද්‍ය සාක්ශරතාව ඔන වෙනව😒.
                    හරි ඔන්න මන් වැඩේට බහිනව. මම මේ බලපු short film වලින් එකක් ගන්නම්.   mon amour.මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ච්න්තක ඩිලංග ගම්ලත් වේ.මෙයට රංගනයෙන් දායක වූයේ මහේශ් කුමාර හා රුවන්දිනී උයනහේවා ය.මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමට වස්තු බීජය වී ඇත්තේ සරසවි ප්‍රේමයකි.සරසවි ප්‍රේමය කියද්දි අපේ සිතට දැනෙන්නේ එය මොන තරම් න්ම් සුන්දරද යන වගයි .සරසවි පෙම් කතාවන් තුල අතීත කතාවන් විශාල ලෙස ගැබ්ව ඇති පේරාදෙනි සරසවියයි. දම්මික බණ්ඩාරයන් විසින් රචිත හන්තානෙට පායන සද. සරසවි උයණ වැනි ගීතයන් රචනා වීමට හේතු වන්නේද මෙම සරසවි ප්‍රේමය යි. mon amour චිත්‍රපටය තුල ද ඇත්තේ එවන් වූ ප්‍රේමයකි.සරසවි සිසුවියක් සමග පෙමින් බැදෙන පෙම්වතෙක් තම ප්‍රේමය ආරක්ශා කර ගැනීමට යොදාගන්නා වෑයමකි.මෙම පෙම්වතාගේ සිත තුල ඇත්තේ මහගු සැකයකි තම ගෑනු ලමයා හට මෙය හිසරදයක් වෙයි.අද කාලෙ කෙල්ලෝ විස්වාස කරන එක නම් ටිකක් අමාරු වැඩක්😂 ටිකක් නෙවෙයි ගොඩක්😒 ඔහොම සැක කරද්දි කෙල්ලෝ කිය්න්නෙ ඔයාරට පවුරුශත්වයක් නෑ කියලයි ඕවා කියල කෙල්ලෝ ගහන game. අපිනෙ දන්නේ.ඉතින් මේ කොල්ලාට කෙල්ලගෙ තාත්තා කතා කරල කියනව campus  ගිහින් degree ය අරන් ලිපිකරු රස්සාවෙන් මොනව කරන්නද අද කාලෙ කියල.ඉතින් මෙ කොල්ලට දැන් ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියනව කෙල්ල යන තැන් හොයනව කෙල්ල එක්ක කතා කරන්නෙ කවුද බලනව. මාර කට්ටක් කාල දාගත්තු කෙල්ල කියල හිතනව ඇති.ඉතින් ඔහොම යද්දි කෙල්ලට මේක දරා ගැනීමට නොහැකි තත්වයක් ඇති උනා. මෙම සරසවි සිසුවිය තම සරසවියෙන් යන Batch  trip  එකට යන්නට සූදාන්ම් විය.මෙ සදහා තම පෙම්වතා ඉඩ ලබාදුන්නේ නැත.මෙයින් කෝපයට පත් වූ සිසුවිය පෙම්වතත් සමග තිබුනු සම්බන්දය නිමා කරයි.මෙයින් දැඩි ලෙස කෝපයට පෙම්වතා පෙම්වතියගේ නිවසට ගොස් සිය පෙම්වතිය මරා දමයි.😔 මෙහිදී මෙම නිශ්පාදකවරයා යම් සන්වාදයක් ගොඩ නගවනව.මෙම මැරුනු සිසුවිය හා කොල්ලා අතර කලුවර සහ ගිනි කූරූ මේ සදහා යොදාගෙන ඇත .මෙය මවා පැමක් ලෙස පෙන්ව අවසානයෙදි සිය පෙම්වතියගේ මෘත දේහය අසලට වී පෙම්වතා කල්පනාවක යෙදෙන බවකය.කෙසෙ නමුත් මෙමගින් පෙන්වා දෙනු ලබුවේ නූතනවාදය හා සාම්ප්‍රදායික බවයි මෙහි පෙම්වතා සාම්ප්‍රදායික චරිතයක් වන අතර කෙල්ල නූතනයට හැඩ ගැසුනු තරුනියකි.මෙය වර්තමානයේද දැක ගත හැකි සමාජ ගැටලුවකි නිශ්පාදක තුමන් මෙම සමාජ ගැටලුව ඉතා කෙටි කලක් තුල ප්‍රේක්ශකයට ඉදිරිපත් කරයි.මේ සදහා සරසවිය වස්තු බීජයක් කර ගැනීම අගය කර යුතුය. ඉතින් මේ film එක මගේ හිතේ හැමදාම රැදෙන බව නම් මට හොදින් විස්වාසයි. අදට නවතින්නම්. සතූතියි.
                             සටහන :- නිපුන් රාජපක්ෂ
                                                MAPT/19/B1/16

No comments:

Post a Comment