.....Coin box...

.....Coin box...

                වැඩවසම් ආර්ථික රටාව  බිද වැටිමත් සමග ධනවාදී  ආර්ථික රටාව ගොඩනැගිම ආරම්භ වී ඇත. මේ නිසා මිනිසා භාණ්ඩ හුවමාරුවෙ සිට මුදල් භාවිතය දක්වා විකාශය වී ඇත.මුදල මිනිස් ජීවිතය ගිලගෙන මිනිස්  ජීවිතය හසුරවන මාධ්‍යයක් බවට පත් වී ඇත. එය මැනවින් පිළිබිබු  වන කෙටි චිත්‍රපටයක් ලෙස "චතුර ධනවර්දන" මහතා ගේ "coin box" චිත්‍රපටය හැදින්විය හැකිය.

මුදල් යනු ධනවත්කමේ සංකේතයයි. තත්කාලින සමාජයේ සියලු දේ රැදී පවතී ඇත්තේ මුදල් මතය. මිනිසුන් එකට එක්කාසු වී සිටීමට හේතුව ද මුදල් ය. මිනිසෙක් ඇති වීම සදහා ද, නැති වීම සදහා ද මුදල් හේතු වෙයි.භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේදී මුදල්  යන්න වැදගත් ම සාධකයයි. ලොව පුරා සමාජ ශරීරය පුරාම පැතිරි පවත්නා මුදල් රෑස් කර ගැනීමේ දී මිනිසා විසින් ක්‍රමවේද රාශියක් භාවිත කරයි. මේ සියල්ල කැටි කොට දක්වන්නේ නම් යහපත් අයහපත් හා නීත්යානුකූල හා නීති විරෝධි ඉපයීම් ලෙස හදුන්වා දිය හැකිය. මේ ආකාරය ට නීති විරෝධි ලෙස උපයන මුදල් "කළු සල්ලි "  ලෙස ප්‍රකට වී ඇත.සමාජය වෙනස් වීමත් සමග මෙම නීති විරෝධි මුදල් ජාත්‍යන්තර ප්‍රශ්නයක් වී ඇත. මෙම චිත්‍රපටයේ ද මිනිසාට එල්ල වන කනේ පහර මගින් ද සංකේතවත්  කරනුයේ ඉහත කී දැයි.

ඔහු මුදල් ඉපයූ ආකාරය පිළිබද සාමාජිය ආකල්පයත්, සාධාරණ නොවන ලෙස මුදල් ඉපයූ බවත් මොනවට ගම්ය  වෙයි.
කෙතරම් දුර‍ට මුදල් විසින් පුද්ගලයාව ඈද බැද තබා ගෙන ඇත්දැයි කියතොත් මෙහි එන තරුණයා ගේ පෞද්ගලික කාරණාවන් ඉටු කර ගැනිම සදහා ද ඔහු හට මුදල් අත්යවශ්‍ය සාධකයක්  වී ඇති බව අධ්‍යක්ෂකවරයා මනාව පිලිබිබු කර ඇත. මෙහි එන තරුණයා මුදල් ඉපයූ ආකාරය සාධාරණ නොවන බවත් වක්‍රෝප්තිය හා සම්බන්ද කොට ගෙන අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රේක්ෂණය කර ඇත. 

මෙහි එන තරුණයාට සමාජයෙන් එල්ල වන දෝෂාරෝපනය දරා ගත නොහැකිවද, තම සිත තුල ඇති වන දෝමනස්සය නිසාවෙන් ද ඔහුට තම ජීවිතය      පිළිබද ව කලකිරීමක් ඇති වෙයි. එය ස්වභාවික මනුස්ස ගතියකි.ධනවාදී ආර්ථික ක්‍රමය තුල තම මරණය ද මුදල මත සිදු කිරීමට ඔහු සිදු වෙයි.
මිනිසාගේ ජීවිත යාත්රාව ගොඩනැගීමට‍ ද එය කඩා වැටිමටද මුදල ප්‍රබල සාධකයක් වූ බව ප්‍රේක්ෂකයා වෙත දැනවීම සදහා අධ්‍යක්ෂකවරයා ගත් උත්සහය අති සාර්ථක ය.

මෙම චිත්‍රපටය මගින් අවබෝධ කර ගත හැක්කේ මිල මුදලින් එදිනෙදා  ජීවිතය ගැට ගසා ගනු ලැබුව ද එයින් මිනිස් ජීවිතය පරිපුර්ණ කිරීම හෝ තෘප්තිමත් කිරීමට මුදල පාදක නොවන බවයි. කෙසේ වෙතත් ජිවත්වීම සදහා මුදල් අවශ්‍ය වුවත් මුදල් යනු ජීවිතය ම නොවන බව අප තරයේ මතක තබා ගත යුතුය.
                                     
                                                M.M.P.Hansini
                                                MAPT/19/B1/12

No comments:

Post a Comment