සැනසෙන්නට පෙර උපදින සෙනහස


"ගත්කතුවරයානන්ගේ මඩොල් දූව ගැන
තබනෙමි අදහසක් සිත ගිය වදන් දැනගෙන
මව නති කල දරුවට උරුම ගෙන සටහනක් තබමි මා මෙලෙස කරුණු හෙල"
        
     හෙලයේ මහා ගත්කතුවරයානන් විසින් රචිත ග්‍රන්ථයන් අතර නිර්මාණ හාස්‍යය ගද්‍ය ලේඛනයේ නිපුණත්වය කුටප්ත වන්නාවූ ප්‍රමුඛතම සාහිත්‍යය සංග්‍රහයක් ලෙස මඩොල් දුව හැදින්විය හැකිය. මඩොල් දුවට වස්ත්‍ර වන්නේ ග්‍රන්තකරයා පසක් කර ගත් ගැමි ජිවිතයයි. මෙම නිර්මාණකරුවා විසින් ඔහු නොදුටු විරු කල්පනික ලොවක් නොව තමාගේ සුන්දර ගැමි ජිවිතයයි.ගැමි දරුවන්ගේ හාස්‍ය උපහසය සිනහව වේදනව දුක යන කරුණු රස නගිමින් මෙම කතාව විහිදේ.මෙම කතිකාවතේ කතා වස්තුව වන්නා වු මඩොල් දුව නිර්මාණයට පසුබිම් වන්නාවූ රමණීය ඉසව්ව කල්පන්තික ස්ථානයක් නොව සැබැ මඩොල් දුව බව නිසකය.
මෙම කතාවේ නයකයා වන්නාවූ උපලි කුඩා වියේදි තම මැණියන්ගේ සෙනහස නොලද තනි වන්නාවූ දරුවෙකි.

"කලකට පසු තාත්තා කුඩම්මා සමඟ තවත් නැදැයින් පිරිවරා අශ්ව කරත්තයෙන් ගෙදරට පැමිණියේය."

"අම්මා කුඩම්මාට වඩා වෙනස් බව කුඩාකලම මට වැටහුණේ අම්මාගෙන් ලැබු ආදර සැලකි උන්දාගෙන් නොලැබුණු නිසාය."
        
     මව් සෙනහස නොලද කුඩාවියේදිම මැණියන් වෙනුවට කුඩම්මාගේ කෙලහෙලිකම් විදින්නට වු උපාලි නම් චරිතය මඩොල් දුව කතිකාවත පුරා ගලා යයි. මවගේ වියෝවේ සොසුසුම් වියකෙන්නට පෙර උපාලිගේ පියා තම අලුත ගෙනා මනමාලි සමග අශ්ව කරත්තයෙන් එන අයුරු බලා සිටින්නට ඇත්තේ සියදහසක් බලාපොරොත්තු අතතිවය.
       
     අම්මා නැති අපට අන් කාගේ සරණක්ද යන්න තහවුරු කරමින් අතීත සමාජයේ මෙන්ම නුතන සමාජයේද නොයෙක් සිදුවීම් සිදුවේ. අම්මා නැති කුඩා දරුවාට සිදු වන්නේ,කුඩම්මා  සමග ජිවත් වීමටය.
          
     මව් සෙනහස නොලත් කුඩා දරුවා තම මැණියන්ගේ සෙනහස කුඩම්මාගේන් ලබාගන්නට තැත් කරද එය නිශ්පල ක්‍රියාවකි. තම කුසින් වදනා දරුවට මෙන්ම වෙනත් ගැහැණියකගේ දරුවටද මවක් වීමට හැකි උතුම් කාන්තාවක් සිටින සමාජයක් එදා මෙන්ම අදද නොමැතිය. ඉන්දියානු සාහිත්‍යානුකුලව ක්‍රිශ්ණා දෙවියන්ගේ වැදු මව මෙන්ම හැදු මවද සිටියද එවැනි මවවරුන් කතාන්දර වලට පමණක් සිමා වු චරිතාංග නිලියන් බවට පත් වේ.
          
     දින,සති,මාස ගනන් ගෙවෙමින් උපාලිගේ දගකාරකම් වර්ධනය වූයේ මව් සෙනහස නොමැතිව කුඩම්මාගේ කෙලහෙලිකම් විදදැරිමට සිදුවු නිසාය.
        
     සාම්ප්‍රදායික  සාමාජයේ එන්නා වු නපුරු කුඩම්මා  කෙනෙකු නොවුවද ඔ තොමෝ  ලේ කිරි කරදුන් අම්මා  තරම්  සෙනෙහෙවන්තියක් නොවු බව නොවනුමනය.තම මැණියන්ගේ වියෝවෙන් පසු අශ්ව කරත්තයෙන් බැස ආ සින්ඩරෙල්ලාවක් නම් සුරදුතිකාවක් ලෙස උපලි ඔහුගෙ කුඩම්මා  දක්නට ඇත. කුඩා වියේහි සිටම සෙනෙහස නොලද නිසා දගකරකම් මෙන්ම අද්‍යාපනයේ මංමුළා වු චරිතයක්  ලෙස උපලි දැක ගත හැකිය. කුඩම්මා  වෙනුවට තම මැණියන් ජිවත්ව සිටියනම් උපාලි  මඩොල් දූවට නොයනු බව නිසකය.මෙය නුතන සමජයටද ඉවහල් වන්න වු  කරුණකි. මව් පිය සෙනෙහස නොලද  විට කිරි කලයක් මෙන් පිවිතුරු දරුවකු වුවද වැරදි මාර්ගයේ ගමන් කිරිමට ඉණිමං බැදිය යුතු නැත.
       
     මඩොල්  දුවේ උපලි වැනි චරිත කෙතරම් සමජය තුල දක්නට ඇතිද , මා පිය සෙනෙහස නොමෙතිව සුරදුතියක්ව අහසෙහි  තාරකවක් වී බබළන අම්මාගේ චායව සොය හඩන දරුවන් කෙතරම් ඇතිද? සියලු දරුවන්ට වෙනසක් නොපෙන්වා කුඩම්මා වචනයෙන්  මිදී  අම්මා කෙනෙකු  විමට හැකිනම් අශ්ව කරත්තයෙන්  බසිනා සුරදුතිකාවකට තවත් ජිවිතයක් සුන්දර කල හැකිය.



M.M.G.මදාරා.
MAPT/19/B1/11

No comments:

Post a Comment