*THE ROOM*
සත්‍ය සිදුවීමක් පාදක කොට ගනිමින් නිර්මාණය කරන ලද the room නැමති කෙටි චිත්‍රපටය ඔස්සේ සමාඡ විවරණයට යොමු කරනු ලබන්නේ තරගකාරී ලෝකය පසුපස හඹායන අධ්‍යාපන රටාවකට හුරුකර අැති වත්මන් අධ්‍යාපනික රටාවට හිරවී සිටින තරුණ දරු පරපුර තම මානසික පීඩනයට මෙන්ම යෞවන වයසෙහි අැති අාශාවන් පසුපස හඹායමින් තම ලිංගික අාශාවන් සංතෘප්ත කර ගැනීමට දරන්නා වූ පිළිකුල් උත්සාහයකි.
මෙහි අධ්‍යක්ෂකවරයා විසින් මෙකී ප්‍රස්තුථය සපථ කර ගැනීම උදෙසා පාසල් යන වයසෙහි පසුවන සිසුන් දෙදෙනෙකු ප්‍රධාන භූමිකාවට යොදා ගනිමින් ප්‍රේක්ෂකයාගේ සිත තුල ඡනිත කිරීමට උත්සාහ ගෙන අැත්තේ යෞවන මදයෙන් කාමරාගයෙන් ප්‍රේමයේ පහස විදීමට තම දෙමාපියන්ගේ මෙන්ම තම අනාගතයද නොදන්නා අසරණයකු ලෙසින්ය.
මත්ද්‍රව, මත්පැන් ,ළමා අපචාර අාදී නොමනා ක්‍රියාකාරකම් වලට තරුණ මෙන්න ළමා පරපුර පෙලඹීමට මූලික හේතුවක් වී අැත්තේ මෙරට අැති අධ්‍යාපනික රටාවයි.දෙමාපියන්ද තම දරුවන්ව එකී තරගකාරී අධ්‍යාපන රටාවකට යොමු කිරීම හේතුවෙන් දරුවාගේ අාකල්ප සිතුම් පැතුම් ගැන තේරුම් කරගැනීමට දෙමාපියන්ට හැකියාව නොලැබේ.එමෙන්ම කට පාඩම මූලික කර ගනිමින් ගොඩනගා අැති අධ්‍යාපන රාමුව ඔස්සේ පෙර පාසලේ සිටම දරුවාව ගිරා පෝතකයෙක් කිරීමට උත්සාහ ගනියි.බාහිර ක්‍රියාකාරකම් අවම කර ගනිමින් මානසික හිංසනයනට දරුවාව ගෙන යෑම හේතුවෙන් අඩු වයසේදිම දරුවන් මෙවැනි විපත් කර ගැනීම පුදුමයට කරුණක් නොවේ.
මෙරට දෙස බලන විට අවසාන වශයෙන් කිව හැක්කේ සංස්කෘතික වශයෙන් පටහැනි වුවද Living together සංකල්පය කාලෝචිත වන අතර එමගින් වර්තමානයේ මුහුණ දෙන ළමා අපචාර ,කාන්තා හිංසන ,දික්කසාද නඩු අාදී බොහෝ සිදුවීම් මැඩ පවත්වා ගත හැකි බව මාගේ අදහසයි
MAPT/19/B1/36
Tharushi anjala
No comments:
Post a Comment