ජීවිතය විදින්නට මිස විදවන්න නොවේ


මේ කතාව ඔබ මම කවුරුත් අසා ඇති. පුංචි දෙයක් කර එයින් සතුටක් ලැබීමට ඔබට මට කාටත් හැකියාව තිබේ. වර්තමානයේ මුදල්ම පමනක් වූ ජීවිතය තුල සතුට යනු කුමක් ද යැයි බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇත. අතීතයේ මිනිසුන් පුංචිම පුංචි දෙයකින් සතුට සොයන්න පුරුදු වී සිටි බව මම අසා ඇත. ඒ අතර සරල දෙයක් දෙස සියුම්ව බලා ජීවිතය හරි අපූරුවට දුටුව පුද්ගලයෙක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ඉදිරියෙන්ම සිනිනේය.
               " අගල් නමයක් පමණ දිග පොල්පිති කෑල්ලකින් තනාගත් හරකාගේ නැහැය විද නාස් ලණුවක් දමා තවත් ලණු දෙපටකින් ඇදගෙන යෑමෙන් මා ලද ප්‍රීතිය, රටින් ගෙන්වනු ලබන දුවන, පනින,කැරකෙන සෙල්ලම් අසුන්,ඇතුන්,හරකුන් සුලභ මෙකල හද්ද පිටිසර දරුවකුට වුවද නොලැබිය හැකිය."
                        ප්ලාස්ටික් ලෝකයෙහි පවතින බව නොරහසකි. නමුත් ඉහත උපන් දා කෘතියේ ඇති උද්ධෘතය තුලින් ගම්බද දරුවකු විසින් තනාගන්නා එම සෙල්ලම් බඩුව තුල ඔවුන්ගේ සතුට ඇති බව මනාව පැහැදිලි වේ. මාටින් වික්‍රමසිංහගේ කුඩා අවදිය තුල දී ඔහු ඔහු තුලින්ම ජීවිතය විදින්නට උත්සහ දරා ඇත.එවන් අවස්තා බොහෝමයක් මෙම කෘතිය තුලින් උපුටා දැක්විය හැක. සරලව සිතන පතන පුද්ගලයන් තුලින් පුංචිම දෙයක්දී පවා නොවැටී සිටිමින් ජීවිතයේ තවත් ලස්සන පැත්තක් දැකීමට අවස්තාවක් හිමි වේ.
                        
                      "ඉරටු කෑලි එක්කොට නූලෙන් බැදීමෙන් මා සෑදූ කරත්තයේ රෝද සූරිය ගෙඩි හතරකි. අලවංගු දෙක ඉරටු කෑලි දෙක කි.මේ සූරිය ගෙඩි රෝද කරත්තය සෑදීමෙන් මා මෙන් හැම ගැමි ළමයෙක් සන්තෝෂයක් ලැබීය."
   මන්ද විරාජමාන වන්නේ ඉත පොඩි දෙයකින් පවා ඉතා සන්තෘප්තියක් ලැබීමට ඔවුන් දැරූ උත්සහයකි.
                     එවන් සමාජයක අතීතයක් ඇති අපි වර්තමානය වන විට මිල මුදල් පසුපස හබා යන නිසාවෙන් ජිවිතේ සතුට දුරස් කරගෙන ඇතැයි විටෙක මට සිතේ. උදේම නැගිටින ගැහැනුන් මිනිසුන් හනි හනිකට තම රස්සාව සොයා දුවනෙ විදින්න තිබෙන ජීවිතය බිල්ලට තබමිනි.. යම් විටෙක මන් අසා ඇති වදනක් ඇත..." වැඩ ඇරී වැඩට යති ගැහැනුන්" මේ එයයි.
මෙමගින් කිය වෙන්නෙ බැදීම් වලින් තෙරපෙන ස්ත්‍රීන්ගේ ජීවිත කතාවයි. 
           ඉහත උපන් දා කෘතිය කියවන්නකු තුල ජීවිතයට ලබා ගත හැකි දෑ බොහෝය.කාර්මීකරනය වූ ලෝකෙක ස්භාව සෞන්දර්ය අගයමින් ජීවිතය විදිමු.. සරලව ජීවත් වෙමු. ලැබෙන දෙයින් සැනසෙමු. කාලය ඉතා ආදරනීය ලෙස ආදරනීයයන් සමග විදිමු.
                 R.M.B.M.Rathnayaka.
                             

No comments:

Post a Comment