අවිහිංසාවාදය රැක ගනිමු. වනරොද රැක ගනිමු...




  අපේ ගම කෘතියෙන් දකුණු පළාතේ වසය කල දරුවෙකුගේ තම සිතුම් පැතුම් වස්තු කොට ගෙන වූවකි. අපේ ගම යන කථාංගනය ගැමි සහිත වු ගමෙහි ජීව ලක්ණ සහිත දරුවෙකුගේ සිතුම් සිත්තම් කරුණු කොට ගෙන එයින් ගුණ දොස් කිවීමට, අද මා ඔබ වෙත මෙම ලිපිය අපගේ පාඨක සැම දෙනාටම මා ආදරයෙන් ඔබ හමුවේ ඉදිරිපත් කරයි.
  “අහිංසාවාදය ඉගැන්නුව ද, කුඩා ළමයි, දඩයක්කාරයන් මැරෑ සතුන්, කපා කොටා මස් කරනු දැකීමට ආශා ඇත්තෝ ය. ගොයම් කෑමට ආ වල් ඌරකු මරන ගම්බද දඩයක්කාරයා, ඌ කඩමංඩියක් අසලට ගෙන ගොස්, මස් කොට ගොඩවල් ගසා විකුණායි. ගම්බද දඩයක්කාරයකු මැරූ ඌරකු මස් කරනු ඇසූ විගස, එහි ගොස් ලේ ගද සහ පිළිකුල ද ඉවසාගෙන බලා සිටීම, අනෙක් කුඩා දරුවන්ට පමණක් නොව මට ද ප්‍රීතියක් විය.”
  මිනිසුන් වනපෙත පමණක් අහිංසාවාදය පතුරුවා ක්‍රියාවෙන් එහි විරුද්ධ දෙය කරයි. වර්තමාන මිනිසුන්ගේ ඇතැම් ක්‍රියා අහිංසාවාදයට පටහැනිය. බාල පරම්පරාවට වැඩිහිටි පරම්පරාව ව්සින් ගුණ ධර්ම උගන්වා ක්‍රියාවෙන් ආදර්ශ සපයනුයේ ඊට විරුද්ධවය. බාල පරම්පරාව වැරදි ආදර්ශ ගැනීමේ පළමු පියවර එයයි.

  දරුවෙකුගේ පාසල් කාලයේ තුලදීම අහිංසාවාදය ගැන ගුරුවරුන් තම දරුවන්ගේ මනසට කාවද්දයි. එහිදී තම ගහ කොළට මෙන්ම තම සතා සිව්පාවන්ට ද පණ මෙන් ආදරය කිරීමට අපට උගන්වායි. නමුත් ගුරුවරුන් දුන් එවැනි ඔවදන් අපගේ පාසල් ජීවිත කාලයට පමණක් එය සීමා විය.
  ආදී කාලයේ සිට අපගේ මීමුතුන් පරිසරය රැක ගත්තේ තම පණ මෙන්ය. නමුත් වර්තමාන වන විට ඉතා කනගාටුදායක පුවත් අසන්නට හා දක්නට වර්තමාන මිනිසාට සිදු විය. එසේ වීමට මූලික වූයේ ද  මිනිසාය. මිනිසුන්ගේ නූගත් ඇතැම් ක්‍රියා නිසා වර්තමාන වන විට අප පරිසරය විනාශ වෙමින් පවතී. මේ නිසා ගහ කොළට මෙන්ම වන සතුන්ගේ ජීවිත වලට ද තර්ජනයක් වර්තමාන වන විට උදා වී ඇත.
  වර්තමාන මිනිසුන්ගේ ආත්මාර්ථකාමී හැගීම් පසුපස හඹා යෑම නිසා තමන්ගේ අවට පරිසරය ගැන ද කිසිදු සැලකීමක් නොමැතිව කටයුතු කරන මිනිසුන් කණ්ඩායමක් දක්නට ඇත.
  මේ මිහිපිට ඇති ස්වාභාවික පරිසරයේ අසිරිය අනාගත පරපුරටත් අප දායාද කල යුතු නෙවේද. ඔබත් මමත් ඒ වෙනුවෙන් කැප වී සිටිය යුතුය. අප ලෝකය ලස්සන කරන සත්ව ප්‍රජාව අප ආරක්ශා කල යුතුය. ස්වභාව සෞන්දර්යාත්මක වින්දනය හරි ලෙස විදීමට අපි එකතු වෙමු.

                   - දිලිනි පෙරේරා -

No comments:

Post a Comment