එන්න, අක් වැස්සෙන් තෙමුනු පොලොවේ සුවඳ විදින්න ........
අද මා මෙම ලිපිය ලිවීමේ අරමුණ වන්නේ, අපගේ ශ්‍රී ලාංකා වෘත්තීය තාක්ෂණය විශ්ව විද්‍යාලයෙහි ප්‍රථම වරට පැවත්වූ කෙටි සිනමා උලෙළ පිලිබඳව රසවත් මතක සටහනක් ඔබ හමුවේ බෙදා ගන්නටයි. ඉතින් මගේ ආදරණීය පාඨක සියලුදෙනා වෙනුවෙන් සොඳුරු මතක සටහන් කිහිපයක් ඔබගේ හදවත් තුලට එම මොහොත සජීවී මොහොතක් ලෙස ළගා කරදීමේ බලාපොරොත්තුවෙන් මෙතැන් සිට මාගේ ලිපිය ලිවීමට මම ආරම්භ කරමි.
කෙටි සිනමා 16ක් ඉතාමත් විචිත්‍ර ආකාරයෙන් ප්‍රෙක්ෂකයන් හට ඉදිරිපත් කිරීම පිලිබඳව මා මෙන්ම මගේ සහෝදර සහෝදරියන් ඉතාමත් මේ පිලිබඳව සතුටු විය.මෙම සිනමා උලෙළ මට ඉතාමත් වැදගත් මොහොතක් මෙන්ම මාගේ අනාගත සිහිනය කරා හඹා යෑමට මහත් පිටුවහලක් වූද මාගේ ජීවිතයට සොඳුරු අත්දැකීම් කිහිපයක් ද එකතු වූ මොහොතක් විය.
මෙම සිනමා උලෙළ තුළින් මාගේ හදවත වැඩි වශයෙන් ස්පර්ශ වුයේ “I WANT TO PLAY” යන කෙටි සිනමාවයි. මෙහි අද්‍යක්ශක අප විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස ඉගෙනුම ලැබූ හසන්ක දිමුතු මහතා විය. මෙම කෙටි සිනමාවට මිනිත්තු 8.55ක කාල සීමාවක් තුල ප්‍රෙක්ෂකයන් හට ඉදිරිපත් වන අතර මෙය සංගීතමය නාට්‍යයක් වශයෙන් විකාශනය වූ අපූරු කෙටි සිනමාවක් විය.
“I WANT TO PLAY” නම් කෙටි සිනමාවේ ප්‍රධාන චරිතය පණ පොවන තරුණයාගේ මුලු ජීවිතයම වන්නේ සංගීතයයි. මෙම තරුණයා මහත්සේ ආදරය කරන්නේ ද සංගීතයයි. ඔහුගේ සිහිනය ද වන්නේ සංගීතයයි. ඔහුගේ විනෝදාංශ ද වන්නේ සංගීතයයි. ඔහුගේ රැකියව ද වන්නේ සංගීතයයි. මේ තුළින් කපී පෙනෙනුයේ මෙම තරුණයා ප්‍රසිද්ධ සංගීතඣයෙකු වීමේ දැඩි අපේක්ෂාවක් සහ ආශාවක් ද ඇති බව මට බොහෝසේ මාගේ හදවතට හැගුණු එක් කාරණාවක් විය. නමුත් මෙම තරුණයාගේ සිහිනයට කාන්තාවක් විසින් ඔහුගේ සිහිනයට බාධාවක් විය. එතැන් පටන් මෙම තරුණයා සංගීතය එපා වීමේ අරමුණක් ඇති විය. ඔහුගේ හදවත වාගේ ළගින් සිටි එකම සංගීත භාණ්ඩයක් වූ ගිටාරය පවා ගගට විසි කිරීමේ අරමුණකට යාමට සිදුවූයේ ඔහුගේ පසුබැසීම් හැගීම් මූලික වීම නිසයි. මෙම තරුණයාගේ ජීවිතයේ එක් කොටසක් මූලික කර ගනිමින් හසන්ක දිමුතු නම් අද්‍යක්ශක තුමා ඉතා රසවත් කෙටි සිනමාවක් ප්‍රෙක්ෂකයන් වන අප හට ඉදිරිපත් කරයි.
ඉතින් මෙම කෙටි සිනමාව තුළින් ඔබට ද පණිවිඩයක් දීමට මා ළග ඉතිරිව ඇත. එනම් අපගේ ජීවිතයට විවිධ වූ බාධා ළගා විය. එහිදී කුමන හෝ වේ බාධාවක් වූවත් අප එයට නොබියව සටන් කල යුතු වේ. එමෙන්ම එම බාධාව අපගේ සිහිනයට ද බාධාවක් ඇති නොකර එයට සාර්ථකව විසදුම් කරා යාමට අපට හැකි වුවහොත් එය අප ලබන මහත් ජයග්‍රහණයක් යැයි මට සිතේ.
මාගේ ලිපිය කියවූ සියලුම පාඨක සැමට ස්තුතියි..........
- දිලිනි පෙරේරා


No comments:
Post a Comment