මහ මුහුදටත්, කඳුවැටිවලටත් අතර පහතරට තැනිතලා ප‍්‍රදේශයක පිහිටි ගමකි බැද්දේගම. ඒ අවටින් වූයේ ඝන කැලෑවකි. මෙසේ කැලෑවට බැද්දට මැදි ව පිහිටි හෙයින් ඒ ගමට බැද්දේගම යන නම ඉබේම ඇති වූවකි. මහ මුහුදක් සේ පෙනුණු ගම වටා පිහිටි වන රොද නිසා ඈත උතුරෙන් වූ කඳුවැටි උස් වූ පඳුරු බිතක සිරිය ඉඳුරා පළ කළේ ය. උණුසුම් වාතය, දුුවිලි ද වියළී පොඩි වී ගිය දඬුපත් ද පිසගෙන ආ වනගඳ ගම පුරා පැතිර ගියේ ය.’’
නවකතාකරුවා ඉතා අපූරු වර්ණනයක නිරත වෙමින් බැද්දේගම පිළිබඳ අප සිත්හි චිත්තරූප මැවීමට සමත් ව ඇත. එබඳු පරිසරයක පහිටිි බැදේදග්මට අධිරාජ්‍යවාදි පාලනයේ හස්තය කෙසේ දිගු වී ද,එකී හස්තය දිගු වූ පහළ ම පාලන ඒකකය ලෙස සැලකෙන මුලාදෑනි පැළැන්තිය කෙසේ ක‍්‍රියාත්මක වී ද? යන කරුණු ඉතා ගැඹුරු ලෙස විග‍්‍රහ කිරීමට නවකතාකරුවා අවස්ථාව සලසා ගනියි.
බැදේදග්ම නවකතාකරුවාගේ පරමාර්ථය වූයේ අධිරාජ්‍යවාදි පාලන ක‍්‍රමය ගමට ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් ගමක විනාශය සිදු වූ ආකාරය විග‍්‍රහ කිරීමයි. ඒ සඳහා සුදුසුු කතාපුවතක් තෝරා ගැනීම නවකතාවේ සාර්ථකත්වයට හේතු වී ඇත.
බැදේදග්ම යථාර්ථවාදී නවකතාවකි. ජීවිත විවරණය අභිපේ‍්‍රත කර ගෙන සම්පාදනය කෙරෙන නවකතාවේ මූලික ලක්ෂණයක් වන යථාර්ථ නිරූපණය යන්නෙන් අදහස් වනුයේ මිනිස් ජීවිත යථාර්ථය සත්‍ය ලෙස අව්‍යාජ ව නිරූපණය කිරීමයි.
මෙයින් අදහස් වනුයේ ජීවිතය ඇති සැටියෙන් ම හෙවත් තාත්වික ව නිරූපණය කිරීමට වඩා මිනිස් ජීවිතයේ යථා අර්ථය හෙවත් නියම අර්ථය නිරූපණය කිරීම ය.

මනුජ බණ්ඩාර
MAPT/19/B1/35
No comments:
Post a Comment