2019 Petrichor කෙටි චිත්‍රපට උළෙල රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය තුළ සැප්තැම්බර් 20,21,22 දිනයන් වල 2014/2015 සිනමා හා රෑපවාහිනී තාක්ෂණවෙදී උපාධි පාඨමාලාව හැදෑරූ කණ්ඩායම මූලිකත්වයෙන් සිදුකෙරැණි. එහිදී කෙටි චිත්‍රපට 16 විකාශනය වූ අතර විවිධ තෙමාවන් යටතේ තිබුණි. ඒ අතරින් මා සිත් වසගයට ගත්තේ INSIGHT කෙටි චිත්‍රපටයයි.
INSIGHT කෙටි චිත්‍රපටය විනාඩි 18 පුරාවට තිළිණ නුවන් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් යුක්තව ප්‍රබන්ධ සිනමා වෘත්තාන්තයක් ලෙස විකාශනය විය. මෙහි සමස්තයක් වශයෙන් ගත් කළ අර්ථය නම් ලෝකොත්තර ජීවිතයක් ගත කරත් විවිධ බැදීම් වලින් ඈත් විය නොහැකි බවයි.ඉතා අර්ථාන්විතව සිනමා රසයෙන් යුක්තව කාලානුරූපව ගලා යයි.
මෙහි කතාව දිගහැරෙන ආකාරය ගත් කල ස්වාමීන්වහන්සේ නමක් ඉතා නිස්කලංක වූ නිහැඩියාවකින් යුක්ත වනාන්තරයක තිබෙන ගල් ගුහාවක වැඩ සිටියි. එමෙන්ම ටික කල් යන විට ගම් වැසියන් දාන ආදිය ගෙනත් දුනි. පසුව ස්වාමීන්වහන්සේ ගමේ දානය සදහා වඩිනු ලැබීය. නිරතුරුව භාවනාවේ යෙදෙමින් සිටින උන්වහන්සේට හිතින් පන්සලක් හදන ආකාරය පෙනෙන්නට විය. මන්ද ස්වාමීන්වහන්සේ පන්සලට ඇලී සිටින බව පෙන්නුම් කරයි. මෙහිදී ගත් කළ බැදීම් වලින් මිදීමට නොහැකි වීම ලෘකීක මෙන්ම ලොකොත්තර ජීවිතය තුලද සිදු වන බව වටහා ගත හැක . බැදීම් ජීවිතයේ ඉදිරි ගමනට බාධාකාරී වේ. සිත හා මනස පාලනයට අවනත නොවේ. බැදීම් වලින් මිදී ජීවිතයේ ඉදිරි පැතිකඩ දෙස බලාගැනීම අපද සිතට ගත යුතුය .
Manuja Bandara
Mapt/B1/19/35

No comments:
Post a Comment