මළගිය අැත්තෝ ( එදිරිවීර සරත්චන්ද්‍ර)

" කථාවක් නම් එය පිරිපුන් රටාවකට අනුව ගොතා හමාර කල යුතුය.එහෙත් ජීවිතය වියා හමාර කර නොහැකිව එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩිවී මුල්ලකට දමන පැදුරු කෑල්ලකට සමානය.මිනිසුන් මරණය පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැමිණේ ඔවුන් දීර්ඝ කාලයක් දුක් විදිමින් ජීවත් වෙති.

ගසට පොත්ත සේ විල් දිය අාලෝකමත් කරන සද රැස් කදම්භයක් සේ ජීවිතය නැමති මහා සාගරයේ අාදරය නැමති තොටියා කිමිදීමට දරන්නේ කෙතරම් ප්‍රයන්තයක්ද එය මුතු බෙල්ලන් දහසක් විවෘත කොට එක් මුතු අැටයක් ලබා ගැනීම තරම් අපහසු කාර්යයකි.අාදරයක් ජීවිතය වෙලා ගන්නේ සළුවකට ගිනි වදින තරම් ක්ෂණයෙනි.  නමුත් එය නිවා දැමීමට කෙතරම් නම් ප්‍රයන්තයක් දැරාය යුතුද සරත්චන්ද්‍රයන් තුලද ගොඩ නැගුණු සත්‍ය හා මනඃකල්පිතය අතර පන්නරය ඔහු දෙහදක හැඟීම් පිළිසදරෙහි පාඨකයා වෙත අැති කරන්නේ අපූර්ව වූ  සිතුවමකි.

මිනිසා නානාවිධ ගුණාංගයන්ගෙන් සමන්විත වූවකි.විටෙක ධනාත්මක සිත විටෙක සෘනාත්මක විය හැකිය.අැතැම් විටෙක සාතුවිලි සිදී බිදී සුණු විසු ණු විය හැකිය.දෙවොන්දරා සං නැමති කෝඩුකාර සුපෙම්වතාගේ චරිතය විවරණය වී අැත්තේ විචල්‍ය මනසකින් ලොව දෙස බැලීමට උත්සාහ දරන පුද්ගලයකු ලෙසයි. ජීවිතය නැමති ගැඹුරු තක්සලාවේ බහෝකලක් කමටහන් කරමින සිට උපැවදි වන්නේද චෛතසිකයන් තුලින් අැතිවන ක්ලේෂයන් පාලනය කරගත නොහැකි බව පෙන්වන්නේද ඔහු විසින් කාන්තාව,සෞන්දර්ය අාදී බන්දනයන්  සමඟ
සබදකම් දක්වන්නේද ඔහු තුල අැග් සැබෑ රාගික හැඟීම් නිසා නොවන්නේද

ප්‍රකට සිත්තරයකු වන දෙවොන්දරා ජපානයට යෑම සමඟ  මොහුගේ ජීවිතය වෙනස් කළ සුපිපි සකුරා කුසුම හමුවන්නෛද මදොරි අවන්හලේදීය.නොරකෝ කෙරෙහි අැතිවූ බන්දනයක උත්පත්තිය සමඟ
ඔවුන්ගේම අාදර අන්දරයක පැටලුනද දෙවොන්දරාගේ විචල්‍ය මනස හේතුවෙන් ඔහු ජීවිතයේ ගැඹුර සොයා බැලීමට පෙලඹේ.
නොරිකෝගේ සියුම් සංවේදනා දෙවොන්දරාගේ ශරීරයේ අැට,මස් ,නහර ඔස්සේ උඩු දුවද්දී නොරිකෝගේ සමාගමෙන් අෑත් වීමට කටයුතු කරන අයුරු නොරිකෝ නැමති අව්‍යාජ පෙම්වතියගේ ග්‍රහණයෙන් මිදී මරණය ළඟා කර ගන්නේද ඔහුගේ දෙබිඩි හිතේ අැති චංචල ස්වභාවය හේතුවෙන් බව සරත්චන්ද්‍රයන් විසින් ඉහත ජේදය ඔස්සේ මනාව සපථ කර අැත.

MAPT/19/B1/36
Tharushi anjala

No comments:

Post a Comment