අනේ! මේ එලාම් එක වෙලාවටම නාද වෙනවා.මොනව කරන්නද ඉගෙන ගන්න යන්න ඕන නිසා උදෙන්නම අවදි වුණා.මුහුණ සෝදලා ඇඳුම් ඇදලා දේශන ශාලාවට ගියා.ඒත් කවුරුත් නෑ.ඒ නිසා මම පුස්තකාලෙට යන්න හිතුවා මොකද පොත් කියවන ඒක ඉදගෙන බලාගෙන ඉන්නවට වඩා හොඳයි.ඒ නිසා මම පුස්තකාලෙට ගියා.හැම තැනම තිබුණ පොත් බල බල ගියා .එක පාරටම මගේ අත පොතක් උඩ නතර වුණේ ඒ පොත කියවන්නට යැයි බල කරනවා වගේ නිසයි.
පොත අතට ගත්තා ඒත් ඒ පොත මට ලොකු වැඩී කියලත් හිතුණා .ඒ නිසාම පිටු ඉක්මනින්ම පෙරළගෙන ගියේ තව පොතක් බලනවා කියලා සිතුණ නිසා.එහෙත් එක පිටුවක තිබුණ වචන ටිකක් නිසා මගේ සිත දුරකට ගියා.සුද්දා අපේ රටට ආව නිසා අපේ ග්රාමීය ආර්ථිකය කඩා වැටිලා .ඒ නිසාම මිනිසුන් ගොඩක් කරදරවලට මුහුණ දීලා.අතීතයේ අපේ ග්රාමීය ඡනතාව රටේ තිබුණ කෙත් වතු වගා කරමින් අහිංසක සරල ලෙස ඡීවත් වෙලා ඉදලා තියෙනවා.එහෙත විදේශීය ආකුමණ නිසා ඒ හැම දේම විනාශ වි තියෙනවා යැයි ඒ අකුරු වලින් අදහස් වුණා.ඇසි පිය හෙලන්නටත් කලින් මම සුදු මිනිසුන් අපේ ග්රාමීය ආර්ථිකය විනාශ කරන ආකාරය සිහිවෙන්නට වුණා. අපේ රටේ තිබුණ කුරුදු, ගම්බිරිස් අාදි අපේ දේශීය නිෂ්පාදන ඔවුන් රැගෙන ගියා.එ් නිසාම අපේ මිනිසුන්ගේ අාර්ථිකය බිද වැටිලා ඔවුන් වහලුන් වුවා.එ් කාලෙ වුණ දේවල් නම් මට මතක් කරනකොටත් අැස් වලට කදුලු එනවා.
අතීතයේදි අපේ ගම් වල මිනිසුන් මුදල් සොයනවාට වඩා ඔවුන් භාන්ඩ සමඟ තවත් භාණ්ඩයක් හුවමාරු කරගෙන ඡීවත් වී තිබේ.නමුත් අධිරාඡ්යවාදීන් නිසා එම ක්රමය වෙනස් වී මුදල් සෙවීමට අපේ රටේ තිබු සියළුම සම්පත් ඔවුන් ගෙන තිබේ.ඒ නිසාම අපේ ගමේ ආර්ථිකය කඩා වැටී පරගැත්තන්ගෙන් යැපෙන්නන් ලෙස ඡීවත් වීමට සිදු වි ඇත.සාම්ප්රධායික මිනුම ලෙස ඡන ආදායම නම් කළද එදා වු සිදු වීම් නිසා අද වන විට එය වෙනස් වී තිබේ.ඒත් මම ඒ කියවන සෑම වචනයක් තුළින්ම සිතුවේ එදා සමාඡය වගේම අද අපේ ආර්ථිකයද විනාශ වී තියෙනවා නේද යන්නයි.අතීතයේ අපේ රට සුද්දන් අල්ල නොගත්තේනම් අපේ ආර්ථිකය මෙතරම් අවම වෙයිද?ඇයි?මට මේ සිතෙන දේ අපේ රටේ නායකයින්ට නොතේරෙන්නේ.අද අපේ රට අධිරාඡ්යවාදී නෙවෙයි.ඒත් ඇයි ආපේ ග්රාමීය ආර්ථිකය දියුණු නොවන්නේ.මට මේ ඡේදය කියවලා ඉවර කරන්නට සිතෙන්නැහැ.මන්ද ඒ තරමටම මේ ඡේදය තුළින් මට ප්රශ්ණ රාශියක් පැන නැගෙන නිසා වෙනි.
ඒත් ඒ ප්රශ්ණ සඳහා පිළිතුරු මා විසින්ම කල්පනා කළා.එදා සිටියානම් මහත්මාගාන්ධි වැනි දාර්ශණිකයන් මේ සිදුවීම් මීට වඩා වෙනස් වන්නට තිබිණ.එහෙත් එවැන්නක් සිදු වුයේ නැත.එහෙත් සිඳු වී ඇ.ත්තේ නුතන ශ්රී ලාංකා ආර්ථිකය ග්රාමීය වශයෙන් කඩා වැටීම බව මට පැහැදිලි වුණා.වර්තමානෙය්දි අපේ රටේ ආර්ථිකය පහළ මට්ටමක තියෙනවා කියලා මට මතක් වුණා.මොකද අපේ දේශීය නිෂ්පාදනයන් අදවන විට බිඳ වැටි ඇත.අපි කන සහල් වුවද පිටරටින් ගෙනෙන බව මට මතක් වුණා.ඉතිං කොහොමද?මේ සියල්ල වෙනස් කරන්නේ.අපි අපේ රටට ඕනි හැම දෙයක්ම අපිම හදාගත්තනම් අපේ ආර්ථිකයත් දියුණුවෙයි කියලා මම හිතනවා.
එකපාරටම මගේ හීන බොඳවුණා වගේ දැනුනා.මොකද පංතියට සර් ඇවිත් ඒ නිසා මට යන්න කියලා කතා කළා.ඒත් මට යන්න හිතුන්නෑ .මොකද අපේ ආර්ථිකය ගැන මට ප්රශ්ණ ගොඩක් තියෙන නිසා.ඒත් මම යන්න ඕන.මේ පොතේ නම නුතන ආර්ථික ඉතිහාසය,තිස්ස කාරියවසම් මහතාගේ රචනයක්.මේ පොත මම තිබුණ තැනින් තියල මම දේශන ශාලාවට ගියා.ඒත් මගේ ප්රශ්ණ තවම මගේ සිතේ වෙළී තිබේ.ඒවාට විසඳුම් දෙන්න කවුරුත් නෑ.
සටහන,
දිලිනි මහේෂිකා,
MAPT/19/B1/32
No comments:
Post a Comment