"නැත ලොව අන් රසදුනා ප්‍රේමය සේ සුව දෙනා"
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ තෙලිතුඩින් නිමවුණු සුවිශේෂී නවකතාවක් ලෙස සැලකිය හැක්කේ මළගිය ඇත්තෝ නවකතවයි.කතාවේ බාහිරව විග්‍රහ කරන දේ අබිබවා අභ්‍යන්තරිකව කරනු ලබන විග්‍රහය සාරගර්භය තුළ නොරිකෝ දෙවෙන්දරෝ අතර ලියලන ප්‍රේමය යථාර්ථවාදීව මේ නවකතාව තුළ ඉදිරිපත් කර තිබේ.මළගිය ඇත්තෝ නවකතාවේ මූලික තේමාව වන්නේ ප්‍රේමයයි. සමස්ථ කතා සන්දර්භය තුළ ගොඩනැගෙන පරිකල්පනය සංෂිප්ත කර බැලූ විට එය සාඩ්ම්බර ගෙතුමකි.මිනිස් සිතට ප්‍රේමය තරම් උත්තුන්ග සිතුවිල්ලක් නොමැති තරම්ය.ජීවිතයේ මිහිර අත් විදීමටත් මානව ජීවිතයේ හැගුමන් කියවීමටත් ඊට මහගු බලයක් ඇත.
ප්‍රේමයත් එකී ප්‍රේමයේම නිශේධාත්මක පැතිකඩ වන විරහව අඩු වැඩි වශයෙන් සංකලනය කරමින් එක්තරා ශෝකී රිද්මයකට හද රාව ප්‍රතිරාව නංවමින් සරච්චන්ද්‍රයන් මේ නවකතව අපූර්වත්වයෙන් පෙළගස්වයි. දෙවෙන්දරෝ සං නොරිකෝ සං ප්‍රේමය විවාහයෙන් තොරව කෙලවර වන විරහ ගීය මළගිය ඇත්තෝ කියවීමයි. එකී කියවීම තුළ හමාර කළ කතාවට වඩා හමාර නොකල ජීවිතයේ පත්ඉරු ලේකකයාගේ විමසුමට ලක් වෙයි. ළමා කාල,තරුණ කල රාගයෙන් මිදී වීතරාගී සුවයක් පැතූ දෙවෙන්දරෝ සං උපැවිදි ලාංකීය චිත්‍ර ශිල්පියෙකි. අසංතෘප්තිකර සංවේදී මනසකින් හෙබි සිත්තරුවෙකි. ඔහු ජපානයට යන්නේ වැඩිදුර චිත්‍ර ශිල්පය හැදෑරීමට වුවත් කතාව දිග හැරෙන්නේ ඔහුගේ ජීවිතය සිත්තම් කල නොරිකෝ සංගේ හමුව හා ගොඩනැගෙන ප්‍රේමය තුළයි.
මළගිය ඇත්තෝ නවකතව තුළ ඉතා රමණීයව ප්‍රේමය විග්‍රහ කර තිබේ. සමස්ථ කතා සන්දර්භය පුරවටම ප්‍රේමය කේන්ද්‍ර කොටගත් අයුරක් දැකිය හැකිය. දෙවෙන්දරෝ නොරිකෝ ප්‍රේමය දළුලන්නේ අචින්ත වූ නිර්මල ආශ්වාදයත් සමගයි.
" එදා නොරිකෝ කහ පාටට හුරු කිමෝනාවක් ඇද සිටි බවක් මට මතකය.ඈ ලස්සන තරුණියක් ය යි එවෙලෙහි මට හැගුනේ නැත. එහෙත් ඇගේ කිසියම් සීදේවි පෙනුමක් තිබුණු බව මට හැගුණි. ඇගේ තොල්වල සායම් ගා තිබුණේ නැත. උඩු අතට පීරා තිබූ ඇගෙ කොණ්ඩෙ ඉන තෙක් පිටි පසට වැටුණි. සාමාන්‍ය ජපන් ස්ත්‍රියකට නැති මේ කේශ කල්‍යාණය ඇගේ විශේෂ අංගයක් බව මට වහා පෙනුණි.ඈ තම කුඩා දෑස මා වෙත හෙළා, අවංක සිනාවක් පහල කලාය.අප සියලු දෙනා සමග කතා බහ කරමින්,විහිළු තහළු දොඩමින් එක් එක්කෙනා ඉල්ලූ බීම වර්ග සාදමින්, රටකජු ආදිය සමග ඔවුන් ඉදිරියේ ඒවා තබමින් ඈ ඉතා හුරුබුහුටි ලෙස සිය කටයුතු ඉටු කලා ය. ඒ අවන් හලෙහි වැඩ කිරීමට ඈ හැරුණු විට තවත් ස්ත්‍රියක් ද සිටියාය. නොරිකෝගේ දෑස හා නහය කුඩා විය. එහෙත් අනිත් ස්ත්‍රියගේ පෙනුම හාත් පසින්ම වෙනස් වීය. උස් නහයකින හා ලොකු ඇස් දෙකකින්ම ද යුතු වූ ඇය යුරෝපා ස්ත්‍රියකට සමාන වුවාය."
සිත්තරා සොඳුරු යුවතියක් දැක මනසින් ගොඩනගන සිත්තම අපූරුය. නිර්මාණශීලි නවකතාකරුවෙකු ලෙස කලාකරුවෙකුගේ සිත ඇදි හදවත ස්පර්ශ කරන රූ රටාව සරච්චන්ද්‍රයන් දක්වන්නේ ඉතා අපූර්ව ලෙසිනි. සුරූපී සකුරා මලක් බදු නෙරිකෝගේ කතා බහ, ඇගේ කිමෝනා, ආගන්තුක සත්කාර දෙවෙන්දරෝ හට ජීවිතයේ සෞන්දර්ය කියාපායි. ඔවුන්ගේ ප්‍රේමය සැබෑ විරාගී හැගුම් පුබුදුවයි. සංවේදී කලාකරුවගේ සංවේදී හදවත තුළ ගැගෙනා සකුරා මල් පිපෙන ජපානයේ මිනිස්කම හා ගුණ සුවඳ හමුවන සුපිපි සකුරා කිසුම නොරිකෝ පාඨකයා තුළ සිත්තම් කලේ ලේකකයා මෙවන් අපූර්වත්වයෙනි. නොරිකෝගේ සරල බව පහල මධ්‍යම පාන්තික බව මෙනම විඩාබර නිවාලන ආදරයේ සිසිලස හා බැදි නිධන්ගත ප්‍රේමාන්විත බව ඈ පිළිබඳ මවන වාග් චිත්‍රයෙන් ඔපවත් වේ.
ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි පාරිශූද්ධයි ආදී වූ සියුම් සංවේදනා ඔහුගේ ප්‍රේමය මෝරවයි. එය වඩාත් තීව්‍ර වන්නේ කබුකි නර්ත,සකුරා මල් ප්‍රේමයට අංකිත සපයද්දීය. කලාකරුවගේ හදවත අප්සරා රුවක් දුටු කල්හි සලිත වනවාට වඩා වේගයෙන් නොරිකෝ දැක පොපියමින් මෝදු වෙයි. මේසේ ඔහුගේ සිතේ සිත්තම් වන්නේ මිදොරිය හැඩ කල සොඳුරු ජපන් තරුණිය ගැන හටගන්නා වූ සොඳුරු බන්ධනයක උත්පත්තිය නොවෙද? මේ තරුණිය සත්තකින්ම ඔහුගේ සිත අන්ද මන්ද කළා නොවෙද? ඔවුනොවුන්ගේ ජීවිතවලට සේන්දු වූ ප්‍රේමයේ සුන්දරත්වය මෙවැනි සිදුවීම් රාශියක් තුළින් ඔවුන් අත් විදි බව මළගිය ඇත්තෝ නවකතව තුළින් පිළිබිඹු වේ.
K.M.I දියතිලක
MAPT/19/B1/33
No comments:
Post a Comment