ශ්‍රී ලාංකික තරුණයෙකු වන දෙවොන්දරා සං හා ජපන් ජාතික තරුණියක වන නොරිකෝ සං අතර ඇති වන ආදර අන්දරයක දිගහැරුමක් ලෙස එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මලගිය ඇත්තෝ නවකතාව දැක්විය හැකිය.මොවුන් දෙදෙනා සංස්කෘතින් දෙකක වුවද දෛවෝපගත ආදරයෙන් බැදෙයි.එම ආදරය අපූර්ව ආකාරයෙන් පාඨකයන් ඉදිරියේ දිග හැරීමට සරච්චන්ද්‍රයන් උත්සාහ දරා ඇත.ආදර වෘතාන්තයක් වන මෙහි ආදරය පමණක්ම නොව ජපන් සමාජයෙන් එක් කොට ගත් විව්ධ අත්දැකීම් රාශියක් ගැබ්ව ඇත. එම අත්දැකීම් සමුදාය අතර එක් පරිච්ඡේදයක් තුලින් ජපානය කැලබු යුද්ධය පිලිබඳව සටහන් වෙයි .අාදරය පදනම් කර ගත් කතා පුවත තුල යුද්ධය පිලිබඳව සටහන් කල පරිච්ඡේදය තුළ මා මදක් නැවතුණෙමි.
යුද්ධය නම් බිහිසුණු අත්දැකීම තුළ ජනයා බිය වන ආකාරයත් ,ඔවුන්ගේ සිත් තුළ ඒ පිළිබඳව ඇති අප්‍රසාදයත් ඉන් ගම්‍යමාන වේ.ඒ පිලිබඳව කියවීමේදී මාගේ සිත තුල ද ලංකාවේ පැවති බිහිසුණු යුද්ධය පිලිබඳව සිහියට නැගෙයි .එයද ලාංකික ජනයා සලිත කල අප්‍රිය අත්දැකීමකි."මලගිය අත්තෝ" හි හමුවන චරිත තුළින් ද යුද්ධය පිලිබඳව ශෝකී මතක අවුලන පුද්ගලයන් හමුවෙයි .එම බිහිසුණු මතක පිලිබඳව මෙහි එන නොරිකෝ ආවර්ජනය කරන ආකාරය පහත ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි .
"හය මාසයක් තිස්සේ රෑයි දවාලුයි නැතුව ඒ හඩ ඇහුනම අපි පොලොව යටට දුවපු හැටි,යොත්සුයා වල තිබුණු තාත්තගේ ගෙවල් පහම පිලිස්සුනා.අපේ ගෙදර උඩට ගිනි බෝම්බ වැටුනා."
මේ යුද්ධය පිලිබඳව ජපන් පුරවැසියන් තුල වූ බිය හා අප්‍රසාදයයි.සරච්චන්ද්‍රයන් මෙම ප්‍රකාශයෙන් දැනවීමට උත්සාහ කරන්නේ නොරිකෝගේ අත්දැකීම් පමණක් නොව සමස්ථ ජපන් සමාජයේම අත්දැකීම් ය.එපමණක් නොව යුද්ධයෙන් ඇති වූ ජීවිත හානි පිලිබඳ රචනා කිරීමේ දී පාඨක සිත් සංවේදී භාවයෙන් පිරවීමට ද සරච්චන්ද්‍රයන් අමතක කර නැත.
"ඒ දවස් වල හතරමං හන්දි වල මළ කුනු ගොඩගහලා ඔක්කොම එක ගොඩේ වැටිලා මැරෙනවා ."
මා කියවූ නවකතාවේ ,මා තෝරාගත් පරිච්ඡේදය තුළ මා සිත මෙන්ම පාඨක සිත්ද ඉහත කියමන මගින් කම්පනයට පත් වේ.ජපන් වැසියන් එකල විදි අවාසනාවන්ත දිවි පෙවත මා හට වටහා ගැනීමට හැකි වූයේ, අප රටේ ද එවැනිම බිහිසුණු යුද්ධයකින් ලබා ගත් අත්දැකීම් නිසාය .මෙම පරිච්ඡේදය නිසා මගේ මතකය නැවත දශක 3ක් ආපස්සට දිව ගියා ය.
මෙම දොම්නස් සහගත සිදුවීම් සමුදායන් නිර්ව්‍යාජව නවකතාව තුළ ට මුසු කිරීමට මෙන්ම සජීවී භාෂාවක් භාවිත කිරීම තුළින් එය පාඨක සිතට සමීප කරවීමට ද සරච්චන්ද්‍රයන් ගත් ප්‍රයත්නය සාර්ථක බව මට හැගේ.එසේම මා සිත නතර වූ මෙම පරිච්ඡේදය තුළ එම දොම්නස් සහගත හැගීම් නොඅඩුව ගැබ්ව ඇත.
H.K.S.K විජේසුන්දර
MAPT / 19 / B1 / 13
No comments:
Post a Comment