සූනිිතා
මාලින්ද ලංකාපුත්ර මහතා අධ්යකෂණ කල සුනිිතා කෙටි චිත්රපටය සමාජ කතිකාවකි. මෙය මා විචාරයට තොරා ගනු ලැබුවෙ සමාජයෙ නිරන්තර සිදු වුුවත් කතා බහට ලක්කල යුතු නමුත් කතා බහට ලක් නොවන සංසිද්ධියක් නිසාවෙනි.බහුතරයක් ආදරය,රාගය,පංති විශමතාවය නිසා ආදරයට බාධා විිම වැනි සාධක ගනු ලබද්දිි මෙම අධ්යකෂකවරයා එක් චරිතයක් මගින් ඒ සියලු සමාජ කාරනා සිනමා රසිකයන්ට දිිමට උත්සාහ කිරිිම අගය කල යුතුය.
සුනිිතා චරිතය කම්කරු පංතියෙ චරිතයකි.පිරිසිදු කිරිිම් අංශයෙ සිටින කම්කරු පංතියෙ රැකියා අතරත් දුශ්කරම රැකියාව කරමින් ජිිවිතය ගැට ගසා ගැනිිමට වෙහෙසෙන චරිතයකි. එ් කථාව ඒ්කාකාරිිව ගලා ගෙන යාම සිනමා රසිකයාට කම්මැලිබවක් ගෙන දෙන නිසා මෙය නැවුම් මාවතකට යොමු කිරිිමේ දිි කරුණු කිහිපයක් බද්ධ කර ඇත. එනම් සුනිතාගෙ රෝගය,මෙම සේවකයන් බලා ගන්නා මොවුන්ගෙ සනෙහෙබර නිලධාරියා වෙන්විිම,දුශ්ඨ නිලධාරියා පැමිණිිම.තවත් පිරිසිදු කරන කාන්තාවක් රැකියාවට පැමිණිිම බාධා පොකුරකි.රසිනයාට කුතුහලයකි.සාර්- තකත්වයෙ හොදම මංපෙත නම් කුතුහලය දනවිිම බව මාගෙ මතයයි.
සුනිිතා රොගය නිසා ඇතැම් අවස්ථාවල රාජකාරිය මග හැරෙනු ඇත. එවිට මොවුන් බලා ගන්නා නිළධාරියා මැයට ඉැන වදින්නෙ ඔහුට හෙම්බිරිස්සාවක් තරම් ලෙඩක් නොහැදෙන පුද්ගලයකු ගානටය. ඉහළ සමාජය දෙස බලන්න හිරිකිතය. එම නිළධාරියා ද රජ මැදුරක කුමාරයකු නොවෙයි.සුනිිතා වගේම දුප්පත් පංතියෙ පුද්ගලයෙකි. නමුත් සුනිිතාට වඩා තරමක් ඉහළින් මොහු ඒ අහිංසක කාන්තාවට ඔහුගෙ මාන්නක්කාරකම පෙන්වයි. සමාජයෙ බොහො සේ ඇත්තෙ මෙම දෙයයි. අපි නොදකින්නෙ ද මෙයයි. ඔහුට ඇති සුලු බලතලයෙන් මෙම අහිංසක කාන්තාවට අඩත්තේට්ටම් ය.
මෙම රැකියාවට පැමිණි අනිත් තරුණිය සමග හාද විිමද මෙහි පෙන්වා දක්වන්නෙ සුනිිතා චරිතයට එරෙහි විිමකි. මා මුලින් ම අදහස් කලෙ ආදරය රාගය සියලු දෙ කැටි කොට මෙම කතාව ගොඩ නගා ඇත්තෙ මෙම කරුණ නිසාවෙනි. අලුත පැමිණි තරුණිය සමග මොහු හාද විි ඇය එක්ක හැසිරිිම සහ සුනිිතාට ඇය නිසා සිදුවන වෙනස්කම් හිතට දැනෙන විදියට ඉදිරිපත් කිරිිම ගැන මම සතුටු වෙමි.ආදර සම්බන්ධය නොමැති සිනමාව පරිප්පු නැති හෝටලය වාගෙ ය. එම තේමාව යොමු කිරිිම කලාත්මකය. තෙමාව නම් ආදරය තේමාවයි. මෙහි ඉස්මතු කර පෙන්වන්නෙ ගිලිහුණු මනුස්සකමයි. කතාව පුරා එය දක්නට ලැබෙයි.
නමුත් මෙහි අඩුපාඩුවක් විදියට මා දැක්කෙ අවසානය මිිට වඩා සුභවාදිි වුුවා නම් හොදය. සුනිිතාගෙ රැකියාව අලුත පැමිණි තරුණිය දැමුු විට ඇය සටන් කර එයට ඉඩහහර නොදිි රැකියාව කර ගෙන ගියා ය. නමුත් පසුව සුනිිතා මහ රාත්රියෙ පිරිසිදු කිරිිම් සිදු කිරිිම වැනි ක්රියා ඇයගෙ රොගය සමග ගැලපිිමක් නොමැති බව මා හට වැටහිි ගියාය. නමුත් අලුත පැමිණි නිලධාරියා සහ අලුත පැමිනි සේවිකාවගෙ ආදර සම්බන්දය රසිකයාට පෙන්විිමට එම අවස්තාව භාවිතා කලාද කියන්න මා දන්නෙ නැත. නමුත් ඊට වඩා ගැලපනෙ ක්රියාවක් එහා යෙදෙව්වා නම් සුදුසුය යන්න මාගෙ මතය යි. එසෙ වුුවා මුලදි තිබුු උනන්දුව අවසානය තෙක් රැදෙයි යන්න මාගෙ මතයයි. එහි කාලය වෙන් විි තිබුනෙ මිනි.17 තත් 45 ක් කාලසිිමාවක් තුල වුු නිසා අවසානයට අඩුපාඩු සිදු වුුවා ද යන්න ගැටලුවකි. නමුත් මෙහි රසාඤතාවයෙහි අඩුවක් නැත. අවසානයෙ සුළු තරමක් අඩුපාඩු සිදු වුුවා පමණි.
මෙයට යොදා ගත් පරිසරය,ඇදුම්,භාෂාව...සියල්ල සහිත විශිෂ්ඨ කෙටි චිත්රපටයකි.
MAPT/19/B1/03
G.P.P. HANSIKA
MEDIA ART PRODUCTION TECHNOLOGY


No comments:
Post a Comment