වැන්දඹුවකට සතුට අකැපද
"ගම්බද කුලගනකගේ පති භක්තිය සංකීර්ණ හැගීමකි. එය වූ කලී රාගය, දයාව, අනුකම්පාව, මවක වීමේ ආශාව, දරු ස්නේහය, තමාගේ අනාතභාවය පිළිබඳ හැගීම, ඇදුම් පැලදුම් වලට හා රන් අබරණ වලට ද ඇති ආශාව, ලැජ්ජාව , බිය යන ආදියෙහි සංකලනයෙන් පහල වන්නකි. වියෝ දුක පමණක් නොව තම අනාගතය ගැන සිතීමෙන් හටගත් දුක ද
නන්දාගේ සිත පෙළීය."(- ගම්පෙරළිය- 11 වන පරිච්චේදය-)
ගම්පෙරළිය විවිධ මට්ටම් වලින් රස විදිය හැකි, සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්ෂණ ගැබ්වුනු උසස් ගද්‍ය කාව්‍යයක තත්වයට සමාන කල හැක. ඉහත උපුටා දැක්වීමෙන් වික්‍රමසිංහයන් පැහැදිලි කරන්නේද එවැනිම මට්ටමකට උදාහරණ කිව හැකි අවස්ථාවකි.
කාන්තාවන් යන්න පැහැදිලි කල හැක්කේ කෙසේද? ඇත්තෙන්ම ඇගේ ජීවන ගමන රසවත්ද? එහි ඇත්තේ විදීමක් ද නැත්නම් විදවීමක් ද යන්න අවස්ථානුසාරයෙන් ජීවන ගමනේ එක් පැතිකඩකින් හෝ පැහැදිලි කිරීමට යාම ලෙහෙසි පහසු නැත.
නන්දා පියල් අමතක කර තම විවාහක ස්වාමිපුරුෂයා කර ගත්තේ ජිනදාසවයි. ඇය ඔහුට දැක්වූයේ කවිකාරයන් වර්ණනා කරන අරුම පුදුම ආලයක් නොවේ. එහෙත් ඇය තම සැමියා වන ජිනදාස ට අවංක සිතින් ආලය කලාය. ජිනදාස හදිසියේම මියයාමෙන් අනතුරුව නන්දා අන්ත අසරණ වූවාය. ඉහත උපුටාගන්නා ලද්දේද ඒ හා සම්බන්දව යෙදුනු උපුටනයකි.
ගම්බද කාන්තාවක් හැදී වැඩෙන්නේ ලාංකික පාරම්පරික සංස්කෘතිය උරුමයක් කරගන්නෙක් ලෙසය. එවැනි පරිසරයක කාන්තාවක විවාහ වීමෙන් අනතුරුව සැමියා අකාලයේ මියයෑම නම් ඇයට ලෙහෙසි පහසු අනාගතයක් උදාකර දෙන්නේ නැත. වැන්දඹු ස්ත්‍රියක් නැවත විවාහ වීම එතරම් පහසු නොවන්නේ ඒ සදහා ප්‍රමුඛවම මිනිසුන්ගේ ආකල්ප බලපාන නිසාය.
බිරිඳ ක් තම සැමියාගෙන් බලාපොරොත්තු වන සතුට අකාලයේ අහිමිවී යාම ඇය දරාගන්නේ කෙසේද? ඇදුම් පැළදුම් වලට රන් අභරණ වලට ගම්පෙරළියේ නන්දා සේම සෑම බිරිඳ ක්ම ප්‍රිය කරයි. නන්දාට නැවත පියල් විවාහ යෝජනා කර ඇය විවාහපත් වුවද සෑම කාන්තාවකට එවැනි අවස්ථා ලෙහෙසියෙන් ලැබෙන්නේ නැත. අවස්ථාවක් ලැබුනද ඔහු මෙන් ඇය වෙත තදින් ආලය කරන සැමියෙකු හමුවන්නේද නැත.
දරුවන් සහිත වැන්දඹුවක් නම් ඇයට ස්ථිර ආදායම් මාර්ගයක් හෝ තම දෙමාපිය සෙවණ හෝ නොලැබී යයි නම් ඇය තම දරුවන්ගේ මෙන්ම තමාගේද අනාගතය ආරක්ෂිත කරගන්නේ කෙසේද යන පැනය ඉබේම ඇතිවේ. කෑමට යමක් නොමැති වුවද ඇය අනිකකුටනොදැනෙන සේ හාමත් වීමට පවා පුරුදු වන්නේ බොහෝ විට අසරණ තනි වැන්දඹු ගැහ්නියකට උදව් කරන ලීලාවෙන් බොහෝ විට පැමිණෙන්නේ සල්ලාල පිරිමින් වන නිසාවෙනි.
ගම්බද වැන්දඹු කාන්තාවකට වඩා යම් සැනසීමක් නගරබද වැන්දඹු ස්ත්‍රීන් හට ලැබේ යැයි කිව හැක. එයට හේතු වන්නේ නගරබද සමාජ ක්‍රමයයි. නමුත් එවැනි සමාජවල ටද මෙවැනි අදූරදර්ශි තර්කවාදයන් නැතුවාම නොවේ. එහෙයින් කාන්තාවකට තමා කුමන පරිසරයක ජීවත් වුවද තම ජීවිතය තමාට අවැසි පරිදි සකසා පවත්වා ගැනීමට අවකාශ ඇත.
වැන්දඹු වක් වුවද ඇය සමාජයක පිලිගැනීමක් උරුම වූ මනුෂ්‍යයෙකි. විවාහයකදී නැති බව පෙනෙන්නට තිබුනද කුලවාදය පතිවත ගැන තවමත් ඇත්තේ යුහුසුළු සෙවීමකි. ඒවා නිසි පරිදි නැතිනම් විවාහය ඇයට සිහිනයකි.
ඇත්තෙන්ම කාන්තාව යනු කවුරුන්ද? තම ගෞරවය හා ශිෂ්ටත්වය වෙනුවෙන් වීදියට බට ස්ත්‍රීන් වෙත එල්ල වන්නේ ඉලක්ක සහගත ප්‍රහාරය කුමන ප්‍රහාරයක් වුවද ඒවා ශිෂ්ට සම්පන්න හා සාධාරණ විය යුතුය. සමහරුන් සිතන්නේ කාන්තාව යනු කිස්සියේ සිටිය යුත්තෙක් කියාය. නැතිනම් ඔවුන් සිතන්නේ පොළොස් මාළුවක් උයන්නට දන්නා අය පමණක් ශ්‍රී ලාංකීය කාන්තාවන් වන බවය. වැන්දඹුවක් යනු මුහුණු පහතට දමා ගමන් බිමන් යා යුතු ලෝකයෙන් සැගවී ජීවත් විය යුතු චරිතයක් කියාය.
මේවායින් ගම්‍ය වන්නේ ස්ත්‍රිය යනු සයනයක් කුස්සියත් අතර පමණක් දෝලනය වන සත්ව කොට්ඨාසය ක් බවට වන ශ්‍රී ලාංකීය ගෝත්‍රවාදී චින්තනයන් ය. පහරදිය යුත්තේ ජාතිය ආගම කුලය ලිංගිකත්වය ආදිය පදනම් කරගත් ගෝත්‍රවාදී දෘෂ්ටීන්ටය. මානව ගෞරවය කෙලසීමට එරෙහිව අප ඒකරාශි විය යුත්තේ එබැවිනි.
සටහන - කාවින්දි වීරසිංහ
MAPT/B1/19/04

No comments:
Post a Comment