...අයිතිය ප්‍රෙමයක් කර ගත් මිනිසුන් ද,ප්‍රෙමය අයිතියක් කර ගත් මිනිසුන් ද ,අයිතියට පමනක් ප්‍රෙම කරන මිනිසුන් ද,ප්‍රෙමයට පමනක් අයිතිය කියන මිනිසුන් ද., ප්‍රෙමයක් නොමැතිව අයිතිය කියන මිනිසුන් ද අතර...
මිනිස් ජිවිතය අපුර්ව විවිධාකාර ලෙස සංවාදයට ,කතිකාවට පත් වෙති.සතුට,ප්‍රෙමය,විරහව ,වෙදනව වැනි මිනිස් ජිවිතයෙ අවස්තා අපුර්ව ලෙස සාහිත්‍යාංග මාර්ගයේන් නිරුපනය කෙරෙති .එ අතරට එන නවකතා නම් සහිත්‍යාංගය තුලින් මිනිස් ,හැගීම් මනාව නිරුපනය කෙරෙති .මහාචාර්ය
එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් නිර්මිත "මලගිය අත්තෝ" තුල මිනිස් ජිවිතයෙ දුක සතුට අඩු වැඩියෙන් නිරුපනය කෙරෙති .මිනිසා ජිවිතයට මුහුණ පනාකාරය සරච්චන්ද්‍රයන් මෙ තුලින් ප්‍රෙමය නමැති මූල බීජය කතාව තුල වපුරමින් කතාව කෙමින් කෙමින් වර්ධනය වෙත උච්ච අවස්ථාව වෙතට රැගෙන යයි.
"කතාවක් නම් පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කල හැකි ය.එහෙත් ජිවිතය වියා හමාර කල නොහැකි ,එතැනින් මෙතැන් එල්ලෙන පත් ඉරුවලින් හැඩි වු මුල්ලකට දමා තිබෙන පැදුරු කැල්ලකට සමානය.මිනිසුන් මරණයට පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැම්නේ ,ඔවුන් දීර්ඝ කාලයක් දුක් විදමින් ජීවත් වෙති"
ප්‍රේමය .......
ප්‍රේමය යන්නෙ අරුත කුමක්ද ? එකිනෙකා අතර ඇතිවන්නා වු ලෙංගතුකම ,කැමැත්ත ,ආදරය වන්නේද .... සමාජයක් තුලින් එක් විශෙශ්ෂ අයකු ගැන විශෙශයෙන්ම සොයා බැලිම ප්‍රේමය ද?
මෙහි එන දෝවොන්දරාසං හා නොරිකොසං අසිමාන්තිකව හදවතින් ප්‍රේමය කරන්නෝ ය.නමුත් ඔවුන්ගේ ප්‍රෙමය මුදුන්පත් කර ගැනිමට මරණය තෙක්ම ඔවුන්ට අවස්ථාව නොලැබේ.
ඔවුන්ගේ ප්‍රේමය ගිනිපෙත්තට රැගෙන යාමට ඔවුන් එකිනෙකාගේ සමාජ පසුබිම ,සංස්කෘතිය බෙහෙවින් ඔවුන්ට වැට කඩුලු බදී. නොරිකො ජපන් තරුනියකි.ඇය තම සමාජ සංස්කෘතිය දමා වෙන රටකට යාමට කැමති නොවේ.ඇය දෙවවොන්දරා තම රටෙ තබ ගැනිමට වෙර දරති ගැහනුන් එසෙය...ප්‍රේමය දෙදරා යන්නෙ මෙකි සමාජ පසුබිම මතය.
දෙවවොන්දරා තම රටට ගොස් නොරිකො ගෙන්ව ගැනිමටනොයෙක් පියවර ගනිති..හදහන් පවා පිරික්ස කරති.මෙ උත්සාහය තුලින් ඔහු තුල පවත්න සැබෑ ප්‍රේමය ගම්‍ය නොවන්නෙ ද..ඇත්තෙන්ම වර්තමානය සමාජය තුල ද මෙකි කාරනාව මනාව ගැලපේ.මන්ද තවද පවතින්නේ එකිනෙකා තෙරුම් නොගන්නා සමාජ වටපිටාවකි.
" මරණ පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැම්නේ ,ඔවුන් දීර්ඝ කාලයක් දුක් විදමින් ජීවත් වෙති "
ජිවිතයෙ සැබැ අර්ථය සැබැ ස්වරුපය මෙය නොවේදා? සැමද සැම තප්පරෙම ගෙවන්නෙ දුකම නොවෙද ,ප්‍රේ උදෙසා දුකම වැලද ගත්තො කොතෙකුත් සිටිත්ද ,ප්‍රේමය මිනිසා මුලා කරන විජ්ජාවක් ද, නැතහොත් සැබැවක්ද , නොරිකො මුවින් නොපැවසුවද ,සිත තුල බොහො විශාල වු ආදරයක් දෙවවොන්දරා වෙනුවෙන් ඈ සිත තුල දලු ලා වර්ධනය වෙති. බුර බුරා නැගෙති.දෙවවොන්දරා ද තම රටට ගියද නොරිකො ගැන සිහි කිරිමට අමතක නොකරයි .ඇය පුටුවල වාඩි විමට අකමැති බවත් බිම වාඩි විමට බොහො ප්‍රිය කරන් බවත් ඔහුට සිහිපත් විය.එසෙ සමිප සිදුවිම් නිතර මතකෙට නැගෙන්නෙ සිත තුල පවත්නා ලෙන්ගතුකම නිසා නොවේද. එක් විමට නොහැකි තැන සියලු පෙම්වතුන් දෙතැනක සිට එක් ලොවක තනි අතරමං වේ..එ ඔවුන්ගෙ ලොවයි.දෙතැනක සිට කාලය කොතරම් ගෙව්නත් පවත්නා ප්‍රේමය අඩුවක් නොවේ. පසෙකලා තිබෙන පැදුරු කැබැල්ල මගින් ජිවිතය එයට සමාන කිරීම මගින් අනිත්‍යතාව සිහි වෙද..
නිතර මුනගැහි කරනා ආලකම් වලට වඩා මෙලෙස දුරින් හිද කරන ආලයෙහි අගය අඩු නොවෙ..අගය බාල නොවෙ.දුරස් විමක් නොමැත ඔවුන් ඔවුන්ගෙ ලොව තුල නිතර හමු වි දෝඩමලු වෙති.ප්‍රේමය ඇතුව සහ නැතුව බැරි අංගයක් වන්නෙ එ නිසමය.
ප්‍රේමය දුක සතුට දෙකම සම වු ගංගාවක් තරනය කරන්නක් මෙනි.සම සේ ඉදිරියට යා යුතු ය. ..
MAPT /19/B1/18
H.A.Dissanayaka ✍️
No comments:
Post a Comment