අක් වැස්සෙන් THE ROOM......

   "THE ROOM"   කෙටි චිත්‍රපටය 
                               හරහා     
         ආදරය, තරුණ සිතුවිලි හා සමාජය


                
       
                    ජීවිතය යනු අරුම පුදුම ලැබීමකි.  ඒ ලැබීමෙහි තරුණ කාලය කියන්නෙ අරුම පුදුම කාල වකවානුවකි. එය සෑම කෙනෙකුම රැඳී සිටීමට කැමති සුන්දරතම නැවතුම්පොළයි. එහෙත් එහි සුන්දරත්වය විදින්නට බොහෝ දෙනෙකුට නොහැකිය. මක් නිසාද යත් සෑම දෙයක් දෙසම සමාජයේ දෑස් යොමු වී තිබෙන නිසාවෙනි. එවන් වූ තරුණ සිතුවිලි සහ සමාජය ඒ කෙරෙහි දකින ආකාරය හා සමාජය ඒ දෙස දැකිය යුතු  ආකාරය පිළිබඳ ව අධ්‍යක්ෂ සමන් ප්‍රියනාත් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ The room කෙටි චිත්‍රපටය හරහා එළිදක්වා ඇත.
                                   
                                  අප මෙලොවට බිහි වූ දා පටන් ටිකෙන් ටික  වැඩෙනවාත් සමග තරුණ තරුණියන් වන විට අප හදවත් තුලට විවිධ සිතුවිලි, අදහස්, හැඟීම් දැනීම් දැනෙන්නට පටන් ගන්නවා. එවන් වූ අවශ්‍යතාවයන්ගෙන් ඕනෑම කෙනෙක්ට දැනෙන අශ්‍යතාවයක් ලෙස ආදරය පත්ව ඇත. ආදරය කියන්නේ ජීවිතයේ තවත් එක් අරුම පුදුම නැවතුම්පොළක්.  එය කවදා කෙසේ ඇති වූවාද කවදා කෙසේ නිමවේවිද යන බව අප කිසිවෙකුටත් කිව නොහැක. උපන්දා පටන් දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය වටිනාම ආදරය වුවත් භාහිර පුද්ගලයෙක් තම ජීවිතවලට පැමිණීමත් සමග එය තම මුලු ජීවිතයම බවට පත් කරගන්නා තරුණ සමාජයක් වර්තමානයේ බිහි වී ඇත. එවන් වූ තරුණ සමාජයක ක්‍රියා කලාපයත් ඒ දෙස අප දැකිය යුතු ආකාරයත්  පිලිබදව ප්‍රේක්ෂකයාට කියවීමට ඉඩ තබමින් පාසල් යන සිසුන් දෙදෙනෙකුගේ ආදර කතාවක් මුල් කර ගනිමින් අධ්‍යක්ෂක සමන් ප්‍රියනාත්  විසින් The room කෙටි චිත්‍රපටය එලි දක්වා ඇත.
           
      ආදරය.......
                               ආදරය කියන්නෙ කුමක් ද යන්න මා ඔබගෙන් විමසුවහොත් ඔබ එයට විවිධ වූ නිර්වචන ලබා දෙනු නිසැක ය. ඒ ආදරයෙහි අප දැකිය යුතු වෙනස්ම මානයක් පිලිබදව The room කෙටි චිත්‍රපටය හරහා අපගේ දෑස් ගෙන යයි.
       
පාසල්  යන සිසුන්.....
                               
                                  පාසල් යන සිසුන්ට ආදරය කියන්නෙ නොගැලපෙන දෙයක් ලෙස සමාජයේ විවිධ  මතයන් ගොඩ නැගී ඇත. එය අසම්මත දෙයක් වුවත් ඔවුන්ට ද හැඟීම්, ආශාවන්,කුතුහලයන්  ඇති වනවාය යන්න අප කවුරුත්  දන්නා කරුණකි.  The room කෙටි චිත්‍රපටය හරහා එන හිමාෂි සහ ඇයගේ පෙම්වතා ද එසේ පාසල් යන වයසේ අදරවන්තයෝය. ඔවුන්ගේ ආදරයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා කිසිවෙකු නැති කාමරයක්  තුල තනි වෙයි. නමුත් හිමාෂි තුල ඇත්තේ අවංක ආදර කතාවක් නොව ඇය තුල ඇත්තෙ මුදල් මත, ආශාවන් මත ගොඩ නැගුන ආදරයක්‍ ය. ඇයගේ පෙම්වතා ඇයට විවාහ වීමට යෝජනා කලද ඇය ඊට අකමැති වනුයේ ඒ නිසාවෙනි.  ඇයට අවශ්‍ය ඇගේ පියාගේ යහලුවාගෙ පුත්‍රයාව විවාහ කර ගැනීමටය. ඒ ඔහුට ඇති මිල මුදල් දේපල නිසාවෙනි. එවන් වූ මුදල් මත යැපෙන ආදර කතාවන් වර්තමාන සමාජයේ තිබේද නැද්ද යන්න සිතීමට මා ඔබට ඉඩ තබමි.
                           
                             
             එක් පසක ආදරය එසේ වුවත් සෑම ආදරක්ම එසේ නොවන බව සමන් ප්‍රියනාත් විසින් හිමාෂිගේ පෙම්වතාගේ චරිතය හරහා ගෙනහැර දක්වයි. ඔවුන් දෙදෙනා දෙමව්පියන්ට බොරු කල ගිය ගමන ගැන දෙමව්පියන් දැනගත් බව දැනගත් ඔවුන් කලබල කාරී ලෙස හසිරෙනුයේ කුමක් වෙවිද යන බියෙනි.  එමෙන්ම  සමාජය ඔවුන් දෙදෙනා දෙස කුමන ආකාරයකින් දකී විද යන බියෙනි. කුමක් සිදු වුවත් හිමාෂිගේ පෙම්වතා ඇයට විවාහ වෙමු යැයි පවසනුයේ ඔහුගේ අවංක ආදරය නිසාවෙනි.  මෙලෙස හිමාෂිගේ චරිතය හරහා මුදල් මත යැපෙන ආදරය පිලිබදවත්  ඇයගේ පෙම්වතා හරහා අවංක ආදරය පිලිබදවත්  ප්‍රේක්ෂකයාගේ හදවත් තුලට The room කෙටි චිත්‍රපටය හරහා කාවද්දා ඇත.

                                                                                                               ආදරය මෙන්ම, දැනුවත් කම නිසා හෝ  නොදැනුවත් කම නිසා හෝ දරුවන් අතින් සිදු වන වැරදි දෙස සමාජයක් ලෙස අප දැකිය යුතු ආකාරයත් දෙමව්පියන් ඒ දෙස බැලිය යුතු ආකාරය පිලිබදවත් ප්‍රේක්ෂකයාට සිතීමට  මෙම චිත්‍රපටය හරහා සියුම් ලෙස ඉඩ සලසා ඇත.  පාසල් යන ලමුන් තුල කුතුහලය කියන දෙය දැඩි සේ පවතී. හිමාෂි සහ ඇයගේ පෙම්වතා මෙවන් තත්වයකට පත්වන්නේද සමාජය නිසාවෙනි.  යහලුවන්ගේ කීමට, අනිත් අය කරනවාට තමන්ද ඒ දේවල් කිරීමට යෑම නිසාවෙන් මොවුන්ට මෙවන් තත්වයකට මුහුනදීමට සිදු වේ. හැමදේටම උදවු කල උපදෙස් දුන් මිතුරන් තමන් අසරණ වූ විට තමා ලග නොමැති නිසාවෙන් මොවුන් ගොඩක් අසරණ භාවයට පත්වෙයි. මා ඔබට කෙලින්ම පැහැදිලි කර නොදුන්නත් එයින් පෙනී යන්නෙ මොවුන් දෙදෙනාගෙ මෙම ක්‍රියාව සදහා සමාජය බොහෝ සෙයින් ඉවහල් වී ඇති බවයි. ඒ නිසාවෙන් සමාජය විසින් ම වරදට පොලඹවපු ඔවුන් දෙස සමාජයම වැරදි ලෙස බැලීම නොකළ යුතුය. ඒ දෙස නව මානයකින් බැලිය යුතු බව The room චිත්‍රපටය හරහා පෙන්වා දෙයි.

           එමෙන්ම දරුවන්ගේ මෙවන් ක්‍රියාවන්  දැනගත් පසු දෙමව්පියන් ඒ සදහා ක්‍රියා කල යුතු ආකාරය පිලිබදවද මෙම චිත්‍රපටය හරහා සිතන්නට ඉඩ සලසා ඇත.  මොවුන්  දෙදෙනාගෙ වැරදි ක්‍රියාව දැන ගත් දෙමව්පියන් ඔවුන් වෙත පැමිණෙනුයේ ඔවුන්ට බැන වැදීමට නොව ඔවුන්ව විවාහ කර දීමේ අරමුණෙනි. දෙමව්පියන් වශයෙන් සිදු කල යුත්තේ ද එයයි. දරුවන් අතින් වරදක් සිදු වූ විට එය නිවැරදි කර ඔවුන් අතින් තවත් වරදක් සිදු වන්නට ඉඩ නොතියා   කටයුතු කිරීමට දෙමව්පියන් බුද්ධිමත් විය යුතුය.
                                                                                                                      මේ ආකාරයට ප්‍රේක්ෂකයාට විවිධ පැතිකඩයන් රැසක් පිලිබදව සිතන්නට ඉඩ ප්‍රස්තාව සලසමින් නිර්මාණය වූ The room කෙටි චිත්‍රපටය අගය කල යුතු විශිෂ්ට නිර්මාණයක් ලෙස විචාරයට ලක් කල හැකිය .
                                       
                                   
                             
MAPT/19/B1/34
K.M.P.S.SURAWEERA

No comments:

Post a Comment